IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ප්‍රතිභා 2023 තරගාවලියේ ජය

(යොහාන් භාසුර)

සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සංවිධානය කළ අන්තර් සංස්කෘතික මධ්‍යස්ථාන ප්‍රතිභා 2023 තරගාවලියේ සමස්ත සම ශූරතාව සන්දිලිප්පායි සහ කඩුවෙල සංස්කෘතික මධ්‍යස්ථාන දිනාගැනීමට සමත් විය.

එම තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්විණි.

සංස්කෘතික මිනිසෙකු බිහි කිරීමේ අරමුණින් දැයේ දූ දරුවන් සෞන්දර්ය අධ්‍යාපනය සඳහා නැඹුරු කිරීමට, සංවේදී සුචරිතවත් අනාගත පරපුරක් බිහි කිරීමට සහ ඔවුන්ගේ කලා කුසලතා වර්ධනය කරවීම සඳහා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මෙම තරගාවලිය සහ සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කරයි.

සිංහල සහ දමිළ ද්වීභාෂාවන්ගෙන් සංගීත, නර්තන, නාට්‍ය සහ චිත්‍ර ආදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ජයග්‍රහණ ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙහිදී සම්මාන ප්‍රදානය කළේය.

එමෙන්ම මෙහිදී විවිධ තරග කාණ්ඩ ඔස්සේ ජයග්‍රහණය කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජුරියේ සම්මාන, කුසලතා සම්මාන සහ සහතිකපත් ද ප්‍රදානය කෙරිණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, අතිරේක ලේකම් තිලක් හෙට්ටිආරච්චි, අධ්‍යක්ෂ සංස්කෘතික ප්‍රවර්ධන ආචාර්ය ප්‍රසාද් රණසිංහ, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන, ප්‍රවීණ නාට්‍යවේදීන් වන එල්.එස්. මොහාන් රාජ්, කලෙයි චෙල්වම් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

 



අදහස් (0)

ප්‍රතිභා 2023 තරගාවලියේ ජය

ඔබේ අදහස් එවන්න

Lankadeepa Events

ප්‍රතිභා 2023 තරගාවලියේ ජය
2024 ජනවාරි මස 24 247 0

සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සංවිධානය කළ අන්තර් සංස්කෘතික මධ්‍යස්ථාන ප්‍රතිභා 2023 තරගාවලියේ සමස්ත සම ශූරතාව සන්දිලිප්පායි සහ කඩුවෙල සංස්කෘතික මධ්‍යස


පිළිකා රෝගීන්ට සරණක්වන The celebrity designer wedding show 2023
2023 මාර්තු මස 22 156 0

The celebrity designer wedding show 2023



දරුවන්ට හොඳ පුරුදු උගන්වන අලුත්ම විදිය
2023 ජනවාරි මස 24 169 0

හොඳ පුරුදු උගන්වන සිංහල සිංදු 20ක්


Lankadeepa Events | සෙවණගල ’’පියවර’’ පෙරපාසලේ දරුවන් සමගින් හේමාස් අලුත් අවුරුද්ද සමරයි.
2021 අප්‍රේල් මස 13 302 0

සෙවණගල ’’පියවර’’ පෙරපාසලේ දරුවන් සමගින් හේමාස් අලුත් අවුරුද්ද සමරයි


Lankadeepa Events | Save the Wetlands
2021 අප්‍රේල් මස 05 304 0

’’තෙත් බිම් අපේ නගරයේ ජීවයයි’’


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site