IMG-LOGO

2025 පෙබරවාරි මස 09 වන ඉරිදා


ජීවිතයේ වර පහ The Five Boons of Life

කෙටිකතාව


  යහපත් සුරඟන සිය පැස සමඟ පැමිණ හිමිදිරියේ ම මෙසේ කීවා ය: ‘මෙතැන තිබෙනවා තෑගි. එකක් ගන්න. හැබැයි පරෙස්සමින්. නුවණක්කාර විධියට තෝරා ගන්න. ඒවා අතර වටිනා දෙයක් තියෙන්නේ එකක් පමණයි.’

ත්‍යාග පහක් විය. කීර්තිය, ආදරය, ධනය, ප්‍රමෝදය සහ මරණය. ගැටවරයා නොඉවසිල්ලේ කීය: ‘තෝරන්නට දෙයක් නෑ.’ ඔහු ප්‍රමෝදය තෝරා ගත්තේ ය.

ඉක්බිති ඔහු සමාජයට වැද යෞවනයකු කුල්මත් කරවන ප්‍රමෝදය සොයා බැලී ය. එකකින් පසු එකක් වශයෙන් ප්‍රමෝදය ඔහු සොයා පැමිණි අතර සැමවිට ම එය අපේක්‍ෂා සුන් කරවන මෙන් ම අසාර ද වූ අතර සියල්ල ඔහු කෙරෙන් වෙන් ව ගියේ සරදම් කරමිනි. අවසානයේ ඔහු කී ය: ‘මේ අවුරුදු ගානම මං අපරාදෙ නාස්ති කරලා. අයෙමත් අවස්ථාවක් ලැබුණොත් මට තෝරා ගන්න, මං නුවණක්කාර විධියට තෝරා ගන්නවා’

එවිට මැ සුරඟන තොමෝ ප්‍රාදුර්භූත වැ කීවාය: ‘තෑගිවලින් හතරක් ඉතිරිවෙලා තිබෙනවා. තවත් වරක් තෝරා ගන්න. ඒ වාගේ ම මතක තියා ගන්න. කාලය පියාඹනවා. ඒවායින් එකයි සුවිශේෂී වන්නේ’

ඔහු බොහෝ වේලාවක් එකල මෙකල වෙවී හිඳ අන්තිමේ දී ආදරය තෝරා ගත්තේ ය. ඒ මොහොතේ සුරඟනගේ දෑසේ නැගි කඳුළු ඔහු සැලකිල්ලට ගත්තේ නැත.

වසර බොහෝ ගණනාවක් ඉක්ම ගිය පසු එක් දිනෙක මිනිසා හිස් නිවෙසක දෙණක් අසල හිඳ සිටියේ ය. තමා සමග සංවාදයේ යෙදෙමින් සිටි හේ මෙසේ පැවසී ය: ‘ඔවුන් සියලු දෙනා මා තනි ව හැර දමා එකෙකු පසුපස එකෙක් ගියා. ඉතින් දැන් ඇය මෙහි සැතපී සිටිනවා මා තනි කරලා. ආදරණීයතම සහ අන්තිම. වියෝගයක් පසුපස වියෝගයක් බැගින් මා පිසලුවා. සන්තෝසයේ සැම පැයකම අර රැවටිලිකාර වෙළෙන්දා - ආදරය - පැය දහයක ළසෝ දුකක් මට වික්කා.’

‘ආයේමත් තෝරන්න’ ඒ සුරඟනගේ සිහින් ස්වරයයි. ‘අවුරුදු ගණනාවක් ඔබට ප්‍රඥාව දීලා තිබෙනවා. එය එසේ ම විය යුතුයි. එකකට පමණයි වටිනාකමක් ඇත්තේ. එය මතක තබා ගෙන තෝරන්න පරීක්‍ෂාකාරීව. මිනිසා බොහෝ වෙලා සිතිවිල්ලේ බලා සිටියේ කීර්තිය තේරී ය. සුරඟන සුසුම් ලා ඉවත හැරී ගියා ය.

වසර ගණනාවක් ගෙවී ගිය ඉක්බිති ඕ පෙරළා පැමිණියා ය. අවුත්, වියැකී යන දවසේ ගැඹුරු සිතිවිල්ගේ නිමග්න ව හුන් මිනිසා පසෙක සිට ගත්තා ය. ඕ ඔහුගේ සිතිවිලි දත්තී ය.

‘මගේ නමින් මුළු ලොව පිරී ගියා. සැම දිවගක ම මගේ නම රැඳී තිබුණා. ඒත් ඒ මොහොතකට පමණයි. ඒවා තෙතරම් සුළු නිමේශ වූවා ද? ඒත් එක්කම ඊර්ෂ්‍යායාව ආවා. ඊළඟට අවඥාව. ඉන්පසු අවලාද. ඉන්පසු ද්වේශය. ඊළඟට එදිරිවාදුකම්. එයිනුත් පසු අපහාස. අවසානයේ ඇරඹුමයි ඒ. අන්තිමේ දී සියල්ලට ම පසු කීර්තියේ මළගම වන සංවේගයයි. ප්‍රසිද්ධියේ අමිහිරි බව සහ ඛෙදය. උපරිමයෙන් ම අවමානයේ ඉලක්කයක් වීම. ගර්හාවට පාත්‍රවීම වාගේ ම දයානුකම්පාවේ පිරිහීම.’

‘නැවතත් තෝරා ගත හැකියි’ ඒ සුරඟනගේ කටහඬයි. ‘තෑගි දෙකක් ඉතිරිවෙලා තිබෙනවා. ආරම්භයේ දී සුවිශේෂී එකක් තිබුණා. එය තවමත් තිබෙනවා.’

‘ධනය- ඒ කියන්නේ බලය. මම කොච්චර පොට්ට ද?’ කීය මිනිසා. ‘දැන් අන්තිමේ දී ජීවිතය ජීවත් කරවන්නට තරම් වටිනවා. මම වියදම් කරනවා. ඇති පදම් නාස්ති කරනවා. ඇස් නිලංකාර කරවනවා. මේ නින්දා අපහාස කරන පාච්චල් කරන එවුන් බඩ ගා ගෙන ඒවි මං දිහාට. මම, මගේ හදවතේ සාගින්න නිවනවා එවුන්ගේ ඊර්ෂ්‍යායාවෙන්. මම සියලු සුඛොපභෝගී සම්පත් ලබනවා. සියලුම විනෝදමත් දේවල් -’

‘- ආත්මයේ සියලුම ඉන්ද්‍රජාල. මනුෂ්‍යයා ආදරයෙන් රැක බලා ගන්නා ශරීරයේ සන්තුෂ්ටිය. මේ සියල්ල මා ලබා ගන්නවා. මුදලට ගන්නවා. ගන්නවා. ගන්නවා. වෙනස, ගෞරවය, සම්මාන, වන්දනා... මේ සියල්ල, තුච්ඡ ලෝකයේ වෙළෙඳපොළ විසින් ඉදිරියටත් සපයනු ලබන සෑම ආකාරයක ම රැවටිලිකාර කරුණාවත්. මා බොහෝ කාලය කා දමා තිබෙනවා. ඉදිරියටත් එසේ ම වේවි. ඒත් ඒක ගියාවේ. මම ඒ කාලේ මුග්ධයි. හොඳම දේ ලෙස ගත්තේ නරකම දේවල්.’

කෙටි වසර කිහිපයක් පසු වැ ගියේ ය. මිනිසා සිය නිවසේ මතු මහලේ වෙව්ලමින් හිඳ සිටියේ ය. මෙවිට ඔහු මලානික පෙනුමැති වැහැරණු ගිලී ගිය ඇස් ඇත්තකු වැ සිටියේ ය. වියළි පාන්පොත්තක් ලෑටි ගාමින් සිටි ඔහු තමාට ම මිමිණී ය. ‘ලෝකයේ සියලුම තෑගිවලට සහ නින්දා අපහාසවලට සහ රන් ආලේපිත බොරුවලට සාප වේවා! එසේ ම පරිභව කළ සියලු දෙනාටමත්. ඒ ලැබුණේ තෑගි නොවේ. ණයට දීම් පමණයි. ප්‍රමෝදය - ආදරය - කීර්තිය - ධනය: ඒවා තාවකාලික වන අතර යථාර්ථය වේදනාව සහ ශෝකය සහ ලජ්ජාව සහ දිළිඳුකම වසන් කිරීම සඳහා තාවකාලිකව ව්‍යාජ ව පෙනී සිටින දේ. සුරඟන කීවේ ඇත්තයි. ඇයගේ පැසේ තිබෙන දේ අතර සුවිශේෂී වන්නේ එකක් පමණයි. එකක් පමණයි මිල කළ නොහැකි. ඒ හිතාදර සහ මිහිරි සහ කරුණාවන්ත මෙන් ම සිරුර විචිත්‍ර වධයෙන් පෙළෙන විට ඒවා විඳ දරා ගන්නා සිහින නොදකින නින්දක ගිල්වන සහ මනස බුදිනා සෝදුක් සහ ලජ්ජා පලවා හරින ඒ අමිල දැය සමග සසඳන කල අනෙක් හැම එකක් ම දිළිඳු, ලාබ සහ වැදගැම්මකට නැති ඒවා බව මා දැන් දන්නවා. එය ගෙනෙන්න. මට වෙහෙසයි. මා දැන් විශ්‍රාම ගත යුතුයි.’

සුරඟන ත්‍යාග සහිත පැස රැගෙන නැවත ආවාය. මෙවර එහි තිබුණේ  හතරක් පමණි. මරණය අඩු ය.

‘මම ඒක දුන්නා අම්මා කෙනෙකුගේ හුරතලකුට. පුංචි දරුවකුට. ඒ දරුවා නූගත්. ඒත් මාව විශ්වාස කළා. මගෙන් ඇසුවා එය ගන්න ද කියා. ඔබ මගෙන් කිසිවක් ඇසුවේ නෑ.’

‘ඕ... අනේ කාලකණ්ණි  මම. ඉතිං මට ඉතිරිවෙලා තියෙන්නේ මොකක්ද?’

‘මොකුත් ම නෑ. මහලු වියේ හිතුවක්කාර නින්දාව පමණයි ඉතිරි ව පවතින්නේ’


පරිවර්තනය එස්. නන්දලාල්



අදහස් (0)

ජීවිතයේ වර පහ The Five Boons of Life

ඔබේ අදහස් එවන්න

 

 

කෙටිකතා

ජීවිතයේ වර පහ The Five Boons of Life
2025 පෙබරවාරි මස 04 369 0

යහපත් සුරඟන සිය පැස සමඟ පැමිණ හිමිදිරියේ ම මෙසේ කීවා ය: ‘මෙතැන තිබෙනවා තෑගි. එකක් ගන්න. හැබැයි පරෙස්සමින්. නුවණක්කාර විධියට තෝරා ගන්න. ඒවා අතර වටිනා දෙයක


කුණු වතුර
2025 ජනවාරි මස 28 448 0

’’හැම විෂකට ම ප්‍රතිවිෂක් තියෙනවා’’ මැක්බ්‍රයිඩ් දාර්ශනික ලෙස දෙපා පළල් කරමින් කීවා.කිසියම් විශේෂිත දෙයක් ඔහුගේ සිතේ වැඩ කරන බව පෙනෙන්නට තිබුණා.


කරමාලය
2025 ජනවාරි මස 21 585 0

නිදියන මෙට්ටයේ රහස් කුහරයක සඟවා තිබූ කරමාලය අතට ගත් නන්දනී සැලකිය යුතු වේලාවක් ඒ දෙස බලා සිටියා ය. අනතුරුව එය ගෙලෙහි බැඳගෙන කණ්ණාඩියට එබී බැලූ ඇගේ සිත ස


උපන් දිනය
2025 ජනවාරි මස 14 613 0

ලිහිණි පත්තරය දෙසම බලා සිටියාය. ඇගේ ඇසිපිය නොසෙල්විණ. අඩක් විවර වූ මුව තුළින් ඇදී ආවේ හීතල හුස්ම රළ කීපයකි. දෙඅත වෙව්ලයි. උමතු වෙසින් පත්තර පිටු පුරා සැර


කම්ම දායාදෝ
2025 ජනවාරි මස 07 508 0

පෙබරවාරිය කොහොමත් උණුසුම් ය. හැන්දෑව වුවත් එහි වෙනසක් නැත. හිරු විසින් ඇති කළ අධික තාපයෙන් මුළු පරිසරය ම පීඩාවට පත්ව ඇත. චෝදිගාන් ජනපදයේ උතුරු මායිම ලෙස


පුප්පං මිලායාති
2024 දෙසැම්බර් මස 31 636 0

වනයේ ගස් සෙලවෙමින් තිබුණි. රූස්ස ගහක් සෙලවෙද්දී එහි විසල් අතු මුළු පළාතක්ම සසල කරවීය. වැනී ගිය අතු වැදුණු තවත් පහළ ගසක් වඩාත් වේගයෙන් සෙලවී ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 46 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 109 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 845 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site