IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


අදහස් පළ කිරීමේදී වගකීම් සහගතවන්නැයි අගමැති කියයි

(අංජුල මහික වීරරත්න)
 

එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් ජනතා සේවය කිරීමේදී මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේදී දැඩි වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අද(27) පැවසීය.
 
එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්විය.
 
මැති ඇමතිවරුන් කොකෝන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට මහා මාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කර තිබූ ප්‍රකාශය පිළිබඳව ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අවධානය යොමු කෙරිණි.
  
වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට තමන්ට අයිතියක් නැති බව කෘත්‍යාධිකාරී මණ්ඩලයට සඳහන් කර ඇති අග්‍රාමාත්‍යවරයා අවශ්‍ය නම් රහස් පොලිස් වාර්තා පදනම් කරගනිමින් රජයක් ලෙස අදාළ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ක්‍රියාකළ හැකි බවද පෙන්වා දී තිබේ.
 
කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ආවේගාත්මක ලෙස අදහස් පළ කර ඇති රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසා ඇත්තේ තමන්ට සාමාජිතයන් ලක්ෂ 7ක් සිටින ගිණුමක් මුහුණුපොතේ ඇති බවත් ජනප්‍රිය දේශපාලකයෙක් ලෙස තමන් කියන කරුණු ගැන අවධානය යොමු කළ යුතු බවත්ය.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ද එහිදී වගකීමෙන් අදහස් ප්‍රකාශ කිරීමේ වැදගත්කම පිළිබඳව පවසා තිබේ.
කෘත්‍යාධිකාරී මණ්ඩලය පැවැත්වෙද්දී රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අවේගාත්මකව අදහස් පළ කරමින් ඉන් පිටව යාමට උත්සාහ කළ බවද වාර්තා වේ.
  

 



අදහස් (6)

අදහස් පළ කිරීමේදී වගකීම් සහගතවන්නැයි අගමැති කියයි

Raveendra Wednesday, 27 February 2019 11:23 AM

ඔව් ඔව් අපට මතකයි මොකෙක්ද ගවයෙක් කිව්වා තරුණ තරුණියන්ට නොමිලේ බ්‍රේස්ලට් දෙනවා කිව්වා.. ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ගැන. එතකොට ගෙවල් වටේට වයිෆයි නොමිලේ දෙනවා කියලා. එහෙම කිව්වේ ස්ථිරවම ගවයෙක් වෙන්න ඇති.. මොකද කකුල් දෙකේ ගවයන්ට, මී හරකුන්ට කිසිඳු වගකීමක් නැහැනේ.. ඔහේ කියවනවානේ. ඉතින් මේ ගොයියාගේ කතාව 100% නිවැරදියි.

:       1428       493

Rameesha de silva Wednesday, 27 February 2019 11:41 AM

මහ බැංකු අධිපති පත්කරද්දිත් වගකීමෙන් වැඩකරන්න තිබුණනේ...

:       272       315

LIYANAGE Wednesday, 27 February 2019 12:02 PM

මැති ඇමතිවරුන් කොකෝන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට මහාමාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කර තිබූ ප්‍රකාශය පිළිබඳව රජය අවධානය යොමුකොට වැරදිකරුවන් වන ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන්ගේ වෛද්‍ය පරීක්ෂාවක් කිරීමට පියවර ගැනීම වැදගත්ය. රන්ජන් නළුවකු බව සැබෑය. නමුත් ඔහු ප්‍රසිද්ධියේ කරන ලද ප්‍රකාශය පිළිබඳව සොයා බැලීම වටී. සමහර උගත් යැයි කියාගන්න ඇමතිවරු නායකයා එලවන්නට ක්‍රියාකරද්දී රන්ජන් පක්ෂය සහ නායකයා වෙනුවෙන් සෑම අවස්ථාවකදීම ජයග්‍රහණයේදී සහ පරාජයේදී සිටි කෙනෙකි. එමනිසා එක්සත් ජාතික පක්ෂයේ කීර්තිනාමයට කැළලක් කරතිබෙන කුඩු අැමතීන්ට දඬුවම් දිය යුතුය. පාර්ලිමේන්තුවේ සිටින කුඩු ඇමතිවරුන් ආරක්ෂා කරන්නේ නම් එය රටට මහත් කැළලකි...

:       5       125

TDWednesday, 27 February 2019 02:48 PM

ලියනගේ කියන කථාවේ සත්‍යයක් තිබේ. ලංකාවේ ජනතවගෙන් සියයට 90% රන්ජන්ගේ ක්‍රියාව අනුමත කරනු ලැබේ. රන්ජන්ගේ මේ හෙලිදරවත් සමග රටේ ජනතාවට සහ දේශපාලන නායකයන්ට වගකීමක් තිබේ එනම් මීලග මැතිවරණවලදී දේශපාලනයට උගත් බුද්ධිමත් පිරිසක් ඉදිරිපත් කිරීමට පියවර ගැනිමය. රන්ජන් නොව වෙනත් කෙනෙකු මෙවන් හෙළිදරව්වක් කලානම් තත්වය කුමක්ද

:       5       10

Raveendra Wednesday, 27 February 2019 12:44 PM

සුත්තර පුංචා කියලයි මට කියන්නේ... ඇරියොත් කට ටොම් පචමයි කියන්නේ... එබැවින් කෙසේ වගකීමෙන් කියන්නේ... එනිසා නමත් මහදැනමුත්තා වුනානේ...

:       5       133

wedage Thursday, 28 February 2019 06:00 AM

ඔබතුමා ඉතින් ඉංග්‍රීසියෙන් හිතල සිංහලෙන් කියන කෙනා නේ ඔබතුමාගේ දක්ෂ කම කියන්නේ කිසිම කෙනෙකුට නොතේරෙන විදියට ඇඟ බේරාගෙන කතා කරන එක තමයි.............

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

අක්මීමන වෙඩික්කරුවන්ගේ බවට සැක යතුරු පැදි දෙකක් හමුවේ
2025 මාර්තු මස 13 358 0

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව


රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 275 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 447 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 1343 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 1103 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1496 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 199 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 462 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 242 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site