IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


සුන්නද්දූලි

ඉපිටහ ෆැක්ටෙිරිය තවමත් හුචු හුචු  ගානවා. මේ තට්ටු ගෙදර ඔළු පන්සීයක මොළයේ  උඩම තට්ටුවේ වුණත් අපි ඉන්නේ හැමදාම උදේට ඇහැට කපුටු කාක් කාක් එක වගේ මට ඕක දැනටමත් කරච්චලයක් වෙලා.සිරිනාග! කම්මලේ බල්ලා වගේ!සොහොනක් වගේ සැප නින්දේ ! මගේ මස් හොද්දෙ සුවඳටවත් ඇහැරුණේ නැද්ද? 

සිරිනාග උන්නු ඉරියව්වෙන්ම දිග ඇදී ඉදිමින් ඇහැ විතරක් කරකවා බාබරා හැඳි ගාන දිහා බැලුවා.

"පල්ලෙහා බලන්ඩ බෑ ඈ කිව්වා. ඊයම් පාටයි වහලවල්.වයර් කම්බි දික්කතටත් හරස් අතටත් ගිහින් මකුළුදැල් වගේ.මෙහා! ඔයා කවදාවත් ජනෙල් ළඟට ගිහින්වත් නැද්ද කවදාවත්?ජනෙල් පඩිය දිගට හරක්හම ඵළල මෙි? දූවිලි තට්ටු තට්ටු."

"කවදාවත්ම. කවමදාවත්ම.කවමකවදාවත්ම.
කවමමවකවදාවත්ම.මකවමකදාවත්ම.දාවත්මකවමදාවත්ම..."

"ගොඩනැගිලි ඔක්කොම දෙකට මැදින් බෙදිලා අලුත් පාරකටද මොකක්ද? ඔය වීදි තවමත් නම් කරලත් නැද්ද මොකක්ද?"

බාබරා පේනුව ඇද උඳුන නිවෙන්න ඇර ඉන්පසු මස් හොද්ද දෑතින් ඔසවා දරනුව උඩින් තබා මූණේ දාඩිය සීරාව ගවුම් අගින් පිහදා ගත්තා.බාබරා කිව්වා: "කිකිළියෙක් කෙකර ගානකොට මට ඒ කෙකෙරෙ අස්සෙන් පේන්නේ අනාගත බුල්ස්අයි එකක් " එකක් ගෙනාපු බිත්තර පාසලේ ඈ මේසේ උඩින් තැබුවා.

සිරිනාග කිව්වා :" මට තේ තිබහයි ද මොකක්ද "

බාබරා යළිත් පේනුව ගසා කේතලේ උදුන මත තැබුවා. "මම එද්දි පාර දෙපැත්තේ කුඹුරු මකල කානු කපලා රබර් ගන්ඩ" ඈ පෙට්‍රල් ටින් එක මුනින් අතට හරවා ඒ උඩ ඉඳගෙන කකුලක් පිට කකුලක් දාගත් වේගයට ගවුම ස්වල්පයක් වැඩියෙන් ඉස්සී හිටියා. කලවයේ එතන අමුපැහැය දෙසට හිස් බැල්මෙන් හැරුණු ඔහු  ඊළඟට අහක බැලුවා.ඈ පෙපමින්ට් පෙත්තක් කටේ ඔබාගනිමින් නැගිට්ටා.  "දැන්වත් ඉතින් ප්‍රාණවත් වෙන්ඩ. අනේ ප්‍රාණවත් වෙන්ඩකෝ ".ඈ කිව්වා.යළි ඇඳේ පැත්තක ඈ ඉඳගත් විට ඔහු ඇඟලා උන් කැලෑ කබායේ ගෙඩි ඇස් බොත්තමක් තමා දිහා රවා සිටිනු ඇයට පෙනුණා.ඈ කකුල් හරස් කරගත්තා. මොකද ටෙලිෆෝන් එක වදියි කියන බලාපොරොත්තුවෙන් වගේ. "නැත්නම් මගේ මස් හොද්දෙ සුවඳ අල්ල අල්ල ද ඉන්නේ? ප්‍රාණවත් වෙන්ඩකෝ".ඔහුගේ  ඇඟිලි දෙකක් වෙවුලනු ඇයට පෙනුණා.නහය අනුව ගිය හඬකින් ඈ කිව්වා.නැත්නම් මගේ වැරැද්ද වෙන්න පුළුවන්. හදිසියේම දෑස පිරී ගොස් මාළු ඇස් වගේ අශෝභන බිඳු බිඳු  ඉර එළියට දිලිසෙමින් කම්මුල් දිගේ රූටා බැස්සා.ඈ පි⁣යොවුර මැදින් ඇදගත් රතු ලේන්සුවකට (හැම තිස්සේම ඇගේ ලේන්සුවේ ලිප්ස්ටික් පැල්ලම් තියෙනවා) මූණේ කඳුළු සීරාව මාත්තු කරගත්තා.ජනෙල් රෙදි අස්සෙන් හුළඟක් හමා එන හඬ ඇසුණා.ඔහුගේ අත අල්ලා ගත් ඇයට එතනත් හදවතක් ස්පන්දනය වනු දැනුණා.

බාබරා කිව්වා: මං අද ආවේ බස් එකෙන්, මං ආවේ. පොර කාගෙන නැග්ගේ එපා එපා කියද්දී ෆුට්බෝඩ් එකේ එතන එක  පොකරෙ.මං මොනවා කරන්ඩද? හුස්මක් කටක් ගන්ඩ හින්දා මම සෙනඟ අස්සෙන් තෙරපි තෙරපීම ඉස්සරහට පීරගෙන ගියේ පපුව ඉස්සරහක් නැති කෙනෙක් වගේ."මම හිටපු තැන ඉඳගෙන උන්නු මිනිහා කපුටෙක් පහරපු තැනක හැදිච්ච බෝ ගහකට පස්ස උස්සන කල් ඉඳලා හීන් සීරුවේ එතනින් ඉඳගත්තට පස්සෙයි මං හුස්මක් ඉහළට ඇද්දෙ."

"මුස්නේ කියන්නේ කොස්සටද? පැණි රස අග තිත්ත රස වතුර කොහේ නැති උනත් වතුර වතුරේ තියෙනවා."

හේමරත්න ගැන මම නොකිව්ව හරිය- අනේ ප්‍රාණවත් වෙන්ඩකෝ!  දන්නවනේ එයා මං ගාවට ආවේ බී ගත්තහම විතරයි. බී ගත්තු වෙලාවලදී එයාට දැනුනලු මට ආදරෙයි කියලා. මගේ සුදු හමට පිස්සු වැටුණා වගේ දැනුනලු. මගේ අරක මගේ මේක ගගා කොච්චරවත් කංකෙඳිගාන්ඩ වුණා.වතාවක් එයා මගේ අතින් අල්ලලා  කතා කරද්දී මගේ හිතත් ආදරයෙන් වෙළිලා ගියා.ඉර ගිලුණා.මගේ දෙකට නමන්ඩ පුළුවන් කුඩේ එයාම අතට ගත්තාමයි අපි පිටත් වුණේ.එදා හඳවත් තිබුණේ නෑ. මට දැනුණා මාත් බලන් හිටියේ දැවැන්ත බුල්ඩෝසරයක් වගේ එකකින් කාස්ට ඉර එළිය තල්ලු කරලා නිස්කලංක රාත්‍රිය ළං කරන කල් කියලා.කතා කර කර ගියොත් අපට පාර වරදීවි එයා කිව්වා. රෝස පාට බිත්ති තිබුණු තදින් ඇහුරුණු කාමරයකටයි අපි සේන්දු වු⁣ණේ. ජනේලෙ වැව්වහම වීදි සද්දත් වැහෙනවා  අකුලන ස්කිරිමයි  වෙනත් අඩක්කට්ටුයි ඔක්කොමයි ලයිට් එළිය හෙවනැලි හදලා පුරාම. මම ජනේලේ ළඟ හිටගෙන ගෑස් පහන් කීපයක් තිබුණු පාරක් දිහා බලා ඉන්නවා.හේමන්තගේ කටහඬ කිරිවව්ලෙක්ගේ වගෙ අඳුරු මුල්ලක තටු ගහනවා.මම හීනෙන් වගේ එතනට ඇද්දීගෙන යනවා.එතන යකඩ ඇඳක පණ ගිය දුනු උඩ මම වැතිරුණේ හෙවනැල්ලකට මුවා වෙන්ඩ.හේම රතනගේ අතට අහු වුණු අහු උනු මගේ ඇඟිලි අයිස් කූරු වගේ දියවෙලා වැක්කෙරුණා. එයා මගේ පපුවට කියාපු අතක් එහෙම්ම එතන ගිලා බැස්සද මොකක්ද? හේමරතනගේ හුස්ම මගේ හුස්මත් එක්ක පටලැවෙනකොට මට තේරුණා එයා මගේ උඩ බව. හතරක් පොරට හිටියා.කකුල් හතරක් උඩට අකුලලා තිබුණු මදුරු දැල හඳ පෙත්ත වගේ ඇඳ තෑන්දෙ එල්ලි එල්ලි තාලෙකට පැද්දෙන හැටි මම බලන් උන්නේ හයියෙන් හුස්ම අල්ල අල්ල කුල්මත් වේවි.මදුරු දැලේ පැද්දිල්ල නතර වෙනකොටයි මට වැටහුණේ මට එච්චරක් කල් සිද්ධ නූනු හරුපයක් සිද්ධ වෙච්ච බව.මම එයාව කසාද බැඳගත්තු එක- ඒක මගේ හපන්කම කියන වෙනින් කතාවක්. කොහොමටත් මගේ හොඳට ගියා කසාදෙට ඉස්සෙල්ලා එයා මට දරුවෙක්ට වැඩ සිද්ධ කළ එක.කසාද එක්කම යුද්දෙ ආවයින් ඒ මිනිස්සු එයාව පිටරට පැටෙව්වා. යුද්දෙ ඉවර කරලා එයා ආපහු ආවේ ප්‍රේම කරන්න මිසක්ව එහෙම කිසිම කිසිවක් කරන්ඩ බැරි කෙහෙල්කඳක් හැටියට. ඉතිං... ඔයා ... ප්‍රාණවත් වෙන්ඩකෝ."

සිරිනාග ජනේලය දිහාට ඇහැ හරෝ හරෝ හිටියා. "කාක්කෝ රංචු රංචු කැරකැවෙනවා". ඔහු කිව්වා.

බාබරා දෙකකුල් ඇඳට ගෙන ඇලයෙන් හාන්සි වී සිටිමින් ඔහුගේ නළල පිරිමදින්න පටන් ගත්තා. ඈ කිව්වා: අපි පරස්පර වුණත් දුරස්තර වෙන්නේ මොකටද? ඔහුගේ ඇඟ ඇහැරවා ගන්නට  ඈ ඔහුගේ ගෙල වටා අතක් යවා තව තවත් ඔහුට තුරුල් වී දැඩිකොට ඔහු වැළඳ ගනිමින් ඔහුගේ අතක් ගෙන තම පිරිපුන් ළය මඬලට ළං කරගත්තා.තොල් ඇකිලී තිබුණු ඔහුගේ මුහුණ එක් මොහොතකට විතරක් තිගැස්සි අකුලව යළි හෝන්දු මාන්දු ගතියට පත්වී මුළු ගතම හැකිලී ගියා.උනන්දුව පිරිහිලා ගියේ මොකද? ඈ අහුව්වා.ලේ මස්වල පෙරැත්තයක් නැද්ද ? බිලී කොක්කක් වගේ ඔය අත දාලා මාව අමුණ ගන්ඩ.ඇඳ ගැට්ටට වෙලා කකුල් බිම දමා වාඩි වී ගවුම බුරුල් කරගත්ත ඈ සිප් එකට අත යැව්වා. නැත්නම් මගේ වැරැද්ද වෙන්ඩත් පුළුවන්. ඈ කිව්වා, සිරිනාග වහා ඇගේ අතින් ඇද ඈ වළක්වාලුවා.බාබරා කිව්වා: එහෙනම් වහින්න එනවා කියලවත් හිතා ගන්න එතකොටත් හොඳයිනේ හොඳට පොරවගෙන මුනින් අතට හැරිලා බලන්ඩ. උත්සාහ ගන්ඩ ඇස් වහන්ඩ එපා. ඕන නෑ දොර ජනයෙන් වහලා පැලැල්ල ඇදලා ලයිට් දාලා ආයෙ ලයිට් නිවන්නං.එතකොටත් රෑ වගේනේ වතුර පයිප්පය ඇරලා තිබ්බහම වහිනවා කියලා හිතාගත්ත හැකි. වැස්සට ඉස්සෙල්ලා හුළඟක් එනවා. ඕං හපා කන්න හුළඟ. හීතල අඟවන්න ඈ අත් බැඳ ගනිමින් දෙකකුල් හකුළා ගද්දී පයේ හැපුණු කනප්පුව පැත්ත පෙරළි වැටුණා."ගොරෝනවා. මං කිව්වේ !විදුලි කෙටියක් ලුහුබැඳගෙන එන ගෙරවිල්ලක්!සිරිනාග ඔය සිතිවිල්ලෙන් ඇහැරිලා මගේ කතාවට හිත් යොමන්ඩ ඇටුවම් බැස්ස අදහසක් හින්දා ඔයාගේ ඇඟ හොරයි. හිතාගන්න ඕකට ගතවෙන්නේ එක ඇසිල්ලක් විතරයි කියල. ඇසිල්ලක් වුණත් ඒකෙනුත් පංගුවක් මොහොතකටත් අඩු මොහොතක්. මෙලහකට මට යන්නත් තිබුණනේ. ඒ පාර වෙලාව කැඩිලා ඔරලෝසුව නතර වෙලා!ඔයාගේ පරාන කූඩුව ඇතුළේ කුරුල්ලෙක් තටු ගහනවා වගේ දැනෙන්නේ නැද්ද?

හිටිහැටියේ බාබරා  ඔහුගේ අත මුදා හැරියේ උණු බත් අහුරක් අතහැර දමන  පරිද්දෙන්. ඈ පයිප්පය ළඟට ගිහින් කාමරය ඇරියහම කීප විටක්ම එය හොච් හොච් ගගා කහින්නටත් කෙළ ගහන්නටත් වී,ඊළඟට බිඳුවකුත් නොයන සේ හිඳී නිහඬ වුණා.ඈ රේඩියෝ එක දැම්මා ඈ කිව්වා: මට තවත් සිතිවිල්ලක්  ඇඟිලි ඔබනවා.එන්ඩ නැගිටලා අපි නටමු. ඔය සින්දුවට. ඔයා රතු ඉන්දියන් නැටුම්වලට කැමති නැද්ද ? කරච්චල් හඬක් දිදී අපේ ඔළුවට උඩින් ඇවිදින  කුකුල්වත් නැහැනේ මෙහේ- උඩම තට්ටුවේ හින්දා.ඔහොම නැගිටලා එන්න විගහට.අවතාලෙන් වුණත් මොකෝ?මට ඔය කකුල් පෑගෙන එකක් නෑ. එන්ඩ කේතලෙත් දැන් නටන්ඩ හදනවා. ඔය ඇහෙන්නේ නැද්ද අපේ නැටුමට පස්සේ අපි ඔතන කනප්පුව දෙපැත්තේ වාඩිවෙලා උගුර උගුර රහ බල බල තේ බොමු. ඊළඟට පහළ බැහැලා වැස්සෙම මම කැමති වැස්සෙ තෙමි තෙමි ඉන්න හඳපානේ වගේ තාප්පෙ ගාවට වෙලා කාලේ නාස්ති කරමු.අයෙ උඩට එනකොට ඔක්කොම හොඳ අතට හැරිලා තියේවි. හුළං හින්දා එරබදු මල් පෙති හැලෙනවා. හඳත් පායලා, රබන් ගහන්ඩ පුළුවන් හඳ. ඒත් වහිනවා. ඒකයි වැදගත්. ඉතින් ඉක්මන්  කරලා නැගිටලා එන්ඩකො සින්දුව ඉවර වෙන්ඩ ඉස්සෙල්ලා.එහෙම නැත්නම් පොඩ්ඩක් රත් වෙන්න හීන් එකක් දාගන්නවද? මොනොව? බිව්වා? බොරු කියන්න එපා සිරිනාග.පොඩ්ඩක් ඉන්න ඔහොම කකුල හොලෝ හොලෝ මං පහළට දුවලා ඩ්‍රෑම් 8ක් ගේන්නම්. ගෙඩිය පිටින්ම හොර බාර් එකෙන්.

බාබරා යන්න හැරී සිරිනාග දිහා අපිට බලා පිටිඅල්ල තම නිතඹ දිග හිමින් පහළට යැවුවේ තමා තවමත් ඉන්නේ ගවුම පිටින්ද කියා දැනගන්න වගේ.ඩි කැන්ටරේ හැපුණු කිරණ කදම්බයක් කෙළින්ම පරාවර්තනය වෙමින් තිබුණා. සිරිනාගගේ මූණට. ඒත් ඔහුගේ ඇස් ඇරුණු ගමන්. ජනෙල් කවුළු වගේ ඇහැරුණු ගමන්.

ඔයා ඔහොම්ම බලන් ඉන්න එකත් මට කරච්චලයක්. ඈ කිව්වා. ඔහොම බලන් ඉන්න නං ඔය ඇස් වීදුරු බෝල වෙන්ඩ ඕනෑ.

ඈ ඩිකැන්ටරය පසෙකට තල්ලු කර කිරණ කපා හැරියා. කාමරය පුරවා ගත්තු සුදු මැලි අඩඑළිය ඔහුගේ ඇහි කෙවෙනි වටා තනාලු හෙවනැලි නිසා ඒ ඇස් කිසිවක් වෙත ඉලක්ක නොවන්නා සේ ඇයට පෙනුණා.ඈ ඔහු ළඟට වී ඇඳේ පෙරළි, ඔහුගේ බැල්ම යොමුවුණ අත විමසන්න ඔහු හිස හරවා සිටි අතට තම හිසද හරවා ගත්තා.ඇයට පෙනුණා බිත්ති රාක්කයේ ප්ලාස්ටික් මල් පොකුරකට උඩින් එල්ලී තිබුණේ කනවැන්දුම් වෙච්ච කඩු කොපුවක්. ඊට වම් පසින් එල්ලෙමින් තිබුණු  රාමාව දරා සිටියේ බටහිර ජෑස් සංගීත කණ්ඩායමක පින්තූරයක්. අඩවන් වූ ජනේලය ඈ ඇර දැම්මා. ජනෙල් රෙද්දෙන් පෙරී ආ එළිය නිසා ඔහුගේ ඇස් හැරී ඇත්තේ පින්තූරෙනුත් වම් පස නිල් කඩතිරක් දෙසට බව පැහැදිලිව පෙනුණා. බාබරා කඩතිරය ළඟට ගොස් ඔහු දිහාට හැරුණා උනුන්ගේ ඇස් හමුවුණා.නිල් කඩතිරය ඈ දෙපසට කළ විට වහුං ඇරුනේ ඉන්දියානු ඉදි පිළිමවල ආකාරයට පිටි පතුල් උඩට සිටින සේ ගෙතු අරමිනියක්. ඒ දකිත්ම මුස්නයක් වගේ ඇගේ කෙස්ස පිම්බී ගියා. මූනේ නොකැලැල් සිවි පැහැය අතුරුදන්ව රතුවෙන් පැල්ලම් වැටුණා.සිරස් පතේ සිට දෙපතුල තෙක් නිල් ආලේප කෙරුණු ඒ පිඟන් මැටි බුදුරුව ඈ අතට ගත් හැටියේ ක්ෂණ ප්‍රභාවකින් එය කොටි දතක් වගේ දිලිහී ගියාසේ ඇගේ ඇස් නිලංකාර වුණා. එහෙත් අලසව හෝනා ගමන් උන් සිරිනාග ඇසිල්ලකින් තුන් මූනින් දාඩිය පිටකොට හිතේ වාරුවෙන් කිසිවක් මුමුණන්න තොල්පට සැලුවත් හඬක් පිට කළේ නෑ. ඈ කඩතිරය කඩා කටින් ඇද කීතු කීතු කොට පටි කැබැලිති එකටඑක ගැට ගසා පිළිමය ගලග්‍රහයෙන් විදුලි බුබුළ යට එල්ලා තැබුවේ සිරිනාගගේ නහය එල්ලේ අවලම්බයක් සේ එල්ලෙන පරිද්දෙන්.

බාබරා කිව්වා: ඉතින් ඉවරයි නේ! ඉවරයකටම ඉවරයි! හැම ශ්‍රේෂ්ඨ හොයා ගැනීමකට වගේ මටත් ඒකට ගත වුණේ මොහොතක් විතරයි. ඔයාට මහමෙරක් වගේ තිබිච්ච එක දැන් ඉතින් ඊයේ පත්තරේ  වගේ!පත්තු කළ ගිනිකූරක් වගේ! මොකට තියන් හිටියද මෙච්චර කල් ඉවරෙකට ඉවරයි නේ. මගේ පෙණහලු පුපුරන්ඩ එනවා සන්තෝසේ !පපුව තද වෙන්ඩ ඈ අත් බැඳ ගත්තා. "දැන් මට ඉන්න තැනම ඉවරෙකට දියවෙලා ගියෑකි. මගේ ඇඟේ ලේ දුවනවා මට ඇහෙනවා. සින්දු කිය කියා යනවා. ඔය ඔය ඔය ඔයාගේ ඔය දිරාකට්ටු වෙච්ච ගතියත් දැන් ටිකක් පණගහගෙන එනවද මොකක්ද?ඔයාට තිබුණෙ හිතේ හයිය විතරයි සිරිනාග. මගේ උකුලේ ටිකක් ඇඬුවාම අනිත් ඔක්කොම හරියාවි. ඉතින් ඔළුව ටිකක් උස්සන්න වීරිය ගන්ඩ.

ඉටිපන්දම් වගේ මලානිකව තිබුණු සිරි නාගගේ ඇඟිල්ලකුදු හෙලවෙන බවක් පෙනුනේ නෑ. අඩවන්ව ඉලක්ක නූනු ඔහුගේ ඇස් දෙකේ සුදු ඉංගිරියාව විතරක් දිලිහුණා.ඈ ඔහුගේ පිටිකරට යැවූ අත් ගොබයේ ආධාරයෙන් ඔහු හිස කෙලින් කරද්දී බුදු පිළිමය ඔහුගේ නාහේ වැදී ඉහට උඩින් එකල මෙකෙල වුණා.එවිට ඈ පිළිමය වැරෙන් පසෙකට තල්ලු කර දැම්මා. ඒ තල්ලුවේ සැරෙන්ම ඒක අපිට ඇවිත් බිත්තර පාර්සලයේ හැපුණා.පාර්සලය බිම පෙරළී තොගය පිටින්ම පොඩි වී කොළය පලාගෙන සාරු එළියට පැන්නා. ඈ ඇඟිලි තුඩුවලින් ඔසවා පාර්සලේ ජනේලයෙන් විසික් කොට ආපස්සට තැබූ අඩිය තිබ්බ උනේ  සාරු ගොඩ උඩට. නුහුරට තිබ්බ උනු පය  බර ගැහී ඈ ලිස්සා ඇද වැටුණා මේස කකුලක හැපුණු හිස බදාගෙන ඈ හිරිකිතෙන් එතනින් නැගිට  ගත්තා වමනේ ගොඩක් උඩින් වගේ. ඈ විලුඹ ඔසවා පයැඟිලිවලින් ඇවිදිමින්, පයිප්පයට ගිහින් හෝදාගෙන හොදි ඉහිරුණු උඩ ගවුම ගලවා දමා යට ඇඳුම පිටින් අවුත් යළි ඇඳ උඩ ඉඳගත්තා.

කමක් නෑ සිරිනාග ඒ ඔක්කොම කමක් නෑ මගේ පුංචි මොළේ හෙල්ලුනා. ආාායි මගේ ඔළුව! ඒත් කමක් නෑ. ඔයාම වීරිය ගන්ඩ. මට ආදර ලවයක් තියෙනවා නම් ඔයාම වීරිය ගන්ඩ. ඔයාගේ පණ ගසාගෙන එන්න පුළුවන් එතකොට.ඈ තුනී හිනාවක් පෑවා.මූණට ලේ ගහද්දී ඈ සටනක් කොට රත්පැහැය යට කරගන්න හදන බවක් ඔහුට පෙනුණා.බාබරා කිව්වා:  "මෙතන හුළං.මෙතන දෙසැම්බරේ තියෙනවා. අරේ වහිනවා. වැස්ස නිසා හැමදේකම එකම පාට. ඉපිටහ මලානික ගතිය කාමරයේ ඇතුළේ  සුදුමැලි අඩ එළියට  එකතුවෙලා.ඔය ඔක්කොම හරියාවි සිටිනාග ඔයාම වීරිය ගන්ඩ."

සිරිනාග තව වරක් උත්සාහ කරමින් පසු පසට කොට කොන්ද යම් පමණක් එසවූ විට ඈ කොට්ට දෙකක් එතනට එබුවෙන් ඔහු ඉඳගත් තැනින් දිගාවී නැති ඉරියව්වකට පත්වුණා.ඔහු තවදුරටත් එසවෙන්න වීරිය ගනිද්දී පිළිමය ඔහුගේ නිකටෙහි ඇතිල්ලෙන්න වුණා. ඈ  නොඉවසිල්ලෙන් යළිත් ඒක පසෙකට තල්ලු කර දැම්මා. ඒක ආපසු පැද්දී අවුදින් ඒ ගමන් කෙලින්ම වැදුණේ ඔහුගේ කම්මුලේ.සිරිනාග ඒ පහර කාගෙන එහෙම්ම කොට්ටියට ගිලා බැස්ස ගමන් ඔව්..ඔව් ...ඔව්  ගාන්න වගෙ හිස තුන්විටක් හෙලෙව්වා.ලේ රහක් ඔහුගේ කටට දැණුනා බාබරා ඔහුව තුරුල් කරගෙන ඔහුගේ කම්මුල් පිරිමදින්නන් මුහුණේ කඳුළු වැගිරුණු, වැගිරුණු තැන් සිප ගන්නටත්  වුණා. තම ළය මඩල ඔහුගේ පපු පෙදෙසට තද කරගන සිටිමින් ඈ එක දිගට කෙඳිරිලි නැගුවා.අනේ ප්‍රාණවත් වෙන්ඩකෝ. ප්‍රාණවත් වෙන්ඩ. අනේ උත්සාහ ගන්ඩකෝ.

ඔහු හිස ඔසවන්න බිඳකුදු උත්සාහ කරන බවක් පෙනුනේ නෑ. එහෙත් ඔහු ඈ දිහා බැලුවේ නැගිටීමට කිහිලි වාරුවක් පතන ආකාරයෙන්. හැම දෙයක්ම නිසලව තිබියදී පිළිමය විතරක් ඔහුගේ නහය එල්ලේ තවමත් එකල මෙකල වෙවී තිබුණා. ඈ වැරෙන් පෙරටත් වඩා වැරෙන්න ඒක පසෙකට තල්ලු කර දමා දෑත් ගොබ දෙපසින් යවා පිට පැත්තෙන් ඔහුව ඔසවන්න තැත් කළා.දෙදෙනාගේම හයි හත්තිය එකට වෙලූ කැවුණු මොහොතේ ඒක පැද්දී අවුදින් ඔහුගේ බෙල්ල වටා එතුණා.බාබරා කෑගැහුවා:මේක හරි කරදරයක් උනානේ. දස මලවදයක්!. ඔහොම ඉන්න සිරිනාග මමම පැටලුම අරිනකල්. අපි වෙනත් දෙයක් හිතමු. වෙනත් දෙයක් කතා කරමු. ඕකට සම්බන්ධ නැති වෙනත් දෙයක් තේමේසයේදී කතා කරන්න ඕනෑ දෙයක් මෙතනදී හිතන්න බලන්න එතකොටත්  හොඳයිනේ. පණ ගසාගෙන එන්න පුළුවන්. එතකොට හිතන්න බලන්න ඔහොම නෙමේ. තව ඔළුව උස්සලා අමතක ඕනෑම දෙයක් උඩ බැලුවම මතක් වෙනවා.වෙනත් දෙයක් කිව්වානේ.කරපොත්තො ගැන,බාච්චු ගැන...මෙහා! සිරිනාග !ඔය මොකද තැතිය? අතක් වෙව්ලනවා නේද ?එ් හැටිද? මොකද?

ඔහු පිළිතුර මිටමොලවා ගත්තා. තත්පර දහයක් විතර නොසෙල්වී ඉඳලා එකවරම පෙරට පැන්න ඔහු අනිත් අතින් ඈව අල්ලා ගත්තේ දඬු අඬුවක ග්‍රහණයෙන්. ඔහු මිටමෙල වූ අත දිගහැර ඇගේ කම්මුල හරහා පහරක් දුන්නා එය වළක්වන්න ඈ එක් සැණින්  මූණ ආපස්සට ඇද ගත් හෙයින් එල්ලය වැරදුණු පහර කෙලින්ම පිළිම හිසේ වැදුනෙන් අවලම්බ රෙදි කඩක් කඩාගෙන ඒක බිම වැටී බිඳී කැබිලිති වී ගියා. එතකොටම තරප්පු පෙළ දිගේ කීප දෙනෙක් දුවන්නා බඳු හඬක් කාමරයේ අස්සක් මුල්ලක් නෑර පැතිර ගියා. බිත්තිය දෙසින් ඇහුණා  බිත්තියේ එල්ලෙමින් තිබුණු ඒ වන විටත් පැත්තකට ඇළ ගැහී තිබුණු ජෑස් සංගීත කණ්ඩායමේ පින්තූරය දෙසට ඇගේ ඇස් යොමු වුණේ නිතැතින්. වොට් 1000 විතර එළියකින් මුළු කාමරය එකලු වී ඇති බව ඇයට පෙනී ගියෙත් එතකොට.පින්තූරයෙන් මතුවී ආපු හිනා පුපුරක් ඇහුණා. සංගීත කණ්ඩායමේ එකියෙක් තම වයස සඟවන්නට ආයිත්තං කළ මූණ දිගුකොට පිරිමි වාදකයන් දෙදෙනෙක් අතරින් එබිකම් පා පියවර කරක්වා බාබරා දිහා බැලුවා.කුකුල්ලු මරන්නා වගේ හිනා හඬක් පින්තූරයේ සෙසු ගැහැනුන්ගෙන් නැගී පැතිරුණා. එතෙක් වෙලා බිත්තියටම ලග්නවී උන් සංගීත කණ්ඩායම එක් පියවරක් ඉදිරියට තබා රාමුවෙන් එළියට  පැන්නා. ඔවුන් තවත් පියවරක් ඔසවමින් අකුණු ගහන වේගයෙන් වාදනයක් ඇරඹුවා. බාබරා දෙසට එබිකම් පෑ එකිය  පරල වූ විලාසයෙන් ගැහි ගැහී ගිරියෙන් ගීයක් ගයමින් දෑත් සලා බමන්නට වූ වේගය නිසා ඇගේ එක් පියොවුරක් ගැලවී විසිවුණා.
 එකෙක් සිහිසන් නැතුව ගිටාර් එක දෑතින් ගෙන හති හල හලා පොළොවේ ගහන අතර කාමරයේ  යම්කිසිවකින් ද අනුනාද කම්පනයක් නැඟුණා.සුසර බාණ්ඩයක් වයමින් සිටි වාදකයෝ වාදනය උත්සන්නයේදී පියානෝ එකට උඩ පැන අඩි ඇන ඇන සර පතුරු උඩ ඔබ මොබ දුවන්න වූයේ කාමරයම හෙල්ලුම් කවමින්.උච්ච ස්වරයක ගීයක අත්වැල ගයමින් සිටියෙක් හුස්ම ගනු සඳහාම ගායනය නතර කොට අවතාලයෙන් අඩි තබමින් ඇඳ ළඟට ගොස් ඒ යට අතගා බීර බෝතල් එකේක එළියට ඇද කටේ වක් කරගෙන සෙස්සන්ටත් පොවා නොබොන්නන්ගේ හිස ඒ වක්කර කර හිස් බෝතලයේ කවුළුවේ සුදු පාට රෞද්‍ර  ගරාදිය මතට දමා ගසන්න වුණා.ඔවුන් අතරින් මත්වුණු තවත් එකෙක් ෆ්ලැශ්- ගන්  එකක් සහිත කැමරාවක් එකේක අතට ගසමින් විදුලි බුබුළු පුළුස්සා දැම්මා. හැම දෙයක්ම අනික පෙරළාගෙන සුන්බුන් වී යද්දී කාමරයේ විදුලි බුබුළු එකින් එක පුපුරා වැටුණා.කණ්ඩායමෙන් වෙන්ව තනිව සිටියෙක් බීරංගයකට වෙඩි බෙහෙත් පුරවා සුසර වාදකයාගේ හිසට කෙටුවා.පිපුරුම් හඩේ දෝංකාරයත් එක්ක ඔහු හුන් තැනම වැතිර හොත්තේ අතපය සැලකීමකුදු නොකොට බීරංගකාරයා හිසට කොටන පාරවල් කකා සංගීත කණ්ඩායමේ එක එකා එපරිදි ඇද වැටිද්දී දෙදෙනෙක් විතරක් ඔහුගෙන් බේරෙන්නට උඩට පැන කැරකෙන පංකාවේ තල දෙකේ එල්ලුණා.දෙකකුලෙන් එන්න එන්න පුළුල් වන වෘත්ත හද හදා ඔවුන් රවුම්  කීපයක් බමා ගිය තැන එක පාරට පංකාව කඩාගෙන වැටුණා තල දෙකට ඔවුන්ගේ හිස් ගසා ගියෙන් හිස් ගෙඩි ඇඳ දෙපැත්තට කවන්ධ සිරුරු සිරිනාග දිගා  වෙලා උන්නු ඇඳටත් වැටී,ඔහුත් එක්ක ඇඳලෑලිත් කඩාගෙන වැටුණා ඇඳේ රාමු කට්ටුව ඇතුළට.සියල්ල සංසිඳුනා. හැම ශබ්දයක්ම හිස්කර දැමූ නිශ්ශබ්දතාව හදවත්වල ස්පන්දනය පවා නතර කරන සුලු වුණා. කණ්ණාඩියෙන් පෙනෙන වැස්සක් පරිද්දෙන් ජනේල් රෙද්ද සැලෙමින් තිබුණා  විතරයි. බාබරා සිරි නාග වැතිර හොත් තැනට යන්නට සැරසෙද්දී බීරංගයෙන් අන්තිම පිපුරුම් හඬත් ඇහුණා. බීරංගකාරයා  අන්තිම වෙඩිල්ල තමාගේ හිසට කොටාගත් හඬ නිශ්ශබ්දතාවයේ තවත් ඝනත්වයක්.ඉතිරිව තිබුණු එකම බුබුළින් නිකුත් වොට් පහළොවක විතර මලානික එළියට වුවත් සිරිනාගගේ හැකිලුණු බැල්ම අතුරුදන්ව එහි සැනසුම් සුවයක් ඇති බව ඈට පෙනුණා.ඈ තවත් ඔහු දිහාට ළං වුණා.හැඳිවතට යටින් ඔහුගේ රහසඟ කෙළින් වී ඇති බව එවිට ඇයට පැහැදිලිව පෙනුණා.

"ඉතිං  බාබරා ...."ඔහු කීවෙි තුනී හිනාවක් පාමින්.
ඉතිං ඇය එයම ප්‍රතිරාවය කළා.
"ඉතිං ඉතිං ..."ඔහු කිව්වා.
"ඉතිං ....."ඈ කිව්වා.



අදහස් (0)

සුන්නද්දූලි

ඔබේ අදහස් එවන්න

කෙටිකතා

ඔට්ටුව The Bet
2024 සැප්තැම්බර් මස 03 491 0

මෙය සරත් සමයේ එක් රාත්‍රියක් විය. විශ්‍රාමික බැංකුකරුවකු තම මතකයන් අතරින්, වසර පහළොවකට පෙර, ඔහු තවත් එක් සරත් සමයේ දිනෙක, එක්තරා සාදයක් ලබා දුන්නේ කෙසේද


පළිගැනීම
2024 අගෝස්තු මස 27 665 0

සීනුව නාද විය. නිවසේ ස්වාමි දුව වන පෙට්රොව්නා ඇල වී සිටි සෝපාවෙන් වහා නැගිට, ඒ තම සැමියා වන්නට ඇතැයි සිතමින් දොර විවෘත කිරීමට දිව ගියාය.


උමතු හාවෝ දෙන්නෙක්
2024 අගෝස්තු මස 20 763 0

ඒ හාවා ආවෙි දකුණු පැත්තෙන්. බී හාවා ආවෙි වම් පැත්තෙන්. නුගේගොඩ හන්දියේදි දෙන්නා එකට හම්බ වුණා. ගුවන් පාලම යට, වෙහිකල් පාර්ක් එකේ, විටක් හප හප හිටිය ටිකට්


වැලපීම
2024 අගෝස්තු මස 13 514 0

ඇඳිරි යාමයයි. නොබෝ වේලාවකට පෙර වීදියේ දැල්වුණු පහන් සිසාරා ඝන හිමකැට වැටෙමින් ගෙවල්වල පියසිත්, අශ්වයන්ගේ පිටවලුත්, මිනිසුන්ගේ උරහිස් හා හිස් වැසුමුත


කාබුලිවාලා - රබීන්ද්‍රනාත් ඨකුර්
2024 අගෝස්තු මස 06 790 0

මගේ පස් හැවිරිදි දියණිය මිනිට විනාඩියක්වත් කතා නොකර ඉන්නට නම් නොහැකිය. ලෝකයට පැමිණීමෙන් පසු ඇයට කතා කිරීමට ඉගෙන ගැනීමට වසරක් ගත වූ අතර, ඉන් පසු ඇය අවදි


අළු වී ගිය අලුයම
2024 ජුලි මස 30 504 0

අපි එකිනෙකාට ඉතා ළංව වැතිර සිටියෙමු. බිම මත වූ සීතල තෙත් බව හෝ තද ගතිය අපට දැනුණේවත් නැත.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site