IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ පත් කිරීමට යයි

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය ලබා දී ඇතැයි වාර්තා වේ.
 
මේ වන විට පුරප්පාඩුව පවතින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුධුරය සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතාගේ නම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් නිර්දේශ කොට ඇති අතර එම නිර්දේශයට කතානායක කරූ ජයසුරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වු ව්‍යවස්ථාදායක සභාව අනුමැතිය ලබා දී ඇතැයි වාර්තා වේ.
 
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරුවරයා වශ්‍යයෙන් කටයුතු කළ දීපාලි විජේසුන්දර මහත්මිය ස්ථිර වශ්‍යයෙන් එම තනතුරට පත් කිරීමට නිර්දේශ කරමින් ජනාධිපතිවරයා විසින් මීට පෙර අවස්ථාවක නිර්දේශ කොට ඇතත් ව්‍යවස්ථාදායක සභාව ඊට අනුමැතිය ලබා නොදීම හේතූවෙන් දීපාලි විජේසුන්දර මහත්මියගේ නම ඉවත් කරගැනීමට පියවර ගත් බවද ඉන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුධුරය සඳහා අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතාගේ නම ජනාධිපතවරයා විසින් නිර්දේශ කොට ව්‍යවස්ථාදායක සභාවට යවා ඇතැයිද වාර්තා වේ.
 
ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ඇතිව අභියාචනාධිකරණයේ සභාපති ධුරයට පත් කළ ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා ඉදිරි දින කිහිපය තුළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවේ එම ධුරයේ දිව්රුම් දෙන බවද වාර්තා වේ.



අදහස් (5)

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ පත් කිරීමට යයි

Dr. Vajira Fernando Sunday, 24 March 2019 07:09 AM

ඔබේ කීර්තිමත් පියා වන මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මෙන් විශිෂ්ඨ සේවයක් අපේ රට වෙනුවෙන් ඉටු කරනු ඇතියි බලාපොරොත්තු වෙමු.

:       5       351

saman jayawardene Sunday, 24 March 2019 09:00 AM

ඔබගේ නැසීගිය පියාණන් ඉතාමත් කීර්තිමත් ලාංකිකයෙකි. ඔහුගේ නාමය මෙන් ඔබත් ඔබගේ සේවය මෙතුවක් රට වෙනුවෙන් කැපකළා මෙන් ඉදිරියටත් අප අපේක්ෂා කරමු.

:       0       62

Channa Sunday, 24 March 2019 11:16 AM

මිතුරු යසන්ත, ආනන්දයේ ගරුත්වය තබමින් නීතියට සහ රටේ නීතිය පසිඳලන ආයතනයට යුක්තිය ඉටු කිරීමට ඔබට ධෛර්යය සහ ශක්තිය ලැබේවා යන්න අපගේ පැතුමයි.

:       19       7

dhamneth Sunday, 24 March 2019 11:31 AM

ඔබේ පියා සෑම ක්ෂේත්‍රයක් ගැනම හොඳ දැනුමක් තිබුණු බුද්ධිමත් උගතෙකි. එමෙන්ම එතුමා ඉතාමත් කාරුණික නිහතමානී කෙනෙකි. රටකට අවශ්‍ය එවැනි බුද්ධිමත් උගතුන්ය...

:       3       5

smn Sunday, 24 March 2019 02:46 PM

ශ්‍රේෂ්ට වෛද්‍යවරයකු වූ නන්දදාස කෝදාගොඩ මහතාණන්ගේ පුත්‍ර රත්නය වූ ඔබ, පියාණන් ජීවතුන් අතර සිටියදී එතුමන් හා එක්ව පවත්වන ලද රූපවාහිනී වෛද්‍ය වැඩසටහන් පිළිබඳ මතකයන් තවම අප සිත්තුල රඳා පවතී. 1980 ගණන්වලදීම මත්ද්‍රව්‍ය සම්බන්ධව ඔබතුමාගේ පියාණන් විසින් පවත්වන ලද වැඩමුළුවලට සහභාගී වීමේ වාසනාව මටද අත්විය. ඒවා පිළිබඳ මතකයන් තැන්පත්ව පවතී. ඒ වැඩමුළු අපට අතිශයින්ම ඵලදායක විය.. පියාණන් මෙන් උපන් මව්බිමට අමරණීය සේවයක් කරන්නට ඔබතුමාටද වාසනාව අත්වේවා!

:       0       26

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 600 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 168 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 488 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 120 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1712 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 182 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site