IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


අතුරුදන් වූවන් ගැන විස්තර කාර්යාලයට දෙන්න - විදේශ අමාත්‍යාංශය

( තිළිණි ද සිල්වා )
 
යුද ගැටුම් පැවති සමයේ දී අතුරුදන් වූවායැයි කියන පුද්ගලයින්  සම්බන්ධයෙන් අන්තර්ජාලයෙහි පළ කර තිබුණු 351 දෙනෙකුගේ නම් ලැයිස්තුව පිළිබඳ හෝ ඊට අදාළ වෙනත් තොරතුරු අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය වෙත ලිඛිතව දැනුම් දෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

 
සත්‍ය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යයන්තර ව්‍යාපෘතිය විසින් අන්තර්ජාලයෙහි පළ කරන ලද නම් ලැයිස්තුව සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය මෙම ඉල්ලීම කර තිබේ.
 
එම ජාත්‍යන්තර ව්‍යාපෘතිය ප්‍රකාශයට පත් කළ මෙම ලැයිස්තුවට ඇතුළත් වනුයේ 2009 මැයි මාසයේදී  හමුදා භාරයේ සිටියදී අතුරුදන් වූ යැයි කියනු ලබන පුද්ගලයන් වන අතර එහි  පුද්ගලයින් 351 දෙනෙකුගේ විස්තර සඳහන්ව ඇති හෙයින් එම සියලු තොරතුරු අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය වෙත දැනුම් දෙන්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
 
අතුරුදන් වූ පුද්ගලයන් සෙවීම, ඔවුන් එසේ අතුරුදන් වූ වාතාවරණයන් හා ඔවුන්ට අත් වූ ඉරණම පැහැදිලි කිරීම, පුද්ගලයන් අතුරුදන්වීමේ සිද්ධීන් අඩු කිරීම පිණිස අදාල බලධාරීන් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම, අතුරුදන් වූ පුද්ගලයන්ගේ හා ඔවුන්ගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් සහ අභිලාෂයන් ආරක්ෂා කිරීම සහ එවැනි අතුරුදන් වූ පුද්ගලයන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට පිළියම් ලබාගැනීම සඳහා භාවිතා කළ හැකි යෝග්‍ය මාර්ග හඳුනා ගැනීම යන කාර්යයන් ඉටු කිරීම පිහිටුවනු ලැබූ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයෙන් සිදු වන බවද එම අමාත්‍යාංශය කියා සිටී.
 
එබැවින් මෙවැනි තොරතුරු අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය වෙත දැනුම් දෙන ලෙස මෙරට හෝ විදේශ රටවල වාසය කරන සියලු දෙනාගෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශය කාරුණිකව ඉල්ලා සිටී.
 
එසේම යුද ගැටුම් සමයේ අතුරුදන්ව ඇතැයි කියන පුද්ගලයින් සම්බන්ධයෙන් ඇති ඕනෑම තොරතුරක් සභාපති ,අංක 34 , නාරාහේන්පිට පාර , නාවල යන ලිපිනයට හෝ යන [email protected] විද්‍යුත් තැපෑලට යොමු කරන්නැයිද එම අමාත්‍යාංශය දැනුම් දෙයි.



අදහස් (1)

අතුරුදන් වූවන් ගැන විස්තර කාර්යාලයට දෙන්න - විදේශ අමාත්‍යාංශය

lusena Wednesday, 20 June 2018 03:40 PM

88.89 භීෂණ සමයේ අතුරුදන් වූවන් ගැන (60,000 ජනතාව) මෙමගින් සොයා බැලීමක් නැද්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

‘‘ජනපති කෙලින් වැඩ කරන නායකයෙක් ‘‘ සජබ මන්ත්‍රී කියයි
2025 මාර්තු මස 14 329 0

ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත


රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 229 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 143 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 733 1

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 378 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 377 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 223 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 517 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 248 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site