IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


අංගම්පොරයට ගිය සිසුන් පොලිස් කූඩුවට දමලා

තරිඳු ජයවර්ධන

අංගම්පොර පුහුණවට ගොස් නිවසට යමින් සිටි විශ්ව විද්‍යාල සිසුන් පස් දෙනකු පොලිසියෙන් අත්අඩංගුවට ගෙන පැය ගණනක් රඳවා තබා ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් එම සිසුන්ගේ දෙමාපියෝ උසස් පොලිස් නිලධාරීන්ට පැමිණිලි කළහ.

කුඩා කළ සිට අංගම්පොර කලාව ප්‍රගුණ කරන ඔවුන් සුපුරුදු පරිදි සටන් කලාප පුරුදු වීමට විහාරස්ථානයකට ගොස් ඇත.  ඉන් එළියට එද්දී යක්කල පොලිසියෙන් පැමිණ ඔවුන් ගෙන ගොස් පොලිස් සිර මැදිරියේ උදෑසන වන තුරු රඳවා තබා ඇති අතර නිවාසවලට දැනුම් දීමට ද ඉඩ දී නැත.

උදේ එක් සිසුවකුගේ පියකු ද වන ගුරුවරයකු පැමිණි අවස්ථාවේ බැඳුම්කරයක් මත අත්සන් ගෙන සිසුන් මුදා හැර තිබේ.

මේ ගැන කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසුවේ පුද්ගලයකු සැක පිට ගන්නේ නම් එම සැකය පැහැදිලි කිරීමේ හැකියාව නිලධාරීන්ට තිබිය යුතු බවයි.    හිතු මතේ පුද්ගලයකු අත්අඩංගුවට ගත නැහැකි බව ද එසේ සාධාරණ සැකයක් නැතිව හිතුමතේ අත්අඩංගුවට ගන්නේ නම් එය නීති විරෝධී අත්අඩංගුවට ගැනීමක් බව ද සඳහන් කළේය.



අදහස් (9)

අංගම්පොරයට ගිය සිසුන් පොලිස් කූඩුවට දමලා

kumar (galf) Monday, 19 June 2017 12:53 PM

ආයේ 71 වගේ නාඩගමක් නටන්න ලැහැස්ති වෙනවාද දන්නේ නෑ.... විශ්ව විද්‍යාල සිසුන්?

:       539       352

LakmalMonday, 19 June 2017 04:13 PM

කුමාර් ඔයා පාසල් ගිහින් තියෙනවාද?

:       4       102

aravindaMonday, 19 June 2017 04:56 PM

විශ්ව විද්‍යාල සිසුන් පස් දෙනෙක්ම එකවර කුඩා කළ සිටම අංගම්පොර කලාව ප්‍රගුණ කරන්නට පටන්ගෙන් තිබීම සැක සහිතයි. සමහරවිට කුමාර්ගේ ගේ අදහසේ ඇත්තක් තිබෙන්නට පුළුවන්. කව්රුත් මේ දේවල් ගැන සෝදිසියෙන් හිටියොත් හොඳයි.

:       60       63

mangala welarathna Monday, 19 June 2017 01:38 PM

නීති විරෝධී ලෙස අත්‍ අඩංගුවට ගත් නිලධාරීන්ට විනය කියා දෙන්න...

:       61       183

Lal Monday, 19 June 2017 03:00 PM

මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන්න.

:       31       220

sanju Monday, 19 June 2017 11:23 PM

සල්ලි ඉල්ලලා මානව හිමිකම් කොමිසමට යන්න. මේ දූෂිතයන්ට පාඩමක් උගන්නන. වැඩක් නැහැ ඉතින් ලංකාවේ මානව හිමිකම් කොමිසමත් දූශිතෛ. කාට කියන්නද.

:       3       50

ලුම්බිණි Tuesday, 20 June 2017 12:41 AM

ලංකාවේ සමහර පොලිස් නිලධාරින් නැවතත් පුහුණු කල යුතු බවකුයි පෙනෙන්නේ.

:       1       36

කොබා Tuesday, 20 June 2017 04:17 AM

ජාතීන් අතර සමගිය නැතිකරන අවුල් වියවුල් ඇති කරන හෙවත (ethnic.unrest ) සමයක් ලංකාවේ දැන් තියෙන්නේ, මේක පටු දේශපාලනික හෝ ආගමික අන්තවාදී කම් නිසා නූගත් මෝඩයන් අන්දමින් කරවන වැඩක්, මොවුන්ට උවමනා වී තිබෙන්නේ ආයෙත් අපේ රට සිවිල් යුද්ධයකට ඇද දමන්නයි. මේ ට්‍රෙන්ඩ් ඒක මොන ක්‍රමයකින් හෝ නවතා දමන්න ඕනෑ, මොකද ආපහු සිවිල් යුද්ධයකට යන්න අපට බැහැ, පළමු යුද්ධ වලින් අප හෙම්බත් වෙලා අන්තයටම ආර්ථිකව,සමාජීයව විනාශ වෙලා, ආයෙත් අවුලක් ආවොත් අපට ඉරාකය,සිරියාව වගේ දුක්ඛිත තත්වයකට පත්වන්න වේවි. ඒ නිසා රාත්‍රී කාලයේ හේතුවක් නොමැතිව හැසිරෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම වරදක් නොවෙයි, බුදුන් වහන්සේ අපට මේ ගැන සිඟාලොවාද සූත්‍රයේ දී පැහැදිළිව මේ සම්බන්ධයෙන් කරුණු දක්වා තිබෙනවා. එනම් අකාලයේ වීදි සංචාරය යනු පිරිහීමේ ලකුණක් බව.

:       0       0

නුමා Tuesday, 20 June 2017 04:48 AM

කුමාර්(ගල්ෆ්) වගේ සිසුන් සමඟ අමනාපයක් තිබුණු කෙනෙක් පොලිසියට ඔත්තුවක් දීලද දන්නේ නැහැ. 5 දෙනෙක් නෙමේ 100 දෙනෙක් උනත් අංගම්පොර ඉගෙනගැනීම ප්‍රශ්නයක් වෙන්න බැහැ. මොකද ලංකාවේ පාසල්, වෙනත් ආයතන වල ආත්මාරක්ෂක සටන් කලාවන් උගන්වනෙන් නැද්ද? ලංකාවේ මහා ලොකුවට පරම බවට කිසිම දෙයකට නිදහසක් නැති රටක් බවයි පොඩ්ඩක් වෙන රටකට ගිහින් බැලුවහම පෙන්නේ. සමහරවිට 30 අවුරුදු යුද්ධය නිසා වෙන්න ඕන මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. නමුත් යුද්ධය ඉවර වෙලා වසර 8ක් ගිහිල්ලත් තවම වෙනස් වෙන්න බැහැ කියන්නේ අපේම උවමනාවක් නැතිකම මිස වෙන දෙයක් නෙමේ. අපි කවදත් පොලිසියට දෙකට නැමිලා තම ඉන්නේ. පොලිසිය ඉන්නේ හිතුමතේ වැඩ කරන්න නෙමේ, වරදක් වෙනවනම් එතනට මැදිහත් වෙන එක රාජකාරිය උනත්, අනිත් වෙලාවට මැදිහත් වෙන්න අයිතියක් නැහැ. අපි නිකම් පාරේ යනකොට පොලිස්කාරයෙක් දැක්කත්, උපන්දා ඉඳල කරපුව කල්පනා කරනවා කුදලාගෙන යන්න හේතුවක් තියෙයිද කියල. දැන් අපිට වෙනස් වෙන්න කාලේ හරි. අනික පොලිසියට තමන්ගේ අංශයට අදාලව හොඳ පුහුණුවක් දිය යුතුයි. තමන්ගේ සිමා මායිම් මොනවද කියල තේරුම් කල යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 635 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 176 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 526 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 133 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1778 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site