(ඉන්දිකා රාමනායක)
2016 වසර තුළ දිවයින පුරා කළ ගිනි අවි වැටලීම් වලින් අනවසර ගිනි අවි 453 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය කියයි. මෙම අවි අතර ටී 56 අවි 25ක්, ස්වයංක්‍රීය පිස්තෝල 80 ක්, රිපීටර් ගිනි අවි 4 ක්, බෝර 12 තුවක්කු 60 ක්, බඳින තුවක්කු 284 ක්, වන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසීය.
මෙම වැටලීම් වලදී අත්බෝම්ම 280 ක් ද සහ විවිධ වර්ගයේ උණ්ඩ 2893 ක් ද අත්අඩංගුවට ගෙන ඇත. මෙම ගිනි අවි බොහොමයක් මිනිස් ඝාතන සිදුකිරීමේ අරමුණින් සංවිධානාත්මක අපරාධ කල්ලි අතර හුවමාරු වු ඒවා බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය. මෙම ගිනි අවි සම්බන්ධයෙන් පුද්ගලයින් 434 දෙනකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද ඒ මහතා සදහන් කළේය.
අනවසර ගිනි අවි සම්බන්ධයෙන් තොරතුරු වොතොත් කොළඹ 12 මිහිදු මාවතේ පිහිටි සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ 011-2451354/ 011-2451397 යන දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
අනවසර ගිනි අවි 453 ක්, අත්බෝම්බ 280 ක් අත්අඩංගුවට
vipula Tuesday, 09 May 2017 03:27 AM
වටින වැඩක්