IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘අද රටට නායකයෝ ගොඩයි‘ - මහින්ද

(නාලක සංජීව දහනායක / ඡායාරූප - ඉෂාන් සංජීව)

අනිද්දා පාර්ලිමේන්තුවේ දී විවාද කිරීමට නියමිත අතුරුදන්වූවන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනතට ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(3) ත්‍රිකුණාමලයේ දී පැවසීය.

"වැඩ බැරි ආණ්ඩුව පලවා හරිමු" මැයෙන් ඒකාබද්ධ විපක්ෂය අද ත්‍රිකුණාමල නගරයේ සංවිධානය කළ ජනරැලියක් අමතමින් රාජපක්ෂ මහතා එසේ කීවේය.

‘විදේශයන්ට අවශ්‍ය ආකාරයට නඩු අහලා ත්‍රස්තවාදය නිම කිරීමට නායකත්වය දුන් රණවිරුවන්, දේශපාලන නායකයන් ඒ රටවලට පාවා දෙන්න ආණ්ඩුව පනතක් ගේනවා. ඒකාබද්ධ විපක්ෂය ඒ පනතට විරුද්ධයි. අද රටට නායකයෝ ගොඩයි. ආණ්ඩුවේ ඉන්න ඔක්කොම අය නායකයන් වෙන්න යන නිසා රටේ හැමතැනම ප්‍රශ්න. කැබිනට් ප්‍රකාශකවරු තුන්දෙනයි. ඒ තුන්දෙනා මත තුනක් කියනවා. ඒ නිසා ඇත්තටම රජයේ මතය මොකක්ද කියන්න අපි දන්නේ නැහැ. මේ ආණ්ඩුවට ප්‍රතිපත්ති ගොඩයි. අගමැතිවරයාගේ හා ජනපතිවරයාගේ ප්‍රතිපත්ති එකකට එකක් ගැලපෙන්නේ නැහැ. දෙන්නා දෙපැත්තට අදිනවා. ඒක එළ හරකයි මීහරකයි එකට බැඳලා හානවා වගේ වැඩක්‘ යැයි ද හිටපු ජනපති රැලිය අමතමින් පැවසීය.

ජනරැලිය සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හා දේශපාලන නියෝජිතයෝ රැසක් සහභාගි වූහ.

 

 

 



අදහස් (24)

‘අද රටට නායකයෝ ගොඩයි‘ - මහින්ද

jayampathi Monday, 03 July 2017 03:32 PM

එ්කට තමයි මහත්තයෝ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ... නැත්තම් කලින් වගේ ඒකාධිපති පාලනය හරිද?

:       15441       10562

thilinaMonday, 03 July 2017 04:44 PM

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඕකටනම් මොකටද ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක්.. ඔක්කොම කැඳ හැලියක් වෙලා ඉවරයි. නායකත්වය කියන්නේ හැමෝම එක අරමුණක් කරා ගෙනියන එකටයි.. නැතුව හැමෝම කියන දේ කරන එක නෙමෙයි..

:       0       0

පිටිගල මිලානෝ Monday, 03 July 2017 03:35 PM

එහෙම නම් ආයෙත් සැරයක් කුඹුරකට හරකෙක් දාලා හාන්නද වෙන්නේ?

:       1027       809

SanjeewaTuesday, 04 July 2017 12:22 AM

ඒකද පිටිගල දැන් හරක් බානක්ම හාන්නේ.

:       0       0

ජයන්ත Monday, 03 July 2017 03:39 PM

ඒක තමයි තාත්තාගෙන් පුතාට යන්න තිබූ දේ වෙන හේතුවකින් වැලකී ගියා....

:       2724       2608

Nandalal DE SILVA - France Monday, 03 July 2017 03:51 PM

ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ නොවුන පනතක් තවම පාර්ලිමේන්තුවේ විවාදවී තියෙනවද කියල කියා තිබේද ? නමුත් මේ අයගේ ඒකායන සිහිනයවී තිබෙන්නේ යලිත් රටේ පාලනයට පැමිණ පැරණි ව්‍යාපාර යලිත් වැඩි දියුණු කරගැනීම බව නොදන්නා කෙනෙක් මෙරටේ තවම ඉපදිලා නැහැ.

:       3318       3201

අනිල් Tuesday, 04 July 2017 03:56 AM

නොදන්න දේවල් කතා නොකර ප්‍රංශයටම වෙලා හිටියා නම් මොකද?

:       0       0

sahan Monday, 03 July 2017 04:10 PM

කතාව ඇත්ත, අද දේශපාලනය කරන ඕනෑම කෙනෙකුට නායකත්වය ගැන බලාපොරුත්තු තියාගන්න පුළුවන්, ඔබතුමාගේ කාලේ වගේ පවුලේ අයට පමණක් නායකත්වය නැති නිසා, එසේ නොකළානම් අපේ රටත් උතුරු කොරියාවක් වගේ තියේවි... !!!

:       0       0

minipe Monday, 03 July 2017 05:37 PM

නිදහස් මත දරන සමාජිකයන් රජයක් හා පක්ෂයක් තුල සිටිය යුතයි.වරක් එක්තරා පක්ෂයක තරුණ ප්‍රගතිශිල තරුණ මන්ත්‍රී කෙනෙක්,මහජනයා වෙනුවෙන් ඉදිරියට පැමිණ නායකත්වය ගෙන ජනාදිපති පදවිය කරා දේශපාලන ගමනක යෙදුනා.ඔහුගේ නම, මහින්ද රාජපක්ෂ.

:       0       0

Sunil Monday, 03 July 2017 06:10 PM

ඇත්ත කතාව. එදා කෑවේ ටික දෙනයි නේ.

:       0       0

Ajith Nissanka Monday, 03 July 2017 06:29 PM

අද ජනතාවට වෙලා තියන්නේ හොටු ගෑණිද කැහි ගෑණිද තෝරා ගන්නේ කියලයී !!!! වැඩ බැරි ආණ්ඩුවද හොර බොරු ආණ්ඩුවද හොද?? එහෙම නැත්නම් මුන් දෙගොල්ලොම පන්නලා දාල ස්වාදීන වෙනත් බලවේගයක්ද ???

:       0       0

Susil Monday, 03 July 2017 06:52 PM

ඕක තමයි ප්‍රජතන්ත්‍රවාදය කියන්නෙ. ඒක ඔය පවුලට ගැලපෙන්නෙ නෑ. ඔගොල්ලන්ට ඕන අයියල, මල්ලිල, පුත්තුලාගෙ පාලනයනෙ.

:       0       0

බද්රානි Monday, 03 July 2017 09:17 PM

දෙමල හෝ මුස්ලිම් නායකයෙක් අපේ රටේ නායකයා උනා නම් අද මේ රට මෙහෙම වෙන්නේ නැහැ. "සිංහලයා මෝඩයා" කියන සංකල්පය අපේ රටේ නායකයින් මොනවට ඔප්පු කළා. මෝඩකමයි තක්කඩි කමයි එකට එකතු වුනාම මේ වගේ නායකයෝ ඉන්න රටක් ලෝකෙ කොහෙවත් නැතිව ඇති. තමුන් විසින් විනාශ වෙන ජාතිය තමයි මේ ?

:       0       0

ලුම්බිණි Tuesday, 04 July 2017 12:29 AM

අද රටට නායකයෝ ගොඩයි නොවෙයි ඉන්න නායකයන් කරන වැඩක් නැති කමයි ප්‍රශ්නේ.

:       0       0

dingirala Tuesday, 04 July 2017 01:45 AM

අද රටට නායකයෝ ගොඩයි. එවුනට රටට ජාතියට සැබෑවටම ආදරය කරන අවංක නායකයෙක් බෙහෙතකටවත් හොයා ගන්න නැහැ.

:       0       0

Pradeep Liyanage Tuesday, 04 July 2017 03:17 AM

රටේ නායකයන් ගොඩයි, නමුත් රට නිසි මගට ගෙන සංවර්ධනය කරා ගෙන යන්න කිසිම නායකයෙක් නෑ. දුර දැක්මක් තියන, රටට ජනතාවට ආදරයක් ඇති, පවතින ගැටළු අර්බුද වලට සාර්ථක පිළිතුරු සෙවිය හැකි නායකයෙක් ආණ්ඩුවේ ඉන්නවද?

:       0       0

Padmini Tuesday, 04 July 2017 03:57 AM

වැඩ බැරි ආණ්ඩුව කියලා කිව්වේ ඔබලාගේ පවුලට සම්බන්ධ දහසකුත් එකක් මුල්‍ය සහ අපරාධ නඩු සම්බන්ධයෙන් මොකුත් වෙලා නැති එකනේ. අපිත් ඒ ගැන නම් බොහොම කලකිරීමෙන් තමයි ඉන්නේ. ජ.වි.පෙ.ට රට බාර ගන්න කියමුද?

:       0       0

ajith Tuesday, 04 July 2017 04:26 AM

අායෙමත් එන්නද මේ හදන්නේ?

:       0       0

victor Tuesday, 04 July 2017 05:34 AM

කොතරම් නායකයෝ ඇති වුණත් ඔබතුමන්ලාට නම් ආයෙමත් නායකකමට එන්න බැරිවෙයි.

:       0       0

Shan Tuesday, 04 July 2017 06:19 AM

මේ කියන ඒවා ගණන් ගන්න හොඳ නෑ. දැන් ටිකක් අමුතුයි වගේ, තමන් කරපුවාම කියවනවා.... නේද?

:       0       0

shan saudi Tuesday, 04 July 2017 06:47 AM

එක ඇත්ත එදා උන්නේ අලි බබයි හොරු 225 නේ

:       0       0

Suresh Dubai Tuesday, 04 July 2017 07:04 AM

අනේ මහින්ද මහත්තයෝ ඔයා කරලා ඉවරිනේ. දැන්වත් පොඩ්ඩක් පැත්තකට වෙලා පාඩුවේ ඉන්නකෝ. ඔයා කරපු හොද නරක දේවල් ගොඩක් තිබුනා. දැන් ඇති මහත්තයෝ රෙස්ට් කරන්න. ඔයා හම්බ කලා ඇති නේද මහත්තයෝ. සල්ලි වලට කරන්න දෙයක් නැතිව ඉදගෙනත් මිනිස්සු රවට්ටනවා තවත්. පව් අහිංසක මහජනතාව. ලෙඩ හැදිලා මැරෙනවා. ඔයාලට පොඩි දෙයක් හදුනා ගමන් පිටරට පවුල්පිටින්. ei අපිට වගේ ලංකාවේ දොස්තරලා හරියන්නේ නැද්ද ඔයාලට? මම මේක කියන්නේ මහින්ද මහත්තයෝ ඔයාට විතරක් නෙවෙඉ. මහජනත්වගේ සල්ලි නාස්ති කරන සැප විදින ඔක්කොම දේසපාලනය කරන මහත්වරුන්ට, තැන්ක්ස්

:       0       0

nanda Tuesday, 04 July 2017 08:41 AM

අන්න එකටත් එක්ක එදා. තාත්තයි, නෝනයි, දරුවෝ ටිකයි, සහෝදර පිරිසයි. එච්චරයි. හැබැයි ඊට අතිරේකව හෙන්චයියොත් හිටිය.

:       0       0

de silva Friday, 07 July 2017 07:13 AM

එහෙනම් ඔබතුමා ඇවිත් ඒකාධිපති පාලනයක් පටන්ගන්න. එතකොට ඔක්කොම හරියාවි..!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 157 0

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 86 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 114 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 451 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 163 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 499 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 744 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site