(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)
ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කළ අපේක්ෂකයින් මේ වන විට රාජගිරිය සරණ පාරේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය වෙත පැමිණෙමින් සිටී.
ජනසෙත පෙරමුණේ අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමි, එක්සත් සමාජවාදී පක්ෂයේ අපේක්ෂක සිරිතුංග ජයසූරිය, නව සිහල උරුමය අපේක්ෂක සරත් මනමේන්ද්‍ර, ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයේ අපේක්ෂිකා අජන්තා පෙරේරා, ස්වාධීන අපේක්ෂකයින් වන මහීපාල හේරත්, ජයන්ත කැටගොඩ, සමරවීර වීරවන්නි, මහත්ම මහත්මීහු මේ වන විටත් කොමිෂන් සභා කාර්යාලයට පැමිණ සිටිති.
8.38 : පෙරටුගාමී සමාජවාදී පක්ෂ අපේක්ෂක දුමින්ද නාගමුව පැමිණි අතර , එම පක්ෂයේ සාමාජිකයන් වන කුමාර් ගුණරත්නම්, පුබුදු ජයගොඩ මහත්වරුන් ද ඔහු සමඟ පැමිණියහ.
8.45 :ස්වාධීන අපේක්ෂකයින් වන අනුරුද්ධ පොල්ගම්පළ, සමන්සිරි හේරත් මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට පැමිණෙති.
8.53: ශ්‍රී ලංකා කම්කරු පක්ෂ අපේක්ෂක ඒ.එස්.පී ලියනගේ මහතා පැමිණියේය.
9.21:ජාතික ජනතා පක්ෂ අපේක්ෂක හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක කොමිෂන් සභාවට පැමිණේ
9.24:එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැමිණේ
9.33:ස්වාධීන අපේක්ෂක එම්. එල්.ඒ.එම්හිස්බුල්ලා මහතා පැමිණියේය.
9.36:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණියේය.ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ අපේක්ෂක චමල් රාජපක්ෂ මහතාද ඔහු සමඟ පැමිණ සිටියේය .
අපේක්ෂකයින්ට සහය පළ කරමින් මෙ වන විට මැති ඇමැතිවරු රැසක් කොමිෂන් සභාවට පැමිණ සිටින අතර පක්ෂ ආධාරකරුවෝද සරණ මාවත දෙපස රැදී සිටිති.
10.36 පෙ.ව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණු අපේක්ෂක ආරියවංශ දිසානායක මහතා දැන් කොමිෂන් සභාවට පැමිණියේය.
11.28 : විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමිෂන් සභාවට පැමිණියේය.
( ඡායාරූප - ලහිරු හර්ෂණ )
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අපේක්ෂකයින් මැතිවරණ කොමිසමට
Raveendra Monday, 07 October 2019 03:52 AM
හුරේ.... ශ්‍රීලංකා මාතාවගේ අනාගතය සුරපුරයක් කිරීමට අනේකවිද දුක්විදිමින් මහා බලුපොරයට පැමිණෙන සියල්ලෝටම ජයෙන් ජයම වේවා !! පුළුවන් තරම් අහිංසක මහජනතාවට හිරිහැර වෙන හැටියට ක්‍රියා කිරීමට හැකිවේවා !! ටකරන් අනුබව කරන අපගේ වටිනා උගත් චන්දදායකයන් ගේ අනාගතය සුකිත මුදිත වේවා !!!!
sharm warn Monday, 07 October 2019 07:08 AM
මේ මහා විහිලුව නිසා අද මේ අවට පාසල් කිහිපයක් ම වසා දැමුවා. ජනාධිපති වෙන්නත් කලින් මෙහෙම වෙනවා නම් අනේ මන්දා.