( මොහොමඩ් ආසික්)
ජාතික පාසලක වසර තුනකට වඩා සේවය කර ඇති ගුරුවරුන්ට සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ දරුවන් එම විදුහලට ඇතුළත් කර ගැනීම සදහා ලබා දී තිබූ අවස්ථාව මෙවර අනධ්‍යයන සේවකයින්ට අහිමි කර තිබීම විශාල අසාධාරණයක් බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙත ලිඛිතව දන්වා තිබේ.
අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතාගේ අත්සනින් යුක්තව එය යවා තිබේ.
ජාතික පාසැල්වල වසර තුනකට වඩා සේවයේ නියුක්ත ගුරුවරුන්ට සහ අනධ්‍යයන සේවකයින්ට වරප්‍රසාදයක් ලෙස ඔවුන්ගේ දරුවන් එම විදුහලට ඇතුළත් කර ගැනිමේ අවස්ථාව ලබා දී තිබූ නමුත් මෙවර එම අවස්ථාව ගුරුවරුන්ට පමණක් ලබා දීම මගින් අනධ්‍යයන කාර්ය මණ්ඩලයට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව එම ලිපියේ සදහන් වෙයි.
අනධ්‍යයන සේවකයින්ගෙන්ද දරුවන්ට සිදුවන සේවය ගැන සලකා මෙ වරප්‍රසාදය ලබා දී තිබූ අතර එය අහිමි කිරීම මගින් ඔවුන් රැකියාව සම්බන්ධයෙන් කලකිරිමකට පත්ව ඇති බවද එම ලිපියේ තව දුරටත් සදහන් කර තිබේ.
එකම වැටුප් ලේඛනයෙන් වැටුප් ලබන ස්ථීර සේවකයින් වන අනධ්‍යයන කාර්ය මණ්ඩලයට සිදුව ඇති මෙම අසාධාරණය ඉවත් කිරීම සදහා කඩිනමින් මැදිහත්වී එම වරප්‍රසාදය නැවත ලබා දෙන මෙන් එම ලිපියෙන් ඉල්ලා සිටියි
විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අනධ්‍යයන සංගමයෙන් අධ්‍යාපන ඇමතිට ලිපියක්
sahan Thursday, 05 October 2017 08:59 AM
අනධ්‍යන විතරක් නොවෙයි , ගුරුවරුන්ටත් මේ වරප්‍රසාදය ඉවත් කරන්න ඕන, අැයි මේ පින් පඩි ගන්න රජයේ සේවකයන්ට විතරක් වරප්‍රසාද , පෞද්ගලික අංශයේ සේවකයෝ කරන්නෙත් රැකියාවක් නේද?අැයි එයාලට මේ වරප්‍රසාද නැත්තේ....
kalpa Thursday, 05 October 2017 12:56 PM
ජාතික පාසල්වල කාර්ය මණ්ඩලවල අයගේ දරුවන් ජාතික පාසල්වලට ඇතුලත්කිරීමට වරප්‍රසාද දීමෙන් අනෙකුත් පාසල්වල සේවය කරන කාර්ය මණ්ඩලවල අයගේ දරුවන්ට වන්නේ ඉතාම බලවත් අසාධාරණයක් එකම රටේ එකම සේවයක් කරන කොටසට විශේෂ වරප්‍රසාද දීම මානව හිමිකම් උල්ලංඝනයක් නොවන්නේ කොහොමද මෙම වරප්‍රසාදය නිසා මගේ දරුවටත් අසාධාරනයක් වුන එක ජාතික පාසලක අනද්දීයන කාර්ය මණ්ඩලයේ අයෙකුගේ දරුවෙක් පහ වසර විභාගයෙන් ලකුණු 85 ක් ලබල ඇතුලත් කර ගනිද්දී ලකුණු 130 ක් ගත්ත මගේ දරුවා ගත්තේ නැහැ මගේ බිරිඳත් එම ජාතික පාසලේම ආදී සිසුවියක් මෙවැනි වරප්‍රසාද නිසා වන්නේ සුදුස්සාට සුදුසු තැන නැතිවීම මෙවැනි දේවලට ඉඩ නොදෙන්න