IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


අධිතාක්ෂණික යතුරුපැදි ලියාපදිංචියට අවසර ඉල්ලයි

  (නිමල කොඩිතුවක්කු)
අධිතාක්ෂණික යතුරුපැදි  ලියාපදිංචියට සහ ඒවාට සරිලන වෙනස්කම් කිරීමට ඉඩ ලබාදෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ මහතා අද (02)  කොළඹදී  පැවසීය.

ලියාපදිංචි කිරීමේ නිසි ක‍්‍රමවේදයක් නොමැතිව දිවයිනේ සියලූම පොලිස් ස්ථාන වල එම යතුරුපැදි ගොඩ ගසා ඇති බවත් මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියද ඔවුන් එයට කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නොමැති බවත් ඔහු කියා සිටියේය.

මරදාන පිහිටි සමාජ හා සමයික කේන්ද්‍රයේ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.  එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චිරන්ත අමරසිංහ මහතා මෙසේද කීය.

     ‘‘ තොරතුරු දැනගැනීමේ පනත යටතේ මෙම යතුරුපැදි ලියාපදිංචි කරන ක‍්‍රමවේදය සම්බන්ධයෙන් අප විමසා සිටියා. එයට කිසිදු යහපත් ප‍්‍රතිචාරයක් මෙතෙක් ලැබිලා නැහැ.
වාහන, සයිලන්සර් සදහා ඇති ශබ්ද සීමාවන් සදහන් ගැසට් නිවේදනයක් හෝ කිසිදු නියෝගයක් නැහැ. එසේ තිබියදී වෙසක් කාළයේදී පමනක් සයිලන්සර් වල ශබ්දය හේතුවෙන් පොලිස් භාරයට ගෙන ඇති යතුරුපැදි 1083ක් සම්බන්ධයෙන් අප සංගමයට තොරතුරු ලැබී තිබෙනවා.


දුප්පත් මිනිස්සු තමයි යතුරු පැදි වැඩි වශයෙන් භාවිතා කරන්නේ. සුලූ වැරදි හේතුවෙන් යතුරුපැදි විශාල ප‍්‍රමාණයෙන් ඉතා දීර්ඝ කාළයක් තිස්සේ දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වල රඳවා තබා සිටිනවා. පොලීසියේ මේ වැඩ වලින් අපහසු තාවයට පත්වන්නෙත් වත්මන් රජයයි.


අධිතාක්ෂණික යතුරුපැදි මගින් සිදුවන අනතුරු අවමයි. ඒ වගේම ඒවාට සරිලන ලෙස සකස් කල උපකරණ මගින් ඒවා මාර්ගයේ පැහැදිලිව දිස් වෙනවා. ඒ මගින් සිදුවන අනතුරු ප‍්‍රමාණය අවම වෙනවා.


මේ කිසිදෙයක් ගැන සොයා බලන්නේ නැති පොලීසිය වසර අවසානයට සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරනවා අච්චර මැරුණා. මෙච්චර මැරුණා කියලා.

අපි පොලිස්පතිතුමා ඇතුලූ පොලීසියට අභියෝග කරනවා පුළුවන්නම් මේ ගැන කථා කරන්න අපිත් එක්ක ප‍්‍රසිද්ධ විවාදයකට එන්න කියලා යනුවෙන්ද ඔහු කියා සිටියේය.
මෙම අවස්ථාව සදහා ලංකා ස්වයං රැකියා වෘත්තකයන්ගේ ජාතික ත‍්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඇතුලූ පිරිසක්ද එක්විය.
 
 



අදහස් (12)

අධිතාක්ෂණික යතුරුපැදි ලියාපදිංචියට අවසර ඉල්ලයි

shan saudi Wednesday, 02 May 2018 01:47 PM

මෙහිදී අධි තාක්ෂණික යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද මෙම අධි තාක්ෂණ උපාංග මගින් තමන්ගේ ආරක්ෂාව මෙන්ම ආරක්ෂක අංශ වලට වැලිගසා මගහැර යමින් පාතාල කටයුතු මත්ද්‍රව්‍ය බෙදා හැරීම් ආයුද බෙදා හැරීම් මිනිසුන් ඝාතනය කර ආරක්ෂක අංශ වලට වසන් වෙමින් පලායාම වැනි දේද මංකොල්ල කෑම ත්‍රස්තවාදී කටයුතු වැනි ඇති භයානක ක්‍රියාවන් උවද කිසිදු අවහිරයකින් තොරව කල හැකි වන්න පුළුවන. කෙසේ වෙතත් යම් වාහනයක නිෂ්පාදිත හඩ හා නිෂ්පාදිත වේගය ,රථයේ ප්‍රමාණය මෙන්ම එහි විශාලත්වය ( ස්කමල් , සිමෙන්ති ප්‍රවාහන යන්ත්‍ර ) අනුව යොදන නලා ,වැනි උපකරණ එම රථ වල මාදිලිය පෙර කී පරිදි නිෂ්පාදකය නියම කරන ලද දෙසිබල් සංඛ්‍යාතයන් අබිබවා සවිකිරීම පරිහරණය කිරීම රජය සපුරා තහනම් කල යුතුය මන්ද ත්‍රී රෝද රථ වල ස්කමල්, සිමෙන්ති ප්‍රවාහන යන්ත්‍ර නලා සවිකර ඇති බව මා දැක ඇත ඔවුන් අනවශ්‍ය පරිදි ඒවා හඩවමින් ජනතාවට හිරිහැර සිදුවන ආකාරයට මාර්ග වල රථ දාවනය කරයි

:       16       162

Serious poraWednesday, 02 May 2018 11:33 PM

සාමාන්‍ය මිනිසුන්ගේ බයික් පෙනෙන මොහුට, කෝටිපතියන්ගේ බස් රථ සහා ලැම්බොගිනි නොපෙනේ, නොඇසේ...

:       5       14

sampath Wednesday, 02 May 2018 01:56 PM

යතුරු පැදි කරුවන්ගේ සංගමයේ සභාපති... කොහෙන් හිනා වෙන්නද කියලා හිතාගන්න බැහැ. ඊලගට එයිද දන්නේ නැහැ කරත්ත කරුවන්ගේ සංගමය, කාර් කරුවන්ගේ සංගමය , වෑන් කරුවන්ගේ සංගමය, පුස්බයිසිකල් කරුවන්ගේ සංගමය, විල්බරක්ක කරුවන්ගේ සංගමය, පයින් ගමන්කරන්නන්ගේ සංගමය වගේ දේවලුත්. මීට වැඩිය හොද නැත්ද තමන්ටයි රටටයි ඵලදායී වැඩක් කරගත්තනම්.

:       82       405

serious praWednesday, 02 May 2018 11:35 PM

කාර් සංගම්, වෑන් සංගම්, ජීප් සංගම් විශාල ප්‍රමාණයක් ඇත. ඔබේ දැනුමේ හීන තාවය පැහැදිලිවේ...

:       29       46

ධනුෂ්ක Wednesday, 02 May 2018 02:34 PM

වෙසක් පෝයදාට පහුවදා. දන්සලක පෝලිමක ඉද්දි ඔය කියන යතුරුපැදි වෙන්න අැති... කොළඹ - නුවර පාරේ කිරිබත්ගොඩ නගරය මැදින් දහයක් විතර එක රංචුවට ගියා. පළාතම දෙදුරුම් කවමින්... හෝන් එකට අමතරව තව නලාවකුත් ගහගෙන. අනෙක් වාහන අතරින් රිංගවමින්., එතන පෝලිමේ ඉන්න මිනිහෙක් කිව්වා "ඔවුන් ටික පෙරලිලා වාහනේකට යටවෙලා අැඹරිලා යන්න ඕනේ" කියලා මේක මගේ අදහසක් නොවේ.. හැබැයි එ් වෙලාවේ ගොඩක් එ් අදහස අනුමත කළා. මොකද එ්ක මිනිසුන්ට හරිම හිරිහැරයක්. මේ සභාපති සයිලන්සර් කියන එකේ තේරුමවත් දන්නවද දන්නෑ. සයිලන්ඩ් කෙසේවෙතත් තියන සද්දෙත් වැඩි කරලනේ තියන්නේ...

:       3       395

ධනුෂ්න Wednesday, 02 May 2018 03:05 PM

මට මෙතන යොදා තියන අධිතාක්ෂණික කියන වචනේ මොකද්ද කියලා වැටහෙන් නෑ. එ් කියන්නේ මේ යතුරුපැදි වලට රේඩාර්, අධෝරක්ත කැමරා, සංවේදක, එකෝ සවුන්ඩ් සොනාර්, Gps, රිවර්ස් කැමරා, එයාර් බෑග්, වායු සමීකරණ, එහෙමත් තියනවද දන්නෑ. නැත්තන් අර කාර් එන්ජිමක් හයි කරලා. සද්දෙ වැඩි කරලා, තොරණක් වගේ එල්.ඊ.ඩි බල්බ් හයි කරලා, පැති කණ්නාඩි කුඩා කරලා යන එ්වටද දන්නෑ.

:       0       0

Bamunuarachchi Wednesday, 02 May 2018 06:18 PM

අධි තාකෂණය කොහොමවෙතත් තිබෙන තාක්ෂණයත් අපේ රටට හොඳ වැඩී. මම පෙරේදත් ගියා මරණ ගෙදරක ළමයාගේ ඔලුව ගන්න දෙයක් නැත. ලංකාවේ පාරවල් වලට මොන අධිතාක්ෂණ යතුරු පැදිද?

:       0       12

de silva Wednesday, 02 May 2018 06:43 PM

මොනවද මේ කියන අධි තාක්ෂණික උපකරණ ?

:       0       16

sampath Thursday, 03 May 2018 05:55 AM

අවසර දිය යුතුය.

:       10       6

de silva Thursday, 03 May 2018 06:44 AM

යතුරු පැදියක සයිලන්සරේ අන්තිම කොනට ශබ්දය වැඩි වන විදිහට නලාවක් සවිකලාට, ඒකේ හොර්න් එක මාරු කර ලොරි වල ශබ්දය ගෙන දෙන හොර්න් එකක් සවිකලාට එක අධි තාක්ෂණික යතුරු පැදියක් වන්නේ නැත .

:       0       3

de silva Thursday, 03 May 2018 06:56 AM

රටේ සිදුවන යතුරුපැදි අනතුරු වලට ප්‍රධානම හේතුවක් ඉන්දියාවෙන් සහ චීනයෙන් ආනයනය කරන ලද යතුරුපැදි. මේවා ඉතා සැහැල්ලු ලෙස ප්ලාස්ටික සහ බරින් අඩු ලෙස නිපදවා ඇත. එම නිසා මේවට වේගයෙන් ගමන් කල හැකි අතර මේවට වැය වෙන්නේ ජපන් යතුරු පැදි සමග සංසන්ධනය කරනවිට අඩු ඉන්ධන ප්‍රමාණයකි. නමුත් හදිසි අවස්ථාවක තිරිංග තද කල විට මේවා ජපන් යතුරුපැදි මෙන් පහසුවෙන් නතර කල නොහැක. එමනිසා සිදුවන මාරක අනතුරු ඉතා විශාලය. මේවා පාරේ යනවිට පොඩි වලක වැටුනත් , රියදුරුගේ පාලනයෙන් මිදී , විසිවි ගොස් පර අයිනේ ඇති ගසක , හැපී හෝ වෙන වාහනයක් වැඩි ගමන් කරන්නන් මරණයට පත්විය හැක.. එම නිසා ඉස්සර මෙන් ජපානයේ නිෂ්පාදිත (recondition ) යතුරු පැදි වලට නැවතත් මෙරට වෙළඳපලේ තැනක් ලබාදීමට රජයේ වගකිවයුතු අංශ කටයුතු කල යුතුය. ජපන් යතුරුපැදි නැවත අලුත්වැඩියා කරමින් දීර්ග කාලයක් පරිහරණය කල හැක. චීන සහ ඉන්දියන් යතුරු පැදි වල ආයුෂ ඉතා අඩුය

:       0       13

Sajitha Perea Thursday, 03 May 2018 06:59 AM

අධිතාක්ෂණික යන්න නිර්වචනය කරන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 3 0

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 44 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 67 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 327 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 132 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 395 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site