සාම්ප්‍රදායික ජපන් සෞන්දර්යවේදයේ අතිශය ප්‍රමුඛ සංකල්පයක් "යූගෙන්" (Yugen ) යනුවෙන් හැඳින්වේ.මේ වදනෙහි වාච්‍යයෙන් පැවැසෙන්නේ අඳුරු,ගැඹුරු,නොපැහැදිලි හෝ අබිරහස් යනආදි අරුත් ය.එහෙත් යූගෙන් යනු මේ ව්‍යවහාර අර්ථ ඉක්මවන සූක්ෂ්ම ස්වභාවයකින් යුක්ත වේ.ජපන් කාව්‍යයේ දීත්,නෝ නාට්‍ය සම්ප්‍රදායයේ දීත් ඒවායේ සූක්ෂ්ම භාවයට පාදක වන එක් උත්තර ස්වභාවයක් වන්නේ යූගෙන් සංකල්පය යි.මහාචාර්ය සරච්චන්ද්‍රයෝ මේ සෞන්දර්ය ධර්මතාව මෙරට පාඨකයාට පළමු ව හඳුන්වා දුන් ප්‍රාඥයා වෙති.එතුමා යූගෙන් යන්න ධ්වනි නැතහොත් රස සංකල්පයට ඉතා සමීප යැ යි පැවැසුව ද,ධ්වනි විග්‍රහයට නොහසු වන ස්වභාවයක් මෙකී මූලධර්මයෙහි පවතී.
ශබ්ද දෙකකින් යුත් යූගෙන් යන වදන,"යූ" සහ "ජෙන්" වශයෙන් බෙදා දැක්විය හැකි ය.මේ ශබ්ද දෙකෙහි අර්ථය ආචාර්ය ඩී.ටී.සුසුzකි සිය Zen and Haiku නම් නිබන්ධනයෙහි දී පහදනුයේ "cloudy impenetrability" යනු විසිනි.ඒ අනුව යූගෙන් වනාහි ගැඹුර නොදැක්ක හැකි සේ වැසීගිය බව ගම්‍ය කරන චින්තාවක් ලෙස ද වටහාගනු කවර වරද ද?
සියුමු කලාවන් සතු ව ඒවායේ ආභ්‍යන්තරික ස්වභාවය විසින් අපේක්ෂිත අබිරහසක් ඇත.ඒවාට ම අනන්‍ය රිද්මයක් ඇත.ඒ ආධ්‍යාත්මික රිද්මය ජපන් බසින් "ම්යෝ" හෙවත් "මිආඕ" ලෙස හැඳින්වෙයි.අප යූගෙන් ලෙස වටහාගත යුත්තේ ද එය ය.අවබෝධයට දුෂ්කර,අප්‍රකට ,බුද්ධි විෂයක ගණනයන්ට ඔබ්බෙහි වූ තත්ත්වයක් යූගෙන් මඟින් ඇඟැවේ.ශ්‍රේෂ්ඨ කලාකෘති ඇසුරේ යූගෙන් ප්‍රකාශ වන අතර,එය යථාර්ථයේ,විශ්වයේ රහස වෙත යොමුවූවක් බව ද පැවැසේ.මෙකී සෞන්දර්ය සංකල්පයෙන් අපේක්ෂිත ගුප්ත භාවය වචන ශක්තියෙන් ප්‍රකාශ කළ නොහේ.සැබෑ සුන්දරත්වය යනු වදන් ස්වල්පයකින් හෝ පින්සල් පහර කිහිපයකින් විදාරණය වීමට ඉඩහැරීමකි.වචන සමූහයේ බලපෑමෙන් මිදී, ස්වල්ප වූ වදන් ඇසුරු කොට ආභ්‍යන්තරික හැඟීම් හා සංවේදනා ඇවිළැවීම යූගෙන්හි අපේක්ෂාව යි.මීට නිදසුන් ලෙස අපි මේ සම්භාව්‍ය ජපන් හඉකු නිමැවුම් තුන උපුටා දක්වමු.
මුහුද අඳුරු වෙයි;
වන පාත්තයන් ගේ හඬවල්
මඳ සුදු පැහැති ය
(The sea darkens ;
The voices of the wild - ducks
Are faintly white )
ගන මීදුමෙහි
ඔරුව හා කන්ද අතර
කිම ඒ කෑගැසුම ?
(In the dense mist
What is being shouted
Between hill and boat ?)
තුලිකාවා:
තනි ව පතිත විය හඬ උගෙ
ඉතිරි නොකොට කිසිවක්
(The skylark :
Its voice alone fell
Leaving nothing behind )
මේ හයිකු කවි නිශ්චිත අර්ථකථනයකට හසු නො වන බව ඔබට වැටැහෙනු නිසැක ය .යූගෙන් ගුප්ත ස්වභාවය වෙත යොමු වන දොරටු මේ නිමැවුම් ඇසුරේ වෙයි.ජපන් සෞන්දර්යවේදියකු හා රංගවේදියකු වූ "සෙමි මොතොකියො" යූගෙන් වෙත ද්වාර විවෘත කරගනු රිසි රසිකයන් යොමු විය යුතු ආශ්චර්යයන් මෙ සේ හැඳින්වී ය.
මලින් වැසුණු ගිරක් පිටුපස
රිවි කිරණ නැරැඹුමට,
යළිදු ඒමට නොසිතා
මහ වනෙහි මංමුළා වී
ඈත දූපත් පිටුපසින්
අතුරුදන් වන
මුහුදු ඔරු දැක්මට..
බෂෝ කවියා පැවැසුවේ හයිකු කවක් ලිවීමට අඩි තුනක් උසැති දරුවකු සෑහෙන බව යි.මෙලෙස ඔහු ඇඟැවූයේ කුඩා ළමයකු තුළ ඇති වන විස්මයාවහ හැඟීමට සමාන හැඟීමක් හයිකු කවියෙන් උද්වහනය වන බව යි..විමතිය,අබිරහස්‍ය භාවය හයිකුවෙහි ආත්ම ලක්ෂණ වෙයි.හයිකු යනු එය විඳින්නා ගේ නිසල සිත් දියතලය මතට විසිකැරෙන සිඟිති ගල්කැටයක් වැන්නැ යි ඇලන් වොට්ස් ප්‍රඥයා The way of Zen නම් කෘතිය මඟින් පවසයි .මේ වූකලි ජපන් නො වන රසිකයා වටහාගත යුතු අත්‍යවශ්‍ය කරුණකැ යි ද හෙතෙම අවධාරණය කරයි.ගල්කැටය පතිත වීමෙන් දිය මත සිහිනි රැලිති නැඟෙන්නාක් මෙන්,හයිකු අප මනැසේ දහසක් සංඝටන (associations ) උපදවයි.
මෙහි නිදසුන් ලෙස දැක්වූ හයිකු නිමැවුම් ද අර්ථකථනය නොකළ හැකි මුත්,අප සිත් තුළ සහස් රැලිති නංවයි.හයිකු කවියට හිමි, ඊට ම අනන්‍ය අබිරහසට හේතු වනුයේ යූගෙන් සංකල්පය බව මේ අනුව වටහාගත හැකි වනු ඇතැ යි සිතමි.
සිංහල නිදහස් කවියට මෙතෙක් අවිෂය විණැ යි හැඟෙන වස්තුවිෂයයක් සහිත ව මවිසින් නිමැවුණු කවියක් පිළිබඳ සටහනක් මෙවර ඉදිරිපත් කරනු රිසියෙමි . ඒ, එකී නිමැවුම ඔ
කාව්‍යයේ දී චිත්තරූප ( imagery ) යනු කවියා ගේ පෞද්ගලික අදහස් ,අර්ථකථන,නිගමන,ප්‍රකාශ යනආදි සියල්ල මැඬ නැගෙන සංඥා සමූහයකි.කවියන් මෙකී චිත්තරූප හෙවත් ඉන්ද්‍රී
අතිශය ඌන සමාජ සම්බන්ධතා සහිත නොදියුණු ලෝකයක් කරා ආපසු යෑම සුදුසු යැ යි ප්‍රමුඛ දේශපාලන දාර්ශනිකයකු වූ රූසෝ නිර්දේශ කෙළේ ය.ඒ 18 වැනි සියවසේ ප්‍රංශයේ පැවැ
ලොව උස ම භූමිභාගය වන කත්මණ්ඩු මිටියාවතේ සංචාරයක නියැළී, මීටර පන් දහස ඉක්ම වූ තැන පැතිර පැවැති අනන්තාපරිමාණ නිශ්ශබ්දතාව හා අබිරහස අත්විඳි නිරෝධ නම් හිම
ජපානයේ මූල කාව්‍ය මාර්ගය වූ වකා හෙවත් ටන්කා සම්ප්‍රදායයෙන් අනතුරු ව, 13 වැනි සියවසේ දී එක් වෙසෙස් කාව්‍ය විලාසයක් පෙරමුණට පැමිණියේ ය.හෙයිඅන් යුගය ( 794 - 1191)
අවරදිග ලෝකයේ පවා මහත් අවධානයට පාත්‍ර වූ ජපන් කිවියර ’’ර්යෝකන් තයිගු’’ (1758 - 1837 ) ස්වභාව ලෝකයේ නිසග සුන්දරත්වය හා මුසු ව විසූ හුදෙකලා සෙන් තපස්වී කෙනෙක් වි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හයිකු අබිරහස හා යූගෙන්