IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


‘අගමැතිගේ ඇතැම් තීරණ ගැන ජනපතිගේ ප්‍රසාදයක් නෑ‘ - එස්. බී.

(චමිල් රූපසිංහ)

ඇමැතිවරුන් වෙනස් කර විෂයයන් පැවරීමේ තීන්දු ගෙන ඇත්තේ අගමැතිවරයා බවත් ඊට ජනපතිගේ සතුටක් ඇතැයි තමා නොසිතන බවත් සමාජ සවිබල ගැන්වීම්, සුබ සාධන හා උඩරට සංවර්ධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසීය.

මහනුවරදී අද(12) පැවැති උත්සවයකදී එසේ කී ඇමැතිවරයා එය නුසුදුසු බව තමාද පෞද්ගලිකව සිතන බව ප්‍රකාශ කළේය.

මේ අතර ඉදිරියේදි පැවැත්වෙන පළාත් පාළන මැතිවරණය සඳහා දිනය තිරණය කිරිම සම්බන්ධයෙන් රජය පැත්තෙන් අවශ්‍ය කටයුතු ඉදිරි සති දෙකේ දී සුදානම් කර ඒ වගකීම  මැතිවරණ කොමසමේ සභාපතිවරයාට  පවරන බවත් ඇමැතිවරයා කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු භේදයක් නැති බවත් සියලු තීන්දු ගනු ලබන්නේ ජනපති සමග සාකච්ඡා කර බවත් ජනපති සමග රාජපක්ෂ පවුලේ අය හා ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන් ද සාකච්ඡා කරමින් සිටින බවත් ඔහු පැවසීය.

ජෝන් අමරතුංග ඇමැතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කළ විමසීමකට පිළිතුරු දුන් එස්.බී.දිසානායක ඇමැතිවරයා එය එතරම් ඔළුවට ගත යුතු දෙයක් නොවන බව ප්‍රකාශ කළේය.



අදහස් (15)

‘අගමැතිගේ ඇතැම් තීරණ ගැන ජනපතිගේ ප්‍රසාදයක් නෑ‘ - එස්. බී.

thilina Monday, 12 June 2017 02:32 PM

ඒ දෙන්නගේම තීරණ ගැන රටේ මිනිස්සුන්ගේ කිසිම ප්‍රසාදයක් නැහැ ..එම දෙපළම ඔතන තිබ්බ තීරණය ගැන මුළු රටේම මිනිස්සු දුක් වෙනවා...

:       2246       2177

athuraTuesday, 13 June 2017 03:27 AM

මුළු රටේම මිනිස්සු නෙමෙයි ඔයාල වගේ කොටසක් තමයි දුක් වෙනවා ඇත්තේ.

:       0       1

lalith Monday, 12 June 2017 03:01 PM

වලිගෙ පාගගන්න එපා. ප්‍රවුර්තිය කියවන්න ඕන විභාගේ ප්‍රශ්න පත්තරේ කියවනවා වගේ හොඳ සැලකිල්ලෙන්. ජනපතිගේ ප්‍රසාදයක් නෑ කියල කිව්වට එස් බි එහෙම කියල නැහැ. එස් බි කියල තියෙන්නේ එය එහෙම හිතනවා කියල විතරයි. එක එයාගේ පුද්ගලික මතය. මේක ලියකු මහත්තය තමයි කියන්නේ කපුටෝ හත්දෙනෙක් මැරිලා උන්න කියල.

:       0       1

susantha Monday, 12 June 2017 03:08 PM

එතනට ගියමනේ දැන ගන්න ඇත්තෙත්, ජනාදිපති ඉතින් රටේ වැදගත් දේ ගැන හාන්කවිසියක් දන්නෙවත්, කිසිම තීරණයක් ගැනීමේ බලයක්වත් නැහැනේ.

:       0       0

anil Monday, 12 June 2017 03:09 PM

අම්බලන්තොටනම් හරිම ප්‍රසිද්දයි රූකඩ නැටුම් වලට.

:       0       0

Sirimevan Monday, 12 June 2017 04:52 PM

මේ කියන්නේ මැතිවරණයේදී සිරිසේන ජනපතිට විරුද්ධව වැඩ කරලා unp දිනපු නිසා පින් ඇමති කමක් ලබා ගත්තු කට දොඩවන නිසා හිරේටත් නියම වුනු චන්ද්‍රිකාට බලු බැනුම් බැනල ලජ්ජා නැතිව ආයෙමත් පස්සෙන් යන උතුමෙක් නේද.

:       1       48

Ranjan Tuesday, 13 June 2017 12:30 AM

ඔක්කොම බොරු බයිලා . තනතුරු නිසා තවත් ඉන්න තමිය් බලන්නේ

:       0       0

mama Tuesday, 13 June 2017 01:15 AM

මෙයා කියන ඒවා ගනන්ගන්න එපා. හෙට රාජපක්ෂ බලයට අවොත් මෙයා එයාගේ ඔඩොක්කුවේ.මෙයා දේශ පාලනෙට එනකොට තිබුන වත්කම අපි දන්නවා. අද මාලිගා හදල, පුතාල ඔස්ට්‍රේලියාවෙ ඇරලා. කොහෙන්ද මෙයාට මෙතරම් සල්ලි. කිසිම කෙලෙහි ගුණයක් නැති මිනිසෙක්. චන්ද්‍රිකාට පින්සිද්දවෙන්න කොටි ගණන් කෙලල. එ්ම නුස්සයටත් අන්තිමට තිත්ත කුණුහරපෙන් බැන්න මිනිසෙක් මෙයා.මේ මිනිස්සු ඉන්නොනේ හිරගෙවල් වල. අපේ කරුමෙට මුන් ඉන්නේ පාර්ලිමේන්තුවේ.

:       0       116

රෝහිත Tuesday, 13 June 2017 02:48 AM

හැබැයි ඉතින් මුදල් කාබාසිනියන්ව ඔතනින් තියපු එක ගැනත් අපි නම් කනගාටු වෙනවා

:       0       0

sachith Tuesday, 13 June 2017 03:21 AM

"එය එතරම් ඔළුවට ගත යුතු දෙයක් නොවන..ඔයාල කොහොමත් සාමාන්‍ය මිනිස්සු ගැනත් මේ වගේනේ හිතන්නේ. මොන අප්‍රසාදේ තිබ්බත් චන්දයක් අාවම ඔය පක්ෂ 2න් එකකට චන්දෙ දෙන්නේ කියල දන්නවා. කොයි පක්ෂේ දින්නත් මේවගේ අය හැමදාම ඇමති තමා.

:       0       52

උපාලි වරසකොන් Tuesday, 13 June 2017 03:23 AM

එදා බණ්ඩාරනායක මැතිතුමා U .N. P එකෙන් අස්උනේ ධනවාදී රාමුවක් තුල කට යුතු කිරීම අපහසු නිසා. වර්තමාන සමහර ශ්‍රි ලංකා නදහස් පක්‍ෂ මන්ත්‍රී වරුන්ට මේක අමතකවෙලා " යා දෙක නොරත රත සමග පැසීමක් නැත "

:       0       0

සෙනෙවි Tuesday, 13 June 2017 03:31 AM

එස්. බී. ගේ වාචාල කතා ගැනත් ජනපතිගේ ප්‍රසාදයක් නෑ.

:       0       14

upali Tuesday, 13 June 2017 03:45 AM

චක්‍ර ලේඛයට අත්සන් කරා කියන්නේ ජනපති එයට කැමතියි..අපිනම් විශ්වාස කරන්නේ නැහැ එය නොකියවා හෝ රනිල්ට බයේ අත්සන් කලා කියල..

:       0       0

hira Tuesday, 13 June 2017 04:25 AM

ඔය කියන දෙන්නා ගැනම මුළු රටම කම්පාවෙනවා. විසේසයෙන්ම සිංහල බවුද්ද ජනතාව උපන් රටේ අනාථයෝ කරලා. සුළු ජාති කියාගන්න මිනිස්සු විවිද ක්‍රම වලින් අන්තවාදය උපරිමයෙන් වපුරනවා.නිතිය ක්‍රියාත්මක වෙන්නේ සිංහල ජාතියට විතරයි. විග්නේශ්වරම්ලා, බදුර්දීන්ලා, අශ්රෝෆ්ලා හිතේ හැටියට ජාතිවාදය අවුස්සනවා පමණක් නොව 2050 දී පමණ ලංකාවේ මහා ජාතිය වෙන්න දගලනවා. අපි පත් කරපු ආණ්ඩුව මර නින්දේ.අපිට තියෙන්නේ මේ රට පමණි.

:       0       0

සිසිර Tuesday, 13 June 2017 05:34 AM

මේ පරාද ඇමතිතුමා ට කැමති වෙච්චි ජනාධිපතිතුමා එයාට ජනාධිපතිකම අරන් දීපු රනිල් මහත්තයාට අකමැති වෙන්න විදියක් නම් නැහැ. ඔය මොන ඇමතිකම් මාරු උනත් නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 81 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 89 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 765 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 213 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 637 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 146 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site