හයිකු කවියේ පහළ වීමට වසර දහසකට පමණ පෙර,හත් වැනි සියවසෙහි පමණ ජපානයේ "වකා" නමැති මූල කාව්‍ය විලාසයට පසුබිම සැකැසිණි.වකා යන්නෙහි "ව" ශබ්දයෙන් ජපන් යන්න ප්‍රකාශ වේ."කා" යන්නෙන් කවිය නැතහොත් song යන අරුත ගෙනදෙයි.වකා කවිය හඳුන්වනු පිණිස පසු කලෙක බහුල ව ව්‍යවහාර වූයේ "ටන්කා" යන්නයි.එවදන කෙටි කවිය (short poem ) යන අරුත දෙයි.
ජපන් අධිරාජයන් හා විද්වද් රාජසභිකයන් ගේ වෙසෙස් අවධානයට හේතු වූ වකා කවිය ප්‍රේමය ,සොම්නස ,දුක බිය,ශෝකය හා සබැඳි සංවේදනා දැනැවීම සඳහා භාවිත විය.ප්‍රකෘතියට විවෘත වීමෙන් ලබන වින්දනය ප්‍රකාශ කිරීම, වකා කවියට අදාළ මුල් යුගයේ ප්‍රයත්නයන් ඇසුරේ පවා දක්නට ලැබිණි .කවි 4516 කින් යුත් "මන්‍යෝෂු" නම් ඓතිහාසික ජපන් කාව්‍යාවලියෙහි එන එබඳු නිමැවුමකි මේ.
" මහා සමුදුරේ
දූපත් නො ම වේ
නැඟෙන තරග මත
සයුරු තැනිබිමේ
සුසුදු වලාකුළු "
මෙයින් සියවස් 15 කට පමණ පෙර දිවි ගෙවූ කවියකු ගේ මේ නිමැවුම,අති සරල පැබැඳුමකැ යි යමකුට සිතිය හැකි මුත් ,මෙබඳු කවියක් බිහි වීමට පිටුදුන් සංකෘතික අවකාශය බෙහෙවින් පුළුල් ය.ජපන් අධ්‍යාත්මයේ පැවැති ප්‍රකෘති ලෝකය කෙරෙහි වූ ළැදි බව "කි නො ත්සුරායුකි" නම් අතීත කවියා ගේ එක් වකා කවකින් මෙසේ ඇඟැවේ.
"පැතිර යන මීදුම් සමඟ
තුරු කැකුළු ඉදිමෙයි වසත් කල මුලදි ම
තෙත් හිම පෙති වැටෙයි,
මගෙ මල් හිඟ ගම් පෙදෙසෙහි පවා
වැටුණු මල් වැතිර ඇති මෙලහකට"
නරා (710 - 784) හෙයිඅන් ( 794 -1185 ) වැනි යුගයන්හි රාජ සභිකයන් වංශාධිපතීන් අතර වකා කාව්‍ය රචනය කෙරේ වෙසෙස් උද්‍යෝගයක් පැවැතිණි.බලාධිකාරයේ අනුග්‍රහයෙන් වකා කාව්‍ය තරග පැවැත්විණි.මාලිගයේ සේවාවෙහි යෙදුණවුන් ගේ පෙම් සබඳතාවන්හි දී පවා රහසිගත සන්නිවේදනය පිණිස වකා කවි භාවිත විය.බැතිමත්හු දෙවි දේවතාවනට සිය අයැදුම් වකා කවි මඟින් පළකළහ.ෆුජිවරා නො මිචිසනේ ( 845 - 903 )නම් විද්වද් කවියා ගේ එබඳු එක් කවක් මෙ සේ ය. වන්දනා ගමන හදිසියේ සිදු වූ හෙයින්,සේද පටි කොඩි ගෙන ඒමට නොහැකි වූ කවියා,දෙවියන් හට රත් පැහැති මේපල් පත්‍ර පිළිගන්වයි.
" සේද පටි කොඩි ගෙන නො ආවෙමි
ඔබට පුද දෙනු පිණිස දෙවිඳුනි,
එවෙනුවට පිළිගනු මැනැව අද
ගෙත්තමක් සේ සියුමු පිවිතුරු
තෙමුකෙ කන්දේ රත් මොමිජි පත් "
ෆුෂිමි අධිරාජයා ( ක්‍රි.ව. 1300 පමණ )හට සේවා කළ " ච්කාකෝ "නම් කිවිඳිය ගේ මෙබඳු නිමැවුමක් ,හයිකු වැනි අනාගත සූක්ෂ්ම කාව්‍ය මාර්ගයක පෙරමඟ සලකුණු පහළ කිරීමට සමත් වූ හ යි නොකිය හැකි ද ?
"නිම්නයේ අඳුරෙහි
ඕක් ළැහැබේ ගින්න දෙන දුම්
පෙනෙයි උකු කළු පැහැයෙන්,
ඝණ්ටා නදකි ගුළු ඇඳිරෙහි
ගිරි පහළ පෙත්මඟ දෙසින් "
මෙහි එන නිම්නයේ අඳුර,ඕක් ළැහැබේ ගින්න,උකු කළු පැහැය,ඝණ්ටා නද යන ඉඟිකාරකයන් එළැඹෙන විපතක පෙරනිමිති පළකරයි.වදන් ස්වල්පයකින් ,පේළි පහකින් සිය අත්විඳීම චිත්තරූපික ලෙස දැනැවීමට වකා කවීහු පෙළැඹුණහ.මෙකී කාව්‍ය ආකාරය කොටස් දෙකකින් යුතුයි .මුල් පේළි තුන මූලික අත්දැකීම පිළිබඳ දැනැවුමකි.අනතුරු ව එන පේළි යුගළය,කවියාගේ අත්විඳීම හා බැඳෙන අර්ථ පාර්ශ්වය තීව්‍ර ලෙස ඇඟැවීම සඳහා ය.
ජපානයේ අද්විතීය සෙන් චින්තකයකු වූ දෝගෙන් ආචාර්යතුමා ද වකා කවියෙක් විය.ක්‍රි.ව.1200 ඉපිද 53 වසක් දිවිගෙවූ ඔහු ගේ කවි සියලු ධර්මයන් ගේ අල්පකාලික බව චිත්තරූපික ලෙස අඟවයි.
"කඳු මුදුන් නැඟෙමින්
ගැඹුරු වන කල නිම්න
සැන්දෑ රැහැයි නාදය
දිනට නියමිත ගැයුම
ගෙවී ගොස් ඇත මේ වන විට ද "
මහත් කඳු මුදුන් හා පුළුල් නිම්න භූමි සන්ධ්‍යා ආලෝකයට මුහුණ දෙයි.රැහැයි නද ගෙවී ගොස් අවසන් ය.සියල්ලෙහි ක්ෂණ නියාමය මින් ඇඟැවේ.වකා කවිය සොබාදහම වෙත ඇරුණ ද,යම් භූමිදර්ශනයක් වර්ණනා කිරීමේ මඟට නො වැටෙයි.ස්වභාවයේ අංග ප්‍රත්‍යංග, කවියේ සංඥාකාරක ලෙස භාවිත කිරීමේ අත්‍යවශ්‍ය භාවය අතීත ජපන් කවීහු දැන සිටියහ.නරා යුගයේ වර්ධනීය තත්ත්වයක පැවැති වකා කවිය,එකල ප්‍රචලිත ව තිබූ "චෝකා" වැනි දිගින් වැඩි කාව්‍ය විලාස ඉක්මවා අධිරාජයන් ගේ පවා ප්‍රියජනක විෂයයක් බවට පත් විය.පළමු ව යම් අවස්ථාවක්,සිද්ධියක් ,මනෝභාවයක් අනුස්මරණයක් හෝ අන් යමකින් ආරම්භ වී,එහි කූටප්‍රාප්තිය දක්වා ඒකීය ස්වරූපයකින් විකාසනය වන වකා කවිය,අතීතයේ සිට මේ වන තුරු ද ජපන් දේශයේ සාහිත්‍යයික පරිසරයෙන් බැහැර නො වී පවතී.බටහිර හා ඇමරිකාව වැනි රටවල කවීහු ද මේ කවි මඟ වටහාගනිමින් නිර්මාණ කරණයෙහි යෙදෙති.වකා යනු සියවස් 15ක් ගෙවී ගිය ද තව ද ජීවමාන කාව්‍ය විශේෂයකි.ඔවුහු වර්තමාන අත්විඳීම් ටන්කා ආකෘයෙහි ලා කාව්‍යෝචිත ලෙස පළකරන අවස්ථා දැක්ක හැකිය.ඒවා ජපන් රාජකීය වකා කවියේ විෂය ප්‍රදේශයෙන් බැහැර ව දෛනික ජීවන විධිය හසු කරගනී.මේ ඉංග්‍රීසියෙන් ලියැවුණු එබඳු ටන්කා නිමැවුමකි.
I work
and , work still my life
Continues
to be the same as ever
I look at my hands
දිගට ම එක ම කාර්‍යයේ නිරත වීමේ අර්ථ විරහිත පැවැත්ම හමුවේ අවසන හිමි වනුයේ කවරක් දැ යි අඟවන කවකි ඒ.
වකා,ටන්කා යනු අතීත ජපානයේ පැවැති හයිකු කවි ලෙස වටහාගන්නා අය ද වෙති.මෙහි දී තව ද එක් වකා කවියක් නිදසුනක් සේ ගෙන ඒ පිළිබඳ ව අපට විමසා බැලිය හැකි ය.මෙය ද පෙර කී " කි නො ත්සුරායුකි " කවියා ගේ නිමැවුමක ඉංග්‍රීසි පරිවර්තනයකි.
" Winds passing
through the shaded grove
weigh down
my robe with
the the scent of blossoms "
( පවනැලි හමා යේ
ඇඳිරි තුරු අරඹ අතරින්
මගෙ පොරෝනය
බර වෙයි
මල් සුවඳ සමඟින් )
ඇඳිරි ගස් ගොන්න අතරින් හමා යන පවනේ රැඳුණු මල් සුවඳින් , පොරෝනය නැතහොත් සිවුර හෝ දිගු ඇඳුම බර වූ බවක් මේ වකා කව අපට කියයි.යොඑල් හොෆ්මන් සිය Japanese death poem කෘතියේ පෙරවදනෙහිලා පවසන්නේ මේ කවිය සොබාදහම විසින් ඇඳුණු කාව්‍යමය චිත්තරූපයකට වඩා වැඩි යමක් ඉදිරිපත් නොකරන බව පෙනුණ ද,සැබැවින් ම එය හයිකුවෙහි ඇති දේට වඩා ඒ රූපය ඇසුරේ රැඳී ඇති බවයි.මෙහි දී 'ඇඳිරි තුරු අරඹ අතරින් ' යනුවෙන් කවියා ගේ සළුවට මල් සුවඳ කාන්දු වන ආකාරය ගැන කියැවෙයි.යම් භාවනාත්මක ප්‍රයත්නයක් මේ අවස්ථාව වින්දනය කරනු පිණිස රසිකයාට අවශ්‍ය වෙයි.වකා කවියේ දී එහි කියැවෙන දේ සමඟ යම් සමීප භාවයක් පවත්වාගැනීමට රසිකයාට හැකි වේ.
හයිකු කවිය පහළ වන්නේ ත්සුරායුකි ගේ සමයට වසර හත් සියයකට පමණ පසු ව ය.පෙර දැක්වූ වකා කවිය , හයිකු කවියකු හමුවේ තබා ,ඉන් පෙරාගත හැකි දේ ගෙන හයිකුවක් නිමවන්නැ යි කිව හොත් ඔහු මේ අවස්ථාව නිමවනු ඇත්තේ කෙලෙස ද ? එකහෙළා ම හයිකු කවියා පොරෝනයේ බර වැඩිකරන මල් සුවඳ නම් ච්ත්තරූපය තෝරාගෙන,සිය කවිය "වසන්තය" නමැති ඍතුවාචක ඉන්ද්‍රීය රූපයට එය සීමාකරනු ඇත.එවිට පෙර දැක්වූ පේළි පහකින් යුත් වකා කව මෙ සේ වනු ඇත.
My robe
grows heavy
with the scent of blossoms
මගෙ පොරෝනය
බරින් වැඩෙයි
මල් සුවඳ සමඟින්
වකා හා හයිකු අතර වෙනස්කම් පිළිබඳ විමසාබැලීම වෙනත් සටහනකින් කළ යුත්තකි.
සිංහල නිදහස් කවියට මෙතෙක් අවිෂය විණැ යි හැඟෙන වස්තුවිෂයයක් සහිත ව මවිසින් නිමැවුණු කවියක් පිළිබඳ සටහනක් මෙවර ඉදිරිපත් කරනු රිසියෙමි . ඒ, එකී නිමැවුම ඔ
කාව්‍යයේ දී චිත්තරූප ( imagery ) යනු කවියා ගේ පෞද්ගලික අදහස් ,අර්ථකථන,නිගමන,ප්‍රකාශ යනආදි සියල්ල මැඬ නැගෙන සංඥා සමූහයකි.කවියන් මෙකී චිත්තරූප හෙවත් ඉන්ද්‍රී
අතිශය ඌන සමාජ සම්බන්ධතා සහිත නොදියුණු ලෝකයක් කරා ආපසු යෑම සුදුසු යැ යි ප්‍රමුඛ දේශපාලන දාර්ශනිකයකු වූ රූසෝ නිර්දේශ කෙළේ ය.ඒ 18 වැනි සියවසේ ප්‍රංශයේ පැවැ
ලොව උස ම භූමිභාගය වන කත්මණ්ඩු මිටියාවතේ සංචාරයක නියැළී, මීටර පන් දහස ඉක්ම වූ තැන පැතිර පැවැති අනන්තාපරිමාණ නිශ්ශබ්දතාව හා අබිරහස අත්විඳි නිරෝධ නම් හිම
ජපානයේ මූල කාව්‍ය මාර්ගය වූ වකා හෙවත් ටන්කා සම්ප්‍රදායයෙන් අනතුරු ව, 13 වැනි සියවසේ දී එක් වෙසෙස් කාව්‍ය විලාසයක් පෙරමුණට පැමිණියේ ය.හෙයිඅන් යුගය ( 794 - 1191)
අවරදිග ලෝකයේ පවා මහත් අවධානයට පාත්‍ර වූ ජපන් කිවියර ’’ර්යෝකන් තයිගු’’ (1758 - 1837 ) ස්වභාව ලෝකයේ නිසග සුන්දරත්වය හා මුසු ව විසූ හුදෙකලා සෙන් තපස්වී කෙනෙක් වි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සදා දිවමන් ’’වකා’’