IMG-LOGO

2024 දෙසැම්බර් මස 27 වන සිකුරාදා


නීරෝගී නම් මෙන්න වාසි

ඔබ කෑම පාලනය කරනවා යැයි කියමු. එසේත් නැතිනම් පෝෂදායී සමබල ආහාර ඔබේ ආහාරවේලට දිනපතා එක් කර ගන්නවා යැයි කියමු. එසේ කිරීමෙන්, ඔබට ලැබෙන වාසි අතිමහත්ය. එයින් ඔබේ බර අඩු වෙනවා පමණක් නොවේ.

සිරුරට හිතකර ආහාර රටාවකට හුරුවීමෙන් ඔබේ සිරුරේ වෙනස්කම් පවා ඔබට දකින්න ලැබේවි. දීර්ඝ කාලීන වුවත් කෙටි කාලීන වුවත් එම වෙනස්කම් ඔබ කායිකව මෙන්ම මානසිකව ද ප්‍රබෝදමත් කරනු ඇත.

ආහාර පාලනය කිරීමෙන් සහ පෝෂ්‍යදායී ආහාර සිරුරට ලබා දීමෙන් ඔබේ ශක්තිය වර්ධනය වෙයි. රුධිරයේ සීනි මට්ටම නිසි ලෙස පවත්වාගෙන යෑමට හැකිවෙයි. දවස පුරාම අලසකමින් තොරව, දෛනික රාජකාරි ඉටු කර ගැනීමට ඔබට හැකිවනු ඇත. සවස්වරුවේ විඩාබර හෝ නිදිමත ගතියක් හෝ නොදැනෙනු ඇත.

නීරෝගී සමකට සහ නීරෝගී නියපොතුවලට ද නිවැරදි ආහාර ඔබට මහෝපකාරී වනු ඇත. සමබල ආහාරවේලක විටමින් සහ ඛනිජ ලවන යහමින් අඩංගුය. සින්ක් සහ කොපර් යනු ඔබේ හිසකෙස් නිරෝගීව වර්ධනයට අවශ්‍ය සාධකයකි. පැහැපත් සමක් ඇත්නම්, ඔබට දිඳුළන පෙනුමක් ද හිමි වෙයි. කිරි ආශ්‍රිත නිෂ්පාදනවල සහ මස්වල මෙම පෝෂණ කොටස් අන්තර්ගත වෙයි. බී විටමින් වර්ග, විශේෂයෙන් බී 6 සහ බී 12 යන විටමින් සහ ෆෝලික් අම්ල හිස් කබලට සහ හිස කෙස්වලට අවශ්‍ය රුධිරය සැපැයීම සිදු කරයි. හිස කෙස් නිරෝගීව වර්ධනය වෙයි. මස් ආහාර, මාලු, බිත්තර, කිරි ආහාරවල මෙන්ම ඇතැම් කිරි ආහාර සහ උදෑසන සීරියල් වර්ගවල ද මෙම පෝෂ්‍ය කොටස් ඇතුළත් වෙයි.

නීරෝගී සුවබර හදවතක් සඳහා තෙල් සහිත මාලු ආහාරයට ගැනීම ගුණදායක වෙයි. කෙලවල්ලා, සැමන්, මැකරල් වැනි මාලු උදාහරණ ලෙස දැක්විය හැකිය. නවතම පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ, තෙල් සහිත මෙවැනි මත්ස්‍ය ආහාර සතියකට වරක් හෝ ආහාරයට එක් කර ගැනීමෙන් හෘද රෝග අවම කරගත හැකි බවය. එය සිදුවන්නේ කෙසේද යන්න පැහැදිලි නොවුවත්, ඔමේගා 3 අම්ලවලින් රුධිරයේ ට්‍රයිග්‍රිසොරයිඞ් පාලනය සිදුවෙයි. රුධිරයට අහිතකර අන්දමින් මේදය එක් වීමන් සිදු නොවේ. එමගින් හෘද රෝග අවම වෙන බවනවතම පර්යේෂවලින් හෙලි වී ඇත.

සමබල නිරෝගී ආහාර වේලක් ගන්නේ නම්, එය ඔබේ සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරනු ඇත. පලතුරු සහ එළවලුවල බහුලව අඩංගු වන්නේ විටමින් සී ය. විටමින් සී ඔබේ සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරයි. එය පිළිකාවලින් සහ හෘද රෝගවලින් ඔබ ආරක්ෂා කරනු ඇත. ඔබේ සිරුරට ඇතුළු වන විස ද්‍රව්‍ය සහ සංඝටක නැසීම සිදුවන්නේ විටමින් සී මගිනි. පිළිකා ඇතිවන්නේ සිරුරේ ඩී.එන්.ඒ. අනුවලට සිදුවන හානි මුල්කොට ගනිමිනි. එවැනි හානි අවම කිරීමට ද විටමින් සී උපකාරී වෙයි. විටමින් සී සිරුරට ලබා ගැනීමේ හොඳම ක්‍රමය නම් ඇඹුල් පලතුරුය.

නීරෝගීව සිටීමට නම් අස්ථි සවිමත් විය යුතුය. අස්ථි සවිමත් කර ගැනීමට නම්, ඔබේ ආහාරවේල හරහා සිරුරට අවශ්‍ය ප්‍රමාණයට කැල්සියම් ලැබිය යුතු වෙයි. ඔස්ටියෝපොරෝසස් එසේත් නැතිනම් අස්ථි දුර්වල වීමේ රෝග මඟ හරවා ගැනීමට හැකි වන්නේ එමගිනි.

මේද අඩු ඇතැම් චීස් වර්ග සහ යෝගට් වැනි කිරි ආශ්‍රිත ආහාරවල බහුලව කැල්සියම් අඩංගු වෙයි. එපමණක් නොව, මේද අඩු කිර වීදුරුවක් දිනපතා පානය කරන්නේ නම් එය ද වාසියකි. ඔබ කිරි ආශ්‍රිත නිෂ්පාදන අප්‍රිය කරන්නකු නම්, ඒ ගැන කනස්සල්ලට පත් විය යුතු නැත. කැල්සියම් බහුල තවත් බොහෝ ආහාර වර්ග ඇත. ටෝෆූ, සෝයා, සැමන්, නිවිති, කොට්ටම්බා, බොකටු ගෝවා ආදිය එවැනි ආහාර වර්ගය. කොළ පැහැ එළවලු බොහොමයක කැල්සියම් අඩංගු වෙයි. එපමණක් නොව, මේවායින් බොහොමයක විටමින් ඩී ද අන්තර්ගත වෙයි. දිනපතා සිරුරට අවශ්‍ය කැල්සියම් උරා ගැනීමට උපකාරී වන්නේ විටමින් ඩී ය.

ආහාර පාලනය සහ සමබල ආහාර අනුභවය මගින් නියමිත බර පවත්වා ගෙන යෑමට හැකි වෙනවා පමණක් නොව, දියවැඩියාව ද පාලනය වෙයි. මේද සහිත ආහාර, ලුණු සහ සීනි අඩංගු ආහාර පාලනය කිරීම හෝ අඩු කිරීම මින් මෙය පහසු වෙයි.

නැවුම් පලතුරු සහ එළවලු වර්ග ආහාරයට එක් කර ගැනීමෙන් ඔබේ ජීර්ණ පද්ධතිය ද නිසි ලෙස ක්‍රියාකාරී වෙයි. ආහාර ජීර්ණයේදී පෝෂ්‍ය කොටස් නිසි ලෙස සිරුරට උරා ගනිමින්, ඉතිරිය නිසි පෙස බැහැර වීම සිදුවිය යුතුය. ඒ අනුව, බඩවැල් ආශ්‍රිත පිළිකා, අර්ශස් වැනි රෝග තත්ත්වයන් මඟ හරවා ගැනීමට හැකිවෙයි.

කාන්තාවන්ට ඇති ප්‍රධානතම ගැටලුවක් නම්, අනවශ්‍ය ආකාරයට මේද තැම්පත් වී සිරුරේ මනා හැඩය නැතිවී යෑමය. මෙය කාන්තාවන් බොහෝ දෙනකුට ඇති ගැටලුවකි. ඒත් සමබල නිරෝගී ආහාර මගින් මෙය නැතිකර ගැනීමට හැකිවෙයි. අනශ්‍ය මේද තැම්පත් වීම පමණක් නොව, එල්ලා වැටෙන අනවශ්‍ය මස්පිඬු ද නැති කර ගැනීමට හැකි වනු ඇත.



අදහස් (0)

නීරෝගී නම් මෙන්න වාසි

ඔබේ අදහස් එවන්න

lassanata inna

ගෙදරදිම ෆේෂල් එකක් කරමු
2020 ජුලි මස 22 270 0

මෙලෙස ලප කැළැල්වලින් තොර සුන්දර මුහුණක් ලබා ගැනීමට නම් ඒ සඳහා මුහුණේ සම නිරෝගීව තබා ගැනීම වැදගත් වේ. මේ සඳහා මසකට වරක්වත් ෆේෂල් සත්කාරයක් කර ගැනීම වැදග


ගෙදරදිම ෆේෂල් එකක් කරමු
2020 ජනවාරි මස 30 1530 0

රුව ගැන කතා කරන විට මුහුණට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. මේ නිසාම බොහෝදෙනෙකු මුහුණ පැහැපත්වීම සඳහා විවිධ ආලේපන භාවිතා කරති. මෙලෙස ලප කැළැල්වලින් තොර සුන


සරල ඇඳුම් පැලඳුම්
2020 ජනවාරි මස 30 436 0

ලස්සනට ඉන්න හැමකෙනෙක්ම කැමතියි. ඒ වෙනුවෙන් ඇතැමුන් නොකරන දෙයක් නෑ.


මුහුණට පැහැපත් හිතකර මේක්අප්
2020 ජනවාරි මස 29 429 0

මේ උත්සව කාලයයි. මේ කාලයේ බොහෝ දෙනෙකු විවිධ උත්සව අවස්ථාවලට සහභාගී වෙති. මෙහිදී තමන් අඳින පලඳින ඇඳුම් හා සමානවම සැලකිලිමත් විය යුතු කාරණයක් වන්නේ තමන්


ඇඳුමක් ඇන්දත් ලස්සන නෑ කොයිතරම් කෑවත් මහත් වෙන්නේ නෑ
2020 ජනවාරි මස 29 626 0

ශරීරයේ ඇති අධික කෘශබව රූප සොබාව හීන කරන සාධකයකි.


නීරෝගී නම් මෙන්න වාසි
2020 ජනවාරි මස 09 1157 0

ඔබ කෑම පාලනය කරනවා යැයි කියමු. එසේත් නැතිනම් පෝෂදායී සමබල ආහාර ඔබේ ආහාරවේලට දිනපතා එක් කර ගන්නවා යැයි කියමු. එසේ කිරීමෙන්, ඔබට ලැබෙන වාසි අතිමහත්ය. එයින


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 134 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 115 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 84 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site