(ශිරාන් රණසිංහ)
කුලියාපිටිය ප්‍රධාන පාසලක මේ දිනවල පවත්වන අධ්‍යාපන ප්‍රදර්ශනයකට පාසල් දරුවන් අනිවාර්යයෙන්ම සහභාගී කරවන ලෙසට අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත.
පාසල් සංවර්ධන අරමුදලේ ඇති මුදල් ලබාගෙන එම මුදල් වලින් බස්වලට කුලී ගෙවා දරුවන්ව එම ප්‍රදර්ශනයට අනිවාර්යයෙන් සහභාගී කරවන ලෙසට අධ්‍යාපන අමාත්‍යංශය කර ඇති දැනුම්දීම නිසා විදුහල්පතිවරු තීරණයක් ගත නොහැකිව සිටින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
නයින්ටීන් ප්ලස් (19+) ලෙස මෙම ප්‍රදර්ශනය නම්කර ඇති අතර බස්නාහිර, සබරගමු, මධ්‍යම, වයඹ, ඌව යන පළාත්වල පාසල් වල සාමාන්‍ය පෙළ හා උසස් පෙළ දරුවන්ව අනිවාර්යයෙන්ම මෙම ප්‍රදර්ශනයට සහභාගී කරවන ලෙස දැනුම් දී ඇතැයිද ස්ටාලින් මහතා කියා සිටී.
මෙම ප්‍රදර්ශනය ඊයේ (03) ආරම්භ වූ අතර 07 වැනිදා නිමාවට පත්වේ.
ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.
දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අමාත්‍යංශ නියෝගයෙන් විදුහල්පතිවරු දෙලොවක් අතර
td Thursday, 04 October 2018 11:00 AM
අධ්‍යාපන රැකියා ප්‍රදර්ශනයට සහභාගීත්වය අනිවාර්ය කළද, නොකළද ඒ සඳහා පාසල් සිසුන් උද්යෝගිමත් කිරීම දෙමාපියන්ගේ, ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වගකීමක් මෙන්ම යුතුකමකි. අද වර්තමාන ජාතික රජයේ අගමැතිවරයා එදා මෙන්ම අදත් පාසල් අධ්‍යාපනයට මුල් තැනක් දෙන, පාසල් අධ්‍යාපනයට නව යුගයට සරිලන ආකාරයට සකස් කර ඇතිබව පෙනේ. අධ්‍යාපනය යනු රටක තිබෙන ශක්තියයි. රට සංවර්ධනය කරා ගෙනයන්නට නම් ලෝකයේ දියුණු ප්‍රබල රටවල් සමග එක්ව සිටීමට නම් අධ්‍යාපනය අත්‍යාවශ්‍යයි. ලෝකයේ දියුණු රටවල මැනවින් අත්හදා වැඩිදියුණු කරන ලද තාක්ෂණ අධ්‍යාපනය ලංකාවේ පාසල් සිසුන්ට ලබාදීමේ කිසිම වරදක් නැත. උසස් අධ්‍යාපනය ලබන පාසල් සිසුන්ගෙන් සියලුදෙනා විශ්ව විද්‍යාල කරා යන්නේ නැත. ලංකාවේ විශ්වවිද්‍යාල පමණක් තිබෙන ලෝකයේ කොහේවත් නැති අමානුෂික මාෆියා සමග සටන් වැදීමට පවා සිසුන්ට සිදුව තිබේ. විශ්ව විද්‍යාලවලට වරම් නොලබන බොහෝ සිසුන්ට ඔවුන්ගේ දක්ෂතා මත ලොව පිළිගත් තාක්ෂණවේදියකු වී තමන්ගේම රැකියාවක්, විදේශ රැකියාවකට යාමට අවස්ථාව නව රජය යටතේ උදාකර දි තිබේ.
රවින් Thursday, 04 October 2018 12:55 PM
ඔය කට්ටිය කෑ ගැහැව්වට අද තරුණ පරපුර පාසල නිමවී කරන්නේ මොකක්ද කියලා දන්නේ නැතිව ඉන්නේ. ත්‍රිවිල් රස්සාව තමා ලෙහෙසියෙන්ම කරන්න පුලුවන්. මොකක් හරි තාක්ෂණයක් ඉගෙන ගත්තොත් ලෝකයේ කොහේ ගියත් ආදායම 100% සහතිකයි. ගුරු සංගමේ ළමයින්ගේ ටියුෂන් ගැන මොකද කියන්නේ?. තාක්ෂණ පැත්තට ගියොත් ටියුෂන් කාරයින්ට බඩේ පහර වදියි කියලද බය? ළමයින්ගේ සංවර්ධනය කියන්නේ රටේ සංවර්ධනය. යහපත් ආදී ශිෂයින් කීදෙනෙක් තමා ඉගෙන ගත්තු පාසලේ සංවර්ධනයට දායකවෙනවාද? කොපමණ උපකාර කරනවාද?