(ඉන්දිකා රාමනායක)
අධිකරණ නියෝග කඩ කරමින් ඉකුත්දා කොල්ලුපිටියේ පැවැත්වූ විරෝධතාවය සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සහ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි යන දෙදෙනා මේ මස 26වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(12) නියෝග කළාය.
පෙර නඩුවකට අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ දී ඉකුත්දා සිදුකළ විරෝධතාවය සම්බන්ධයෙන් ද පොලිසිය අධිකරණයට කළ කරුණු දැක්වීමකින් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මොවුන් රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබුවාය.
නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආයතන සංග්‍රහයේ I වැනි කාණ්ඩයේ XII වැනි පරිච්ජේදයේ 8:5 උප වගන්තිය සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව AIIB හා ශ්‍රී ලංකා රජයේ මුල්‍ය අනුග්‍රහය ඇතිව උඩරට දුම්රිය මාර්ගයේ දැඩි සංචාරක ආකර්ෂනයක් දිනා ගත් බණ්ඩාරවෙල සහ දෙමෝ
විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අන්තරේ ලහිරු හා ටැම්පිටියේ හිමි රිමාන්ඩ්
one srilankan Thursday, 12 October 2017 08:21 AM
සයිටම් ප්‍රශ්නය විසදුවනම් ළමයි පාරට එන්නේ නැහැනේ
SamanThursday, 12 October 2017 02:12 PM
දැන් කොච්චරද හරියටම පාරෙ ඉන්න ගාන ? 12,000 ද ? 7000 ද ?
සුදුහුණුFriday, 13 October 2017 06:08 AM
ඇයි මොකටද ඒක? සයිටම් පුතාවත් ඇහුවද කීයක් පාරෙ ඉන්නවද කියලා? වෙන දේවල් පුතාට කියල දෙන්න තිබුනෙ කලින්
banda Thursday, 12 October 2017 09:04 AM
නිතිය වැරදි විදියට ක්‍රියාත්මක කරන කවුරු වුනත් දඬුමවම් දිය යුතුයි .
dias Thursday, 12 October 2017 10:03 AM
ළමයි පාරට එන්නේ දේශපාලන අතකොලු වශයෙන්. මේ අයව හිරේ දමන එක සාධාරණයි.
aravinda Thursday, 12 October 2017 10:37 AM
රැවුල් වවාගෙන, රතු පාට පටි හිසේ බැඳගෙන පාරවල් දිගේ හඬක් නැගු පලියටම, ඉල්ලීම් සැමවිටම සාධාරණ වන්නේ නැහැ. සත්‍ය කරුණ නම්, අද පමණක් නොවේ, පසුගිය අවුරුදු 50 තුලම, 80% කට වැඩි බහුතරයක් වූ උසස් පෙළ සමත් සිසුන් ප්‍රමාණයට සරිලන විශ්ව විද්‍යාල පද්ධතියක් රටේ තිබුනේ නැහැ. රජයේ වගකීම සහ යුතුකම විය යුත්තේ, අර්ථයක් නැති උද්ගෝෂණ වලට හිස් නොනමා, බහුතරයක් වූ එවැනි සිසුන් හට, රාජ්‍ය හෝ පුද්ගලික අංශයෙන් තමන්ට අවශ්‍ය තෘතීය අධ්‍යාපනය ලබා ගැනීමට ඉඩ සලසා දීමයි.
ධනුෂ්ක Thursday, 12 October 2017 02:36 PM
කවුරු මොනා කිව්වත් ලහිරුලා කිව්වා සයිටම් එකෙන් සුදුසුකම් සහිත දොස්තරලා බිහිවෙන්නෑ. එක වංචනික අායතනයක් කියලා. රටේ දරුවන්ට අධ්‍යාපනය ලබා දිය යුතුයි. හැබැයි එ්ක ලාභ ලැබීමේ චේතනාවෙන් මුදලාලිලා අතින් නොවේ. රාජ්‍ය මැදිහත් වීමක් අැතුව. පුද්ගලික ව්‍යවසායකයගේ අරමුණ අඩුම කාලයකින් අඩුම පිරිවැයෙන් වැඩිම ලාභ ලැබීම. වෙෙද්‍ය අධ්‍යාපනය තුළ මේය ගුණාත්මක භාවයට තර්ජනයක් විශේෂයෙන් ලංකාව වගේ රටක. තර්කයක් අවොත් වෙළඳපල තරඟය තුළ ගුණාත්මකභාවය පවති කියලා. නැහැ මෙවැනි අවස්ථාවල දී. සිසුවාද බලන්නෙ අඩුම කාලයකින් අඩුම වියදමකින්. අඩු ශ්‍රමයකින් උපාධිය ලබා ගැනීම. එතන ප්‍රමිතියක් නෑ.
maheeThursday, 12 October 2017 07:19 PM
මට සල්ලි තිබුන පලියට මට ඕන විදිහට උපාධි ගන්න බෑ. ඒක තමයි වෛද්‍ය සභාවට කියන්නේ ප්‍රමිතිය හදන්න කියල. ඒ ප්‍රමිති අනුව සභාව මගින් නිසි ක්‍රමවේදයකට පවත්වන් පොදු විභාගෙකට එනවා නම් සයිටම් ළමයිට පුලුවන්ද බොරු කරන්න? එක කරන්නේ නෑ. ඇයි, සැබැ ප්‍රශ්නය ඒක නොවන නිසා. සැබැ ප්‍රශ්නය තමයි දොස්තර මාෆියාවට තර්ජනයක් වෙනවා කියන බය සයිටම් වෛද්‍යවරුන් ආවොත්. මේක ඔවුන්ගේ මුදල් කුට්ටිය ගැන ප්‍රශ්නයක් මිසක් මුදලාලි ප්‍රශ්නයක් නෙමෙයි.
kasun Friday, 13 October 2017 04:49 AM
මේ ළමයි සයිටම් වෙනුවට නොව දේශපානය සදහා පෙනීසිටින අමුතුම කට්ටියක්... මේ ළමයි අනිත් දරුවන්ගේ අධ්‍යාපනය සමගද සෙල්ලම් කරන කට්ටියකි....