යහපත් සුරඟන සිය පැස සමඟ පැමිණ හිමිදිරියේ ම මෙසේ කීවා ය: ‘මෙතැන තිබෙනවා තෑගි. එකක් ගන්න. හැබැයි පරෙස්සමින්. නුවණක්කාර විධියට තෝරා ගන්න. ඒවා අතර වටිනා දෙයක් තියෙන්නේ එකක් පමණයි.’
ත්‍යාග පහක් විය. කීර්තිය, ආදරය, ධනය, ප්‍රමෝදය සහ මරණය. ගැටවරයා නොඉවසිල්ලේ කීය: ‘තෝරන්නට දෙයක් නෑ.’ ඔහු ප්‍රමෝදය තෝරා ගත්තේ ය.
ඉක්බිති ඔහු සමාජයට වැද යෞවනයකු කුල්මත් කරවන ප්‍රමෝදය සොයා බැලී ය. එකකින් පසු එකක් වශයෙන් ප්‍රමෝදය ඔහු සොයා පැමිණි අතර සැමවිට ම එය අපේක්‍ෂා සුන් කරවන මෙන් ම අසාර ද වූ අතර සියල්ල ඔහු කෙරෙන් වෙන් ව ගියේ සරදම් කරමිනි. අවසානයේ ඔහු කී ය: ‘මේ අවුරුදු ගානම මං අපරාදෙ නාස්ති කරලා. අයෙමත් අවස්ථාවක් ලැබුණොත් මට තෝරා ගන්න, මං නුවණක්කාර විධියට තෝරා ගන්නවා’
එවිට මැ සුරඟන තොමෝ ප්‍රාදුර්භූත වැ කීවාය: ‘තෑගිවලින් හතරක් ඉතිරිවෙලා තිබෙනවා. තවත් වරක් තෝරා ගන්න. ඒ වාගේ ම මතක තියා ගන්න. කාලය පියාඹනවා. ඒවායින් එකයි සුවිශේෂී වන්නේ’
ඔහු බොහෝ වේලාවක් එකල මෙකල වෙවී හිඳ අන්තිමේ දී ආදරය තෝරා ගත්තේ ය. ඒ මොහොතේ සුරඟනගේ දෑසේ නැගි කඳුළු ඔහු සැලකිල්ලට ගත්තේ නැත.
වසර බොහෝ ගණනාවක් ඉක්ම ගිය පසු එක් දිනෙක මිනිසා හිස් නිවෙසක දෙණක් අසල හිඳ සිටියේ ය. තමා සමග සංවාදයේ යෙදෙමින් සිටි හේ මෙසේ පැවසී ය: ‘ඔවුන් සියලු දෙනා මා තනි ව හැර දමා එකෙකු පසුපස එකෙක් ගියා. ඉතින් දැන් ඇය මෙහි සැතපී සිටිනවා මා තනි කරලා. ආදරණීයතම සහ අන්තිම. වියෝගයක් පසුපස වියෝගයක් බැගින් මා පිසලුවා. සන්තෝසයේ සැම පැයකම අර රැවටිලිකාර වෙළෙන්දා - ආදරය - පැය දහයක ළසෝ දුකක් මට වික්කා.’
‘ආයේමත් තෝරන්න’ ඒ සුරඟනගේ සිහින් ස්වරයයි. ‘අවුරුදු ගණනාවක් ඔබට ප්‍රඥාව දීලා තිබෙනවා. එය එසේ ම විය යුතුයි. එකකට පමණයි වටිනාකමක් ඇත්තේ. එය මතක තබා ගෙන තෝරන්න පරීක්‍ෂාකාරීව. මිනිසා බොහෝ වෙලා සිතිවිල්ලේ බලා සිටියේ කීර්තිය තේරී ය. සුරඟන සුසුම් ලා ඉවත හැරී ගියා ය.
වසර ගණනාවක් ගෙවී ගිය ඉක්බිති ඕ පෙරළා පැමිණියා ය. අවුත්, වියැකී යන දවසේ ගැඹුරු සිතිවිල්ගේ නිමග්න ව හුන් මිනිසා පසෙක සිට ගත්තා ය. ඕ ඔහුගේ සිතිවිලි දත්තී ය.
‘මගේ නමින් මුළු ලොව පිරී ගියා. සැම දිවගක ම මගේ නම රැඳී තිබුණා. ඒත් ඒ මොහොතකට පමණයි. ඒවා තෙතරම් සුළු නිමේශ වූවා ද? ඒත් එක්කම ඊර්ෂ්‍යායාව ආවා. ඊළඟට අවඥාව. ඉන්පසු අවලාද. ඉන්පසු ද්වේශය. ඊළඟට එදිරිවාදුකම්. එයිනුත් පසු අපහාස. අවසානයේ ඇරඹුමයි ඒ. අන්තිමේ දී සියල්ලට ම පසු කීර්තියේ මළගම වන සංවේගයයි. ප්‍රසිද්ධියේ අමිහිරි බව සහ ඛෙදය. උපරිමයෙන් ම අවමානයේ ඉලක්කයක් වීම. ගර්හාවට පාත්‍රවීම වාගේ ම දයානුකම්පාවේ පිරිහීම.’
‘නැවතත් තෝරා ගත හැකියි’ ඒ සුරඟනගේ කටහඬයි. ‘තෑගි දෙකක් ඉතිරිවෙලා තිබෙනවා. ආරම්භයේ දී සුවිශේෂී එකක් තිබුණා. එය තවමත් තිබෙනවා.’
‘ධනය- ඒ කියන්නේ බලය. මම කොච්චර පොට්ට ද?’ කීය මිනිසා. ‘දැන් අන්තිමේ දී ජීවිතය ජීවත් කරවන්නට තරම් වටිනවා. මම වියදම් කරනවා. ඇති පදම් නාස්ති කරනවා. ඇස් නිලංකාර කරවනවා. මේ නින්දා අපහාස කරන පාච්චල් කරන එවුන් බඩ ගා ගෙන ඒවි මං දිහාට. මම, මගේ හදවතේ සාගින්න නිවනවා එවුන්ගේ ඊර්ෂ්‍යායාවෙන්. මම සියලු සුඛොපභෝගී සම්පත් ලබනවා. සියලුම විනෝදමත් දේවල් -’
‘- ආත්මයේ සියලුම ඉන්ද්‍රජාල. මනුෂ්‍යයා ආදරයෙන් රැක බලා ගන්නා ශරීරයේ සන්තුෂ්ටිය. මේ සියල්ල මා ලබා ගන්නවා. මුදලට ගන්නවා. ගන්නවා. ගන්නවා. වෙනස, ගෞරවය, සම්මාන, වන්දනා... මේ සියල්ල, තුච්ඡ ලෝකයේ වෙළෙඳපොළ විසින් ඉදිරියටත් සපයනු ලබන සෑම ආකාරයක ම රැවටිලිකාර කරුණාවත්. මා බොහෝ කාලය කා දමා තිබෙනවා. ඉදිරියටත් එසේ ම වේවි. ඒත් ඒක ගියාවේ. මම ඒ කාලේ මුග්ධයි. හොඳම දේ ලෙස ගත්තේ නරකම දේවල්.’
කෙටි වසර කිහිපයක් පසු වැ ගියේ ය. මිනිසා සිය නිවසේ මතු මහලේ වෙව්ලමින් හිඳ සිටියේ ය. මෙවිට ඔහු මලානික පෙනුමැති වැහැරණු ගිලී ගිය ඇස් ඇත්තකු වැ සිටියේ ය. වියළි පාන්පොත්තක් ලෑටි ගාමින් සිටි ඔහු තමාට ම මිමිණී ය. ‘ලෝකයේ සියලුම තෑගිවලට සහ නින්දා අපහාසවලට සහ රන් ආලේපිත බොරුවලට සාප වේවා! එසේ ම පරිභව කළ සියලු දෙනාටමත්. ඒ ලැබුණේ තෑගි නොවේ. ණයට දීම් පමණයි. ප්‍රමෝදය - ආදරය - කීර්තිය - ධනය: ඒවා තාවකාලික වන අතර යථාර්ථය වේදනාව සහ ශෝකය සහ ලජ්ජාව සහ දිළිඳුකම වසන් කිරීම සඳහා තාවකාලිකව ව්‍යාජ ව පෙනී සිටින දේ. සුරඟන කීවේ ඇත්තයි. ඇයගේ පැසේ තිබෙන දේ අතර සුවිශේෂී වන්නේ එකක් පමණයි. එකක් පමණයි මිල කළ නොහැකි. ඒ හිතාදර සහ මිහිරි සහ කරුණාවන්ත මෙන් ම සිරුර විචිත්‍ර වධයෙන් පෙළෙන විට ඒවා විඳ දරා ගන්නා සිහින නොදකින නින්දක ගිල්වන සහ මනස බුදිනා සෝදුක් සහ ලජ්ජා පලවා හරින ඒ අමිල දැය සමග සසඳන කල අනෙක් හැම එකක් ම දිළිඳු, ලාබ සහ වැදගැම්මකට නැති ඒවා බව මා දැන් දන්නවා. එය ගෙනෙන්න. මට වෙහෙසයි. මා දැන් විශ්‍රාම ගත යුතුයි.’
සුරඟන ත්‍යාග සහිත පැස රැගෙන නැවත ආවාය. මෙවර එහි තිබුණේ හතරක් පමණි. මරණය අඩු ය.
‘මම ඒක දුන්නා අම්මා කෙනෙකුගේ හුරතලකුට. පුංචි දරුවකුට. ඒ දරුවා නූගත්. ඒත් මාව විශ්වාස කළා. මගෙන් ඇසුවා එය ගන්න ද කියා. ඔබ මගෙන් කිසිවක් ඇසුවේ නෑ.’
‘ඕ... අනේ කාලකණ්ණි මම. ඉතිං මට ඉතිරිවෙලා තියෙන්නේ මොකක්ද?’
‘මොකුත් ම නෑ. මහලු වියේ හිතුවක්කාර නින්දාව පමණයි ඉතිරි ව පවතින්නේ’
පරිවර්තනය එස්. නන්දලාල්
මගේ සොහොයුරකු වූ සෝමපාලගේ අසනීපය ගැන දැනගන්නට ලැබුණු වේලෙහි මා තුළ මහත් ශෝකයක් ඇති විය.
’’දරුවා නැති කරමු’’ නිහැඬියාව බිදුණි. ඕ හොල්මනක් දුටුවාක් මෙන් ඔහු වෙතින් පියවරක් ආපසු ගත්තාය.
සමන්ගී බලාගෙන හිටියේ තමන් ගේ මේසය උඩ තියෙන ක්‍රිස්ටල් මල් බඳුන දෙස .ඒක හිස්.අද විතරක් නෙවෙයි දැන් දින ගණනාවක ඉඳලම ඒක හිස්.තමන් සේවය කරන ප්‍රචාරක ආයතනයේ
සියල්ල සුබවාදී ලෙස සිතන්නටත්, පතන්නටත් හුරු පුරුදු වී සිටි මා කරා ව්‍යාධිය නම් වූ ධර්මතාව පැමිණියේ පෙර මට දන්වා නොවේ. මගේ දයාබර බිරිඳට හා දියණියට ද දන්ව
“ අමල් මට ඔයාගෙන් දරුවෙක් ඕනේ…” ඇගේ දෙතනේ හිස හොවාගෙන සිටිද්දීදී මට ඒ වදන් ඇසුණේ දුර ඈත ග්‍රහලෝකයකින් එන්නාක් මෙනි. ඒ කටහඬේ තිබුණේ ඉමහත් දායාර්ද්‍ර බව
මහනුවර නගරයෙන් මදක් ඈතට වන්නට නිස්කලංක පරිසරයක පිහිටා ඇති සාත්තු නිකේතනයේ සේවයට පැමිණ මේ ගෙවී යන්නේ තෙවැනි වසරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජීවිතයේ වර පහ The Five Boons of Life