IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


ප්‍රතිභා 2023 තරගාවලියේ ජය

(යොහාන් භාසුර)

සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සංවිධානය කළ අන්තර් සංස්කෘතික මධ්‍යස්ථාන ප්‍රතිභා 2023 තරගාවලියේ සමස්ත සම ශූරතාව සන්දිලිප්පායි සහ කඩුවෙල සංස්කෘතික මධ්‍යස්ථාන දිනාගැනීමට සමත් විය.

එම තරගාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී පැවැත්විණි.

සංස්කෘතික මිනිසෙකු බිහි කිරීමේ අරමුණින් දැයේ දූ දරුවන් සෞන්දර්ය අධ්‍යාපනය සඳහා නැඹුරු කිරීමට, සංවේදී සුචරිතවත් අනාගත පරපුරක් බිහි කිරීමට සහ ඔවුන්ගේ කලා කුසලතා වර්ධනය කරවීම සඳහා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මෙම තරගාවලිය සහ සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කරයි.

සිංහල සහ දමිළ ද්වීභාෂාවන්ගෙන් සංගීත, නර්තන, නාට්‍ය සහ චිත්‍ර ආදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ජයග්‍රහණ ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙහිදී සම්මාන ප්‍රදානය කළේය.

එමෙන්ම මෙහිදී විවිධ තරග කාණ්ඩ ඔස්සේ ජයග්‍රහණය කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජුරියේ සම්මාන, කුසලතා සම්මාන සහ සහතිකපත් ද ප්‍රදානය කෙරිණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, අතිරේක ලේකම් තිලක් හෙට්ටිආරච්චි, අධ්‍යක්ෂ සංස්කෘතික ප්‍රවර්ධන ආචාර්ය ප්‍රසාද් රණසිංහ, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන, ප්‍රවීණ නාට්‍යවේදීන් වන එල්.එස්. මොහාන් රාජ්, කලෙයි චෙල්වම් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

 



අදහස් (0)

ප්‍රතිභා 2023 තරගාවලියේ ජය

ඔබේ අදහස් එවන්න

 

 
 

Lankadeepa Events

ප්‍රතිභා 2023 තරගාවලියේ ජය
2024 ජනවාරි මස 24 317 0

සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සංවිධානය කළ අන්තර් සංස්කෘතික මධ්‍යස්ථාන ප්‍රතිභා 2023 තරගාවලියේ සමස්ත සම ශූරතාව සන්දිලිප්පායි සහ කඩුවෙල සංස්කෘතික මධ්‍යස


පිළිකා රෝගීන්ට සරණක්වන The celebrity designer wedding show 2023
2023 මාර්තු මස 22 172 0

The celebrity designer wedding show 2023



දරුවන්ට හොඳ පුරුදු උගන්වන අලුත්ම විදිය
2023 ජනවාරි මස 24 194 0

හොඳ පුරුදු උගන්වන සිංහල සිංදු 20ක්


Lankadeepa Events | සෙවණගල ’’පියවර’’ පෙරපාසලේ දරුවන් සමගින් හේමාස් අලුත් අවුරුද්ද සමරයි.
2021 අප්‍රේල් මස 13 323 0

සෙවණගල ’’පියවර’’ පෙරපාසලේ දරුවන් සමගින් හේමාස් අලුත් අවුරුද්ද සමරයි


Lankadeepa Events | Save the Wetlands
2021 අප්‍රේල් මස 05 318 0

’’තෙත් බිම් අපේ නගරයේ ජීවයයි’’


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 181 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 769 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 772 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site