තිඹිරිගේ තුළින් ලොවට අමුත්තකු ගොඩව එළිපත්ත මත දෙපා ගසන හඬ ඇසුණි. මම දොර අසලට වී නොඉවසිල්ලෙන් අසා සිටියෙමි. හදිසියේම දොර ඇරුණේ විලාප නගා ගෙනය.බිරිඳගේ සිරුර මිනී පෙට්ටියක බාවා තිබුණි.ඉහඉද්දර පොල්තෙල් පහනකි. හදිසියේම පස් කැට නොකඩවා වැටී ඇගේ සිරුර වැසී ගියේය. මම මේ දැන් කුළුඳුල් උපන් ලේ කැටි දියණිය තුරුළු කරගෙන ඉකී ගසා හැඬුවෙමි.නැවුම් පස් කණ්ඩිය වටා මල් වඩම් කිහිපයක් පැමිණ සිට ගත්තේය. හදිසියේම පස්කණ්ඩිය මදින්මද ගිලා බසින්නටත්,ඒවටා තණකොළ වැවෙන්නටත් විය.මොහොතින් එතැන හඳුනාගත නොහැකි වන සේ වල්බිහි වී ගියේය.
මේ අතර දියණිය පෙරළෙන්නටත්, දණ ගානටත්, නැගිටින්නටත් වූවාය.බලා ඉඳිද්දීම ඇගේ දත් එකින්එක ආවෙිය. වචනයෙන් වචනය ඈ තොදොල් බසින් කියන්නට වූවාය.මහත් ආදරයෙන් යුතුව ඇය සිප ගත් මම ඇයට ඔටුන්නක් සදන්නට දිව රෑ දෙකෙහි වෙහෙසෙන්නට වූයෙමි.දිනක් ඇය පොත්බෑගයක් කරේ එල්ලාගෙන හා පුරා කියා අකුරට ගියාය.සෙවණැලි උදාගිර දෙසට දික්වන්නට ගනිත්ම,පිරිපුන් යුවතියක් තොදොල් බසින් කුමක්දෝ කියාගෙන ගෙට ගොඩ වූවාය.මම ඈ කවුරුන් දැයි නොදත්තෙමි.කීවෙි කුමක්දැයි මට නොතේරෙයි.
සඳඑළිය කැටි ගැසුණ සුදු වටොරය. ගවොම පිරිමදින දෙතන ලප තුඩුය. මීන චංචල කිඳුරු දෑසය.එකවරම පොළොව පලාගෙන සර්පයා උඩට මතුවිය.මම ඇයට නොපෙනෙන්නට ඌ පයින් පාගා ගතිමි.
"හරි බඩගිනියි තාත්තේ "
එකවරම පොළොව ගුගුරන්නට විය. තාත්තේ ඈ ගෙට ගොඩවන විට ඇද පැද කීවේද ඒ අකුරු තුනමය.මේ මගේ දියණියද? ඇස්, කන්, නාහෙ,කට,කතාබහ ගමන බිමන ඒ සියල්ල හරිය. නිකටේ උපන් ලපයත් එහෙම්මමය.ඇත්තෙන්ම මේ මගේ ලෙයින් උපන් සුරතල් දියණියම නොවේද?
පොළොව ගුගුරන හඬින් බියපත්ව සර්පයා යන්නට ගියේය. එහෙත් එදා සිට ඌ වරින් වර පැමිණ කරදර කරන්නට විය. ඌ එනවාට මම සෙනෙහේබර පියකු සේ ඇය පෝරුව මත නංවන සැටි සිහි කළෙමි. ඇගේ දූ දරුවන් සුරතල් කරනු මවා ගතිමි. සිරුර පුරාවූ සර්පයාගේ විෂ එයින් සමනය විය. එහෙත් උගේ ඒම නවත්වාලිය නොහේ. දිනක් ඇය එකෙකු අත ගෙන යන්නට ගියාය.මම ඉකී ගසා හැඬුවෙමි. සර්පයා අසලකටවත් ආවේ නැත. එහෙත් එදා රාත්‍රිය පහන් වෙන්නට තිබියදී ඌ හෙමිහිට හිස ඔසවා වටපිට බලමින් කොහේදෝ සිට මවෙත බඩ ගෑවේය.
මගේ ලෙයින් උපන් සුරතල් දියණිය තවකෙක් සමග රමණයේ යෙදෙන සැටි වූ මට කතාකොට පෙන්වන්නට විය. මම යක්ෂාවේස වී අසල වූ මුගුරක් ගෙන ඌට පහර දෙන්නට වීමි. ඌ නාහයින් කටින් ලේ දමාගෙන අමාරුවෙන් බඩ ගාගෙන නැවත නොඑන්නට මෙන් යන්නට ගියේය.සර්පයාගේ ඒමෙන් මිදුලෙහි ඇඳුනාවූ රූ වැල්ලෙන් වැසී මැකී යමින් තිබිණි.දවසක් දියණිය වැලහින්නක් සේ වැලපෙමින් ගෙදර ආවාය.ඔහු ඇය පන්නාගෙන තිබුණි. මම ඇගේ හිස අතගාමින් සැනසුම් බස් කියන්නට වූවෙමි.
ඇය ආපසු නොගියාය.මම ටිකින්ටික යෝධයකු මෙන් විශාල වී මහත් වූ පිය සෙනෙහසින් යුතුව ඇය ළයෙහි හොවාගෙන රැක ගන්නට වූවෙමි. දිනක් සර්පයා නැවත ආවේය. මම වහා වූ එළවා ගතිමි. ඉන්පසු වූ වරින්වර පැමිණ මා සුරතල් දියණිය සොර සැමියන් හා උන් හැටි ද පෙන්වන්නට විය.ඌ මැරුණයි සිතා සැනසෙමි. එහෙත් සර්පයා හිටි ගමන් නැවත පණවුත් දඟලන්නට ගනී.අන්තිමේදී වූ තළා පෙළා වෙහෙසව උකටලීව ගියෙමි.සර්පයා පණ ගසා දමා මා වෙත බඩ ගෑවේය. ඌ එකවරම පැන මට දෂ්ඨ කළේය.සිරුර පුරා විෂ පැතිරී යනු මට දැනෙයි. මම ඈ අත්ලට ගෙන ඇගේ පිරිපුන් අඟ පසඟ දෙස බලා සිටියෙමි.මගේ අතින් ඇය බිම වැටුණාය. යෝධයකුව සිටි මා ටිකෙන් ටික කුඩා වනු මට දැනේ. ඇය මගේ වෙනස්වීම දැක බියෙන් මොර දෙන්නට වූවාය.
මම ඇය සෙමෙන් වැළඳ ගතිමි. ඇය මා යදින්නටත් අවසානයේ හඬා වැලපෙමින් මට සාප කරන්නටත් දෙස් දෙවොල් තියන්නටත් වූවාය.මධ්‍යම රාත්‍රිය වන විට විෂ බැස ගියේය මම ඇගේ මුහුණ බලන්නටවත් නොහැකිව පොළොවේ හැපෙමින් හඬා වැටුණෙමි.
ඇය අත විෂ බඳුනකි.මම එය රැගෙන විසිකර ඇගේ දෙපතුල මත වැටී සමාව යදින්නට වූවෙමි. ඇය ද මා හා එක්ව හඬා වැටුණාය.මම කෝපයට පත්ව සර්පයාට මුගුරින් තලා ගිනි ගොඩක් ගසා එහි දමා ඌ ඇඹරී, ඇඹරී දැවී අඟුරුව යනු බලා සිනාසුණෙමි.එදා සිට ගහක කොළයක් වැටුණ ද අපි කලබල වී බැලුවෙමු. එවන් සරස් හඬක් වුවද අපට ඇසුණේ ගලක් මුලක් වහලෙයි වැදෙන්න කලක මෙනි.සර්පයාගේ ඒමෙන් මිදුලෙහි ඇඳුනා වූ රූ වැල්ලෙන් වැසී මැකී ගියේය.එහෙත් එක රාත්‍රියක සීතලක් දැනී බැලූ සඳ ඌ ජයග්‍රාහී ලෙස හිස ඔසවාගෙන පිටිපතුලක් දිගේ උඩට ඇදෙමින් උන්නේය.ඌ නැවත කරදර කරන්නට විය.මෙවර ඌ ඇයටද දෂ්ඨ කර තිබිණි.ඌ නිතර නිතර එන්නට වූ නමුදු අපි ඌ එළවා දමන්නට උත්සාහ නොකළෙමු. ඌ ආ විට ඌ කියන ඕනෑම දෙයක් කළ අපි ඌ ගිය කල හූල්ලන්නටත් හඬා වැලපෙන්නටත් වූයෙමු.ඌ ආ විටෙක හැර කිසිදා අපි එකිනෙකා මුහුණට මුහුණ බැලුවේ නැත.
ඊයේ මහා හඬක් ඇසී අපි කවුළුවෙන් පිටත බැලුවෙමු. අප වටා මහ පවුරක් මෙන් ගල් මුල් ගොඩ ගැසී තිබුණි. ඇය මට දෙස් දෙවොල් තබමින් හඬා වැටුණාය. මම ද ඇය හා එක්ව හඬා වැටෙන්නට වීමි.අපි සර්පයාට තළා එළවා දමන්නට සෑදීමු.එහෙත් ඌට අපේ පහරවල් දැනුණේවත් නැත. ඌ මහත් සේ වැඩි අප වටා දරණ ලා සිටියි.අපට ඌ මැරිය නොහැකි වනු ඇත්ද?අපි මුගුරු ගෙන දෑතින්ම ඌට තළමු. ඌ අද හෝ හෙට මිය යා යුතුය. නැතහොත් ගල් මුල්වලින් වැසී අපත් සමගම මිය යා යුතුය.
’’හැම විෂකට ම ප්‍රතිවිෂක් තියෙනවා’’ මැක්බ්‍රයිඩ් දාර්ශනික ලෙස දෙපා පළල් කරමින් කීවා.කිසියම් විශේෂිත දෙයක් ඔහුගේ සිතේ වැඩ කරන බව පෙනෙන්නට තිබුණා.
නිදියන මෙට්ටයේ රහස් කුහරයක සඟවා තිබූ කරමාලය අතට ගත් නන්දනී සැලකිය යුතු වේලාවක් ඒ දෙස බලා සිටියා ය. අනතුරුව එය ගෙලෙහි බැඳගෙන කණ්ණාඩියට එබී බැලූ ඇගේ සිත ස
ලිහිණි පත්තරය දෙසම බලා සිටියාය. ඇගේ ඇසිපිය නොසෙල්විණ. අඩක් විවර වූ මුව තුළින් ඇදී ආවේ හීතල හුස්ම රළ කීපයකි. දෙඅත වෙව්ලයි. උමතු වෙසින් පත්තර පිටු පුරා සැර
පෙබරවාරිය කොහොමත් උණුසුම් ය. හැන්දෑව වුවත් එහි වෙනසක් නැත. හිරු විසින් ඇති කළ අධික තාපයෙන් මුළු පරිසරය ම පීඩාවට පත්ව ඇත. චෝදිගාන් ජනපදයේ උතුරු මායිම ලෙස
වනයේ ගස් සෙලවෙමින් තිබුණි. රූස්ස ගහක් සෙලවෙද්දී එහි විසල් අතු මුළු පළාතක්ම සසල කරවීය. වැනී ගිය අතු වැදුණු තවත් පහළ ගසක් වඩාත් වේගයෙන් සෙලවී ගියේය.
කිලිනොච්චි ඉරණමඩු වැව අවට පදිංචි යුද්ධයෙන් විපතට පත් ගොවින්ගේ ගොවිතැන ඇතුළු ජීවනෝපායන් නංවාලීමේ වැඩ මුළුවේ ආරම්භක සැසිය මෙහෙය වූ සෙනරත් තොසපාල තේ ව
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සර්පයකු හා සටන් වැද