මනෝප්‍රිය ගුණසේකර
හෙළි නොකරන ආකාරයකින් රුපියල් මිලියන 30ක් මුදලක් උපයා ගත් බවට මුදල් විශුද්ධිකරණ පනත යටතේ පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමඟ චෝදනා ලැබ සිටින ගවර්ස් කෝපරේෂන් සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු නොමැතිව නඩුව විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා අද (18) තීරණය කළේය.
ගවර්ස් කෝපරේෂන් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ඉන්දික ප්‍රභාත් කරුණාජීව මහතා සහ ඔරනෙල්ලා ඉරේෂා සිල්වා මහත්මිය අධිකරණයට ඉදිරිපත් නොවී විදේශගතව සැඟවී සිටින බවට අධිකරණයට ඉදිරිපත් වු සාක්කි සැළකිල්ලට ගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.
2013 ඔක්තොම්බර් මස පළමුවැනිදාත් 2014 අගෝස්තු මස 31 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙන්ත් සමාගමක් සමඟ කළ ගණුදෙණුවකදී අයුතු ලෙස මුදල් උපයාගැනීමට කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව රුපියල් මිලියන 30ක මුදලක් උපයාගත් බවට මුදල් විශුද්ධීකරණ පණත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එකොළහක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.
එලෙස හෙළි නොකරන ආකාරයකින් හා අයථා ලෙස උපයන ලද රුපියල් මිලියන 30ක මුදලකින් ‘හෙලෝ කෝප්‘ ආයතනය මිලදී ගෙන ඇති බවටද නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා තිබිණි.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අධ්‍යක්ෂවරුන් නැතිව නාමල්ගේ නඩුව විභාගයට ගනී
Ruwan Monday, 18 September 2017 12:16 PM
අපි හිතනවා මෙතුමා මුදල් උපයාගත් ආකාරය අවංකවම ප්‍රකාශ කර තමන්ගේ නම පිරිසිදු කර ගනීවි කියලා.
sudesMonday, 18 September 2017 12:44 PM
රුවන් දවල් හීන දකිනවද? හොරකම් කළ කෙනා තමයි එකේ රස දන්නේ. මෙයා විතරක් නෙවේ මේ ගොල්ලන්ගේ සේරම අය සුපිරියටම අපේ බදු සල්ලිවලින් ජොලි කරපු අය. එ්කනේ අන්තිමට සල්මන් ඛාන්වත් ගෙනල්ලා දිනන්න බැරි වුණේ. අනිත් යටත් එච්චර තමයි. අපි බලාගෙන ඉන්නේ බැඳුම්කර නඩුවට මොකද වෙන්නේ කියලා. ඒ වගේම මේ දවස්වල මධ්‍යම අධිවේගී මාර්ගයෙනුත් සුපිරියටම කට්ටිය ගහන්න හදන්නේ. මේ සේරම මේ රටේ මිනිස්සු බලාගෙන ඉන්නේ.
චන්දිමMonday, 18 September 2017 01:52 PM
හරියට හරි! නිල්, කොළ, රතු.. ඔය කවුරු ආවත් අපි හැමදාමත් පැරදුණු ජාතියක්! සිංගප්පූරුවේ ලීක්වාන් යූ මහතාටත් නොලැබුණු අනගි අවස්ථාවක් ලැබුනේ අපිට 2015 දී.. ඒත්.. ඒ වටිනා අවස්ථාව අපිට ගිලිහී ගියා. අපේ රට හදන්න කාටවත් ඕනෑ නැහැ. පත්වෙන හැමෝම තමන්ගේ බඩ වඩාගෙන පරම්පරා 60කට විතර හම්බ කරගන්නවා. අහිංසක ජනතාවට කන්න නැහැ! බොන්න නැහැ! හිඟා නොකා හිඟා කනවා!
maheeTuesday, 19 September 2017 02:41 AM
සුදේශ්, ඔබ හරි. නිකමවත් හිතෙනවද, මේ දෙගොල්ලම කිසි බයක් නැතුව, ලැජ්ජාවක් නැතුව මහජන මුදල් බිලියන ගණනින් ගසා කන්නේ කොහොමද කියල? කොච්චර හොරකම් කෙරුවත් ඒක හොරකමක් හැටියට දකින්න අපේ බොහෝ චන්දදායකයෝ අකමැති හින්දයි. හොරාට හොරා කියන්න බය, තමන්ගේ පක්ෂේ නම් කොහොමවත් හොරු නොදකින, කැපුවත් ලේ අහවල් පාටයි කියන බුද්ධිමතුන් ඉන්න නිසා හොර තක්කඩි රැල දන්නවා හොරකමත් වීරකමක් කියල ඔප්පුකරලම පෙන්වන්න පුළුවන් බව. පේන්නෙ නැද්ද, රටේ ලොකුම වංචාව කරලත් තමන් නිරපරාදේ වරදකරු කරන ලද ජාතික වීරයෙක් හැටියට හුවා දක්වමින් ප්‍රකාශ නිකුත් කරන ලස්සන.
husen-riyad Monday, 18 September 2017 01:23 PM
අධ්‍යක්ෂක ඩබලත් ලංකාවට නෑවිත් හැංගී ඉන්නේ වැරැද්දක් කරපු නිසානේ..? අපේ හාමුදුරුවනේ කියලා කටපුරා කියන්නෙත්, පිණ්ඩ පාතේ යන්නත් ඒකටම කියලා ඉන්න නිසානේ..? ඉතින් ඕනෑම ජරා වැඩක් කරන්න පුළුවන්නේ..? නඩුවක්වත් ගත්තේ නැහැ කියලා ආණ්ඩුවට දෝස්මුරේ දාන එක වළක්වන්නයි ඔය මාධ්‍ය සංදර්ශන යන්නේ.
ජගත් ලියනගේ Monday, 18 September 2017 02:14 PM
අපි ඉතාමත් ඕන කමකින් ඔය නඩුව දිහා බලාගෙන ඉන්නවා.
siri Monday, 18 September 2017 04:07 PM
පාත්තර ටික ආයෙත් සැරයක් ලෑස්තිකරගන්න වෙයි වගේ....
upaliTuesday, 19 September 2017 02:46 AM
සිරි, එච්චර ගාන ලොකු නැහැනේ. ඒ හින්ද ඔය බෙන්ස් කාර් එකකින් වැඩම කරලා වුනත් ගාන හොයා ගන්න පුළුවන් වෙයි.
K Perera Monday, 18 September 2017 06:39 PM
දුප්පත් අසරණ ජනතාවගෙන් හොරකපු මුදල් නේද මේ? නැතුව මෙයාගේ පඩියෙන් හෝ බුදලයෙන් ලැබුන ඒවා නෙවේනේ , උපරිම දඩුවමක් දෙන්න ලැබෙන්න ඕනේ.
dias Tuesday, 19 September 2017 02:29 AM
සියලුම හොරුන්ට දඬුවම් ඕනා දීම මගේ පැතුමයි. කෙසේ වෙතෙත් දැන් යම් තරමකට නඩු විසෙදෙන බව පේනවා.
Rohan Tuesday, 19 September 2017 06:10 AM
මේ රුපියල් මිලියන 30 නම් නාමල්ට සිල්ලර මුදල්.මොකද බේබි අවබාවිත කරලා තියෙන අනික් මුදල් නඩු ප්‍රකෝටි ගනම්.විජේදාසව අයින් කලට පස්සේ කෙසේ වෙතෙත් දැන් යම් තරමකට නඩු විසෙදෙන බව පේනවා.යහපාලනයට ජයවේව.