IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


අගමැතිට ඉල්ලා අස්වෙන්න’යි නාමල් කියයි

(අනීෂා මානගේ)

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවත් ජනමතයට හිස නවමින් පාර්ලිමේන්තුව විසුරුවා පාර්ලිමේන්තු මැතිවරණයකට යා යුතු බවත් හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“අපි ආණ්ඩුවට කියන්නේ කරුණාකරලා දැන්වත් ජනමතයට හිස නවන්න. පාර්ලිමේන්තුව විසිරුවලා පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉල්ලා අස්වෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි මේ රටේ ජනතාවට ජනතාවගේ ආණ්ඩුවක් ජනතා ඡන්දයෙන් පිහිටුවන්න පාර්ලිමේන්තුව විසිරුවන්න ඕන. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලය අරගෙන විසුරුවන්න පුළුවන්. ජනාධිපතිතුමාට ඒක කරන්න පුළුවන්.

රටේ ජනතාව ආණ්ඩුවට පණිවුඩයක් දීලා තියෙනවා. මේ ආණ්ඩුව කරගෙන යන අදූරදර්ශී වැඩ පිළිවෙල රටේ ජනතාව අද ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ජීවන වියදම, රට බෙදීම, රට තුළ තියෙන ජාතික සම්පත් විකිණීම හා මේ රටේ ආර්ථිකය කඩාකප්පල් කිරීම යන සියල්ලටම විරුද්ධව රටේ ජනමතය පොහොට්ටුවත් එක්ක අති දැවැන්ත විදියට ඒකරාශි වෙලා තියෙනවා.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.



අදහස් (47)

අගමැතිට ඉල්ලා අස්වෙන්න’යි නාමල් කියයි

Nuwan Sunday, 11 February 2018 08:58 AM

හා හා මල්ලි ඔයා කලබල නැතිව ඉන්න.

:       267       1281

indika Sunday, 11 February 2018 09:09 AM

මෙයාට අමතක වෙලාද දන්නේ නැහැ. මේ තිබ්බේ ප්‍රාදේශීය සභා ඡන්දෙ කියලා...

:       55       599

Lanka Sunday, 11 February 2018 09:13 AM

මහජනතාව කාටවත් කැමති නැහැ. වැඩි වැරදි අය ඉවත් කළා...

:       2       61

senavi Sunday, 11 February 2018 09:15 AM

එක දෙයක් කියන්න ඕනේ. මහින්ද මහත්තයාට ගිය පාර වැරදුනේ ඇතුළු නරක සහචරයන් නිසා. එම නිසා ඒවාගෙන් අත්මිදී පාඩමක් ඉගෙන ගෙන නැවත ඇවිත් දේශයත්, ආගමත්, ජාතියත් ආරක්ෂා කරන්න.

:       52       102

SilvaSunday, 11 February 2018 03:25 PM

දැන් එ් වටේ ඉන්න අලුත් සෙට් එකක්ද...? දන්නේ නැති නිසයි අහන්නේ...?

:       69       113

Ajith NissankaSunday, 11 February 2018 03:46 PM

අනේ සෙනෙවි! මහින්ද මහතා ගිය සැරේ පැරදුණේ නරක සහචරයින් නිසාද? !!! එතකොට අර ලාබ ලබමින් තිබිච්ච එයාර් ලංකා ගුවන් සමාගම බලෙන් පවුල් සන්තක කරලා අට පාස් නැති මස්සිනා පොඩ්ඩට බාර දීලා කෝටි 12500ක් පාඩු කලෙත් ඔය කිව්ව නරක ළමයි ඇසුරු කරපු හින්දාද? ඒ වුණාට ජනතාව මේ අය වෙනුවෙන් තව කෝටි ගාණක් මාටියා ගහන්න ලයිසන් දීලා තියෙන්නේ !! ඒක නිසා අවුලක් නැහැ!

:       71       185

Roshan Sunday, 11 February 2018 09:15 AM

අනේ මේ ඔයා උඩ පනින්නේ නැතුව ඉන්න. ඔය ඡන්දෙ ලැබුනේ ඔයාටවත්, ඔයාගේ බැසිල් බාප්පාටවත් ඔය ඉල්ලපු එක අපේක්ෂකයෙකුටවත් නෙවෙයි. මහින්ද රාජපක්ෂ මහතාට..... ආපහු පාරක් එන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න.

:       0       363

chaminda Sunday, 11 February 2018 09:18 AM

නාමල් උන්නැහේ රට ඉල්ලන්න කලින් ජනාධිපතිවරණයක් දිනන්න පුළුවන්ද කියල කියන්නකෝ.... බැරිනම් පාඩුවේ ඉන්න. ඉල්ලනවා නම් ජනාධිපතිවරණයක් ඉල්ලන්න.

:       103       556

lalindra Sunday, 11 February 2018 09:19 AM

ඉල්ලා අස්වෙලා විතරක් මදි. එතුමා එක්සත් ජාතික පක්ෂයෙනුත් චුත වෙලා යන්න ඕනේ. ප්‍රබල එක්සත් ජාතික පක්ෂය විනාශ කරගත්තෙත් රනිල් මහත්තයලාම තමයි. එතුමා හිතාගන ඉන්නේ එතුමා සියල්ල දත් කියලා. ලෝකේ තියන මෝඩම වැඩ ඔක්කොම කළේ එතුමා. 2002 කාලේදී පාක්ෂිකයෝ දුක්විඳගෙන ආණ්ඩුවක් හැදුවා. සාම ගිවිසුමක් ගහගන පක්ෂයට කොටි ලේබලයකුත් ගහගෙන අවුරුදු දහතුනක් ආණ්ඩුවක් නැතුව හිටියා. ඊටපස්සේ මෛත්‍රි දාගෙන අයෙත් පාක්ෂිකයෝ දුක් විඳලා ආණ්ඩුවක් හැදුවා මාසයක් යන්න හම්බවුනේ නෑ. පිටරටින් ගජමිතුරු හොරු ගෙනැල්ලා ඒ ආණ්ඩුවට කරගත්ත දේ තමා මේ. රනිල් මහත්තයා හිතාගෙන ඉන්නේ වැඩකාරයෝ ඉන්නේ රෝයලිස්ට්ස්ලා අතර හා ලෝයර්ලා අතර විතරයි කියලා. පොදු ජන සිතුවිලි හැගීම් තේරුම් ගන්න බැරි අතිපණ්ඩිත නායකයෙකුගෙන් එජාපයට වෙච්ච සන්තෑසිය හොඳටම ඇති. අනේ කරුණාකරලා ඔයාටයි කෝට් අඳින, සිංහල හරියට කතාකරගන්න බැරි ඔබතුමාගේ රෝයල් ලෝයර්ලා ගැන්සිය එක්ක පක්ෂයෙන් චුතවෙන්න...

:       643       1095

ChandimaMonday, 12 February 2018 04:26 AM

අනේ නාමල් ළමයෝ තාත්ත මේ අමාරුවෙන් ලබා ගත්තු මේ ජයග්‍රහණයෙන් ඔය ළමය නිකන් ඉදිමෙන්න හදන්න එපා.

:       0       0

aseMonday, 12 February 2018 05:30 AM

ඔය ලිඳ ළඟ කතාවක්ද ?

:       0       1

indra Sunday, 11 February 2018 09:20 AM

නාමල් මැතිතුමනි, මේ කැඳවීම හොරුන්ට නොවේ...

:       52       347

Kirthi Sunday, 11 February 2018 09:32 AM

හම්බන්තොට පරාදයිනේ ! මොකද ඒ?

:       120       432

Chanak Los angeles Sunday, 11 February 2018 09:33 AM

2020 වෙනකල් ආණ්ඩුව පවතිනවා ..

:       769       1134

well wisher Sunday, 11 February 2018 09:58 AM

අායෙත් රේස් පදින්න, රෝකෙට් යවන්න, නාවික හමුදාවෙන් පලිගන්න, ෆයිල් ළඟ තියාගන්න, කෝලාහල ඇතිකරන්න, කෝටි ගණන් සල්ලි ගහන්න, ලේසියිනේ අායිත් බලයට අවොත්...

:       570       2228

sirimal Sunday, 11 February 2018 09:59 AM

අනේ අපොයි. මේක ආණ්ඩුවක් පත් කරන ඡන්දයක් කියලද හිතාගෙන හිටියේ?

:       1008       1491

srimalSunday, 11 February 2018 10:24 AM

ඔව් ඇයි අවුල්ද?

:       40       55

shan saudi Sunday, 11 February 2018 10:01 AM

අනේ මෙයා හිතාගන ඉන්නේ ආණ්ඩුව පෙරළුනා කියලා.. බලා ඉන්න රනිල් ආණ්ඩුව බාර දේවි මේන් කියලා... දැන් ඉතින් ලෑස්ති වෙන්න කරපු දේවල් වලට හිරේ යන්න.

:       10       253

Ruwan Sunday, 11 February 2018 10:01 AM

අගමැතිතුමා පන්නන්න එපා මල්ලි, එයා ඉන්නකන් පොහොට්ටුව දිනනවා.

:       23       36

dasuni Sunday, 11 February 2018 10:03 AM

තාත්තට යනඑන මන් නැති නොකර පැත්තකට වෙලා ඉන්න.

:       2       222

පිටිගල මිලානෝ Sunday, 11 February 2018 10:10 AM

ඔන්න මේ ගොල්ලෝ පැනලා අායෙත් කන්න හදනවා. ඡන්දෙට ඉස්සෙල්ලා මෙයා කට ඇරියානම් ඔය ඡන්ද වලින් භාගයක් නැතිවෙනවා. 2020 ගෝඨාභය දිනන්න නම් මෙයා දේශපාලනයෙන් සමුගන්න ඕනේ.

:       0       456

Ajith NissankaSunday, 11 February 2018 03:58 PM

ඒක නිසා පිටිගල මිලානෝ, අපි මේ කොලු ගැටයව ඇමෙරිකාවට යවලා ගෝඨා මාමා අැමෙරිකාවෙන් ගෙන එමු! ගෝඨා මාමා ගොඩ දැම්මට පස්සේ නාමල් බේබිට ආපහු එන්න පුළුවන්නේ! මොකද හොර මැරකම් වලට මෙයා බේබි නෙවෙයිනේ! ඒක නිසා සුදු වෑන් බලකායේ නායක කමට මේ බේබි එලකිරි !!!

:       0       0

Ranil Sunday, 11 February 2018 10:11 AM

අනේ යන්න. ඔයාට පුළුවන්ද ආණ්ඩු කරන්න?

:       1       199

Jehaan Sunday, 11 February 2018 10:12 AM

ඔය ටික කියන්න ඔබට වැඩිය පරිණත සුදුස්සෝ පක්ෂයේ ඉන්නවා. අනෙක යන්න වෙනවා නම් ඒ මනුස්සයා යාවි. ඔබලාට වගේ තනතුරෙන් හම්බ කරන කන්න අවශ්‍ය කෙනෙක් නෙවෙයිනේ. ඕනෑම වෙලාවක ජීවත් වෙන්න පුළුවන් විදියට නීති ප්‍රකාර නීති විභාග පාස් කල කෙනෙක්නේ. හොර පෙරකදොරුවෙක් නෙවෙයි.

:       40       699

Aith Nissanka Sunday, 11 February 2018 10:18 AM

ජාතික සම්පත් විකිණීම නවතා එම සම්පත් වලින් උපරිම මාටියා ගැසීම සදහා මගේ මාමලා සහ ඩේසි ආච්චි එම ආයතන වල සභාපතිලා කරමු !

:       3       267

Bimal Sunday, 11 February 2018 10:21 AM

දැන් ඔය ටික කියන්න ඔබතුමාට වැඩිය දේශපාලන ක්ෂේත්‍රයේ සුදුස්සු ඉන්න බව නොදන්නා කමෙන්ම තේරෙනවා... තවම දේශපාලනයේ රන් කිරි ගාලාවත් නැති බව.

:       0       33

sunil Sunday, 11 February 2018 10:26 AM

ඔයාගේ,මල්ලිලාගේ, බාප්පලාගේ වැඩ නිසා තමා තාත්තට ගෙදර යන්න වුනේ. දෙවෙනි පාරත් ඒ වැරද්දම කරන්න එපා!

:       1       78

erdi Sunday, 11 February 2018 10:35 AM

උගතුන්ට රැකියාවක් ගැන කිසිදු බයක් නැත උගත්කම ආභරණයක් සේ යම් තැනකදී දිදුලයි.

:       0       3

Rane Sunday, 11 February 2018 10:44 AM

ජනමතය වැරදියට තේරුම් ගන්න නම් එපා

:       0       46

Nandalal DE SILVA - France Sunday, 11 February 2018 10:51 AM

මෙන්නෝ ඔටුන්න (අ)හිමි කොළුපැටියා දිග නින්දකින් අවදිවෙලා විකාර දොඩවනවා! අප්පච්චි ආයෙත් රජකරවන්න කටමැත දොඩවනවා වගෙයි! එහෙම වුණොත් අපට රජ සැප, රටට හෙනහත! රජයට, ජනපතිට උපදෙස් දෙන්න මෙයාට තියෙන සුදුසුකම් මොනවද? මීට වඩා පරිණත, උගත්, දැනුම් ඇති අය මේ රටේ නැද්ද?

:       47       168

dama Sunday, 11 February 2018 11:02 AM

ආයිමත් ලැම්බොගිනි පදින්නද හදන්නේ?

:       4       126

TPK Sunday, 11 February 2018 11:02 AM

බැඳුම්කර වංචා කරපු ආණ්ඩුවක් එපා. රට බෙදලා දාන ආණ්ඩුවක් එපා. ආපු ප්‍රතිඵලේ හොඳයි. හැබැයි නාමල් ආයේ දඟලන්න එපා. පොහොට්ටුවට සදා ජයෙන් ජය.!!!

:       3       76

Dhanushka Sunday, 11 February 2018 11:22 AM

නාමල් දන්න දේශපාලනේ.. මොන්ටිසෝරි යන්න ඕනෙ කෙනෙක්නේ.. කව්ද ගණන් ගන්නේ?

:       7       100

Ramsi Sunday, 11 February 2018 11:40 AM

රටේ ජනාධිපතිට උපදෙස් දෙන්න මෙයා කව්ද? මෙයාලා හිතන් ඉන්නේ ආයෙත් තාත්තා රජවෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. පුදුම විදියට රටේ ජනාධිපතිට, අගමැතිට ගොරවන්නේ... එච්චර බලයක් කොයින්ද?

:       56       148

Sanka Sunday, 11 February 2018 12:47 PM

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අය ඒක ගැන බලාගනී.

:       1       16

menna Sunday, 11 February 2018 12:52 PM

එක්සත් ජාතික පක්ෂය තනියම 31%ක්ම අරන්. මටනම් පැරදුනා කියල හිතාගන්න තේරෙන්නේ නැහැ. දන්නේ නැති හින්දයි අහන්නේ. අඩුම ගානේ දෙවැනි තැනවත් ඉන්නවා. මටනම් තේරෙන්නේ, පැරදිලා තියෙන්නේ ඔබතුමන්ලා කියල. බල තණ්හාහවට අලුත් පක්ෂයක් හදාගෙන ඒකෙන් ඡන්දේ දිනුවට, ඇත්තටම ඔබතුමන්ලාගේ දේශපාලන ප්‍රතිපත්තිය කුමක්ද? ඔබතුමන්ලා මුල හිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැරදිලානේ. ඔබතුමන්ලාගේ දේශපාලන ප්‍රතිපත්තිය, කුමක් හෝ කර දිනන එකද? මට තේරෙන්නේ නැහැ. රග්බි ගහන්නත් ඕනේ! නඩු කියන්නත් ඕනේ! දේශපාලනය කරන්නත් ඕනේ! හැම තැනටම අතයි කටයි ගගහ, කරන දේ ගැන කිසි පැහැදිලි කමක් නැහැ.

:       247       307

BamunuarachchiMonday, 12 February 2018 12:58 AM

රටේ අනිකුත් මිනිසුන් වගේ හිතන කොටසක් නොවෙයි එජාපකාරයින්. ඒ ගොල්ලන්ගේ සටන් පාඨය.. මැරුවත්, අපි එජාපයෙන් පොල්පිත්තක් දැම්මත් අපි ඡන්දෙ දෙනවා කියන එකයි... 31% ලැබෙන්නේ අනික සෙසු පළාත්වල ඉන්න අන්‍ය ආගමිකයින් සුළු ජාතිකයින් ඡන්දය දෙන්නේ එජාපයට. එ්නිසා එජාපයටම වෙන්වූ ඡන්ද කොටසක් තිබෙනවා. නැතිනම් යුද්ධය දිනන්න බැහැ කියලා උතුර ප්‍රභාකරන්ට අවුරුදු 10ක් දෙමුයි කීව රනිල්ට ඡන්දය දෙන සිංහලයෝත් ඉන්නවාද මේ රටේ...

:       0       0

Burnard Sunday, 11 February 2018 01:23 PM

නීති විද්‍යායාලයේ ඉතිහාසයේ ඉහලම ලකුණු ලබා සමත්වූ මෙතුමා කියන දෙය අපි අවිවාදයෙන්ම පිලිගත යුතුමයි.

:       1       51

David Sunday, 11 February 2018 01:34 PM

මොකද කලබල වෙලා. හෙමිහිට යමු.

:       0       15

දීපාක් කරුනාරත්න Sunday, 11 February 2018 02:33 PM

ඔයාලා දිනුවේ ගම මිසක් රට නෙවෙයි, ඉස්සෙල්ලාම ගමට දැනෙන දෙයක් කරන්න. හොරකමට මුල් තැන නොදී. ඊට පස්සේ රට ගැන කතා කරමු.

:       1       569

BamunuarachchiMonday, 12 February 2018 12:35 AM

ගමට ළිං කපනවා, බෝක්කු හදනවා, පාරට තාර දානවා, පාරට ලයිට් දානවා වගේ වැඩක් හැරෙන්නට වෙන මොනවාද ගමේ අයට කරන්න පුළුවන්. මෙතැනදී ජනතාව පවතින රජයට අකමැතියි කියන එක පෙන්වා තිබෙනවා. කොහොම වුනත් ජනතාව ඉක්මන් වුණා කියා සිතෙනවා. මේ ගොල්ලන්ට තව රට කන්න ඉඩදීලා 2020දී පෙරලා දැම්මා නම් තමයි රටට වැඩක් වෙන්නේ. දැන් මේ ගොල්ලෝ හැදෙන්න බලයි.

:       0       0

Faizer Sunday, 11 February 2018 02:52 PM

අවරුදු පහකට වරම කලින් ඉවරකරන්න ඔබතුමා කව්ද? එහෙමනම් ජනපතිතුමත් ඉල්ලා අස්විය යුතු නැද්ද?

:       0       0

Ratnamalala Sunday, 11 February 2018 05:23 PM

පිස්සුද හලෝ තමුසෙට.මට ලැජ්ජාවක් නැති වගේ දන්නේ නැති.

:       0       0

rocky Monday, 12 February 2018 03:03 AM

හා හා !!! කලබල වෙන්න එපා. දැන්මම වැඩ පටන් ගන්න ඔහොම බැහැ. රටේ ව්‍යවස්ථාවක් තියනවා.. නීතියක් තියනවා. පප්පගේ කාලේ වගේ තවමත් ඔහෙලට ඕන ඕන විදිහට වැඩ කරන්න බැහැ.

:       0       0

chinthaka Monday, 12 February 2018 03:46 AM

ඇයි ඔයා අගමැති වෙන්නද.

:       0       0

tishan Monday, 12 February 2018 04:17 AM

අපේ සල්ලි වලින් ආපහු පරම්පරාවම බඩු ගහන්නද?

:       0       0

SAMANTHA Monday, 12 February 2018 04:24 AM

දැන්වත් ඔය වාචාල හොකර කට වහගෙන හිටියොත් හොදයි අයෙත් අර මනුස්සයව අමාරුවේ දාල යන එන මං නැති කරන්නේ නැතිව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 148 0

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 632 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 179 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 188 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 735 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 245 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site