IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


අධිකරණයේ ස්වාධීන්තවය ගැන ජගත් මානව හිමිකම් කවුන්සිලයට කරුණු පහදයි

( තිළිණි ද සිල්වා )

අධිකරණය සහ නීතියේ ස්වාධීනත්වය තහවුරු කිරීම උදෙසා වත්මන් රජය වැදගත් පියවර රැසක් ක්‍රියාත්මක කර ඇති බව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට නිල වශයෙන් දැනුම් දී ඇත.

විශේෂයෙන්ම 2015 ජනවාරියේ පැවති ජනාධිපතිවරණයෙන් පසු මෙරට නීති පද්ධතියේ ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා රජය විවිධ ක්‍රියාමාර්ග  ගෙන ඇති බවද බව මෙරට නිත්‍ය නියෝජිතවරයා එම කවුන්සිලයට පෙන්වා දී තිබේ.
 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතවරියක් වන මොනිකා පින්ටෝ විසින් ශ්‍රී ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වය  සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඊයේ (12) වාර්තාවක් ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ප්‍රතිචාරය දක්වමින් ආර්යසිංහ මහතා මේ බව කියා සිටියේය. පින්ටෝ මහත්මිය පසුගිය වසරේ  ශ්‍රී  ලංකාවේ සංචාරයක නිරත වු අතර එහිදි ඇය විසින් ශ්‍රී ලංකාවේ නීතිය සහ අධිකරණ පද්ධතිය පිළිබදව සිදුකළ විමර්ශන සම්බන්ධයෙන් මෙම වාර්තාව ඉදිරිපත් කරනු ලැබීය.

අදාළ වාර්තාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ආරියසිංහ මහතා පෙන්වා දී ඇත්තේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා ප්‍රගතිශීලි ප්‍රතිසංස්කරණ කිහිපයක් සිදුකර ඇති බවය.19 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නා බව ද ඔහු පවසයි.

විශේෂයෙන් එමගින් ජ්‍යේෂ්ඨ විනිසුරුවරුන් පත් කිරීමේ ක්‍රියාවලිය නීතිපති දෙපාර්තමේන්තුවට සහ අධිකරණ සේවා කොමිෂන් සභාවට සාමාජිකයින් පත්කිරීම ස්වාධීනව සිදුකිමට පියවර ගෙන ඇති බව ඔහු පෙන්වා දෙයි.


 



අදහස් (1)

අධිකරණයේ ස්වාධීන්තවය ගැන ජගත් මානව හිමිකම් කවුන්සිලයට කරුණු පහදයි

sisira Paris Tuesday, 13 June 2017 08:29 AM

සැකකරුවන් මාස ගනන් රිමාන්ඩ් බාරයේ තබාගැනීම රජයට පක්ෂ අය පමණක් පැය විසිහතරක් ඇතුලත නිදහස් කිරීම කිරීම මන් හිතන්නේ නිතිය හරියට ක්‍රියා කිරීම වෙන්න ඇති

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 601 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 170 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 490 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 121 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1717 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 182 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site