IMG-LOGO

2025 ජනවාරි මස 03 වන සිකුරාදා


අයි. එස් .ත්‍රස්තවාදී ප්‍රකාශය මැනිලා පොලිසිය ප්‍රතික්ෂේප කරයි

පිලිපීනයේ මැනිලා අගනුවර පිහිටි  කැසිනෝ ශාලාවක සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් අයි. එස් .ත්‍රස්තවාදීන්ගේ ප්‍රකාශය මැනිලා පොලිසිය ප්‍රතික්ෂේප කරයි. අයිඑස් ත්‍රස්තවාදීන් මෙම ප්‍රහාරයේ වගකීම භාරගන්නා බවට ප්‍රකාශ කර තිබියදීත් සිද්ධියට ත්‍රස්තවාදයේ සම්බන්ධතාවක් නැති බව බලධාරීහු කියති.

තවමත් නම් කර නැති එම සැකකරු මධ්‍යම රාත්‍රියේදී කැසිනෝ ස්ථානයට ඇතුළු වී තිබේ. බලධාරීන් පවසන්නේ මෙම සිද්ධිය කොල්ලකෑමක් සඳහා ගත් උත්සහයක් නිසා ඇතිවූවක් බවයි.

“ඔහු වෙඩි තැබුවේ උඩට මිසක් මිනිසුන්ට නෙවෙයි. ඉන් දැඩි බියක් ඇති වෙලා. තුවාල කරුවන් ද සිටිනවා. මිය ගිය අය වෙතත් ඔවුන්ගේ සිරුරේ වෙඩි උණ්ඩවලින් ඇතිවූ තුවාල නැහැ“ පිලිපීනයේ දකුණු දිස්ත්‍රික් පොලිස් අධිකාරී තෝමස් අපොලිනාරියෝ බීබීසියට පවසා තිබිණ.

කෙසේ වෙතත් පසුගිය සතියේ අයිඑස් ත්‍රස්තවාදීන්ට සම්බන්ධ කැරළි කණ්ඩායම් දකුණු පිලිපීනයේ වීදි ගැටුම්වලට සහභාගී වි තිබිණි.
පොලිසිය පැවසුවේ ඉක්මනින් ගිනි ඇවිලීමට සැකකරු එම කාමරයේ තිබූ ගෘහ භාණ්ඩවලට හා පාපිසිවලට ද පෙට්‍රල් දමා ඇති බවයි. එම ගින්න විශාල නොවුණත් ඝන දුමාරය නිසා බොහෝ පිරිසක් මිය ගොස් ඇති බව කියැවේ.

මෙම වෙඩි තැබීමකින් හා ගිනි තබාගැනීමකින් පසු 36 දෙනකුගේ මළසිරුරු හමුවී තිබේ. කැසිනෝ මේසවලට ගිනි තැබීමෙන් ඇතිවූ ඝන දුමාරය ශරීරගත වීමෙන් බොහෝ පිරිසක් මිය යන්නට ඇතැයි බලධාරීහු පවසති

මෙතෙක් කුමන ජාතිකයෙකුද යන්න සොයාගෙන නැති එම සැකකරු අද(02) උදෑසන රිසෝර්ට්ස් වර්ල්ඩ් මැනිලා හී කැසිනෝ ක්‍රීඩාගාරයට වෙඩි තැබීය. ඉන්පසු සැකකරු ද ගිනි තබාගෙන මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම සිදුවීම නිසා එම ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ඇතිව තිබේ. බලධාරීන් මුලින්ම පැවසුවේ ජීවිත හානි නොමැති බවයි. නමුත් මළසිරුරු හමුවී ඇත්තේ වෙඩික්කරුගේ මළසිරුර සොයාගැනීමෙන් පසුව එම සංකීර්ණය පරීක්ෂා කිරීමේදීය.

සැකකරු ක්‍රීඩා මේසවලට ද වෙඩි තබා ඇති අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 2.3 ක් වටිනා සූදූ චිප්ස් තොගයක් ද සොරකම් කර තිබිණි. ඉන්පසුව සැකකරු හෝටලයේ කාමරයකට ඇතුළු වී තිබේ.

“ඔහු ඇඳ මත දිගා වුණා. ඇඳ ඇතිරිල්ලක් ඇඟේ දමාගෙන පෙට්‍රල් වක්කර ගත්තා. පස්සේ ගිනි තියාගත්තා.“ ජාතික පොලිස් ප්‍රධානී රොනල්ඩ් ඩෙලා රෝසා මහතා පැවසීය. සැකකරු සොයාගැනීම සඳහා හෝටලය පුරා මෙහෙයුමක් ද ආරම්භ කර තිබිණි.
හෝටල් බලධාරීන් පැවසුවේ සැකකරු ගිනි තබාගැනීමෙන් අනතුරුව වෙඩි තබාගෙන ද ඇති බවයි. පොලිසිය එම පුද්ගලයාගේ සීසීටීවී ඡායාරූප නිකුත් කර තිබිණි.

සැකකරු ඉතා හොඳින් ඉංග්‍රීසී බසින් කතා බහ කර ඇති නිසා වෙඩික්කරු විදේශිකයකු විය හැකියැයි එරට අතැම් මාධ්‍ය හා ඇතැම් බලධාරීන් අනුමාන කර තිබිණි. මීට පෙර වාර්තා වූයේ ඔහු කොකේසියානුවෙකුට සමාන පෙනුමක් ඇති බවයි. නමුත් පොලිස් අධිකාරී ඇපොලිනාරියෝ මහතා පැවසුවේ ඔහු කුමන රටේ ජාතිකයකුද යන්න අනාවරණය වී නොමැති බවයි.

බලධාරීන් මීට පෙර එරට මාධ්‍යවේදීන්ට පවසා තිබුණේ සැකකරු මානසික කම්පනයකින් පෙළුණු අයෙකු බවයි. එම හෝටලය මෙම සිද්ධිය ‘ව්‍යාකූල මනසක් ඇත්තතකු කළ නිවට ක්‍රියාවක්‘ ලෙස හැඳින්වීය. පොලිසිය පැවසුවේ සැකකරු තනිව පැමිණි ඇති බවත් කිසිදු ත්‍රස්තවාදී කණ්ඩායමකට සම්බන්ධ නැති බවත් ය.

 එම අවස්ථාවේ එම ස්ථානයෙන් පැනගත් පිරිසක් පවසා තිබුණේ එම සංකීර්ණය දුමෙන් පිරී යන අයුරු දුටු බවයි.
 “අපේ දුව හිටියේ එහි ප්‍රභූ කොටසේ. එහි ගින්නක් දුමක් ඇති වෙලා තියෙනවා කියලා අපේ දුව දුරකථනයෙන් පැවසූවා. ඒ නිසා හුස්ම හිරවෙනවා කියලත් පැවසුවා“ එක් කාන්තාවක ඒඑෆ්පී පුවත් සේවයට පැවසීය.

ගිනි ආරක්ෂණ උපකරණ නිසි ලෙස වැඩ කළ බවත් එහි නිසි වාතාශ්‍රයක් තිබූ බවත් එම හෝටලයේ ප්‍රධාන මෙහෙයුම් ස්ටෙෆන් රෙයිලී කීවේය.
සිද්ධිය නිසා 50 දෙනකු පමණ රෝහල් ගත කර ඇත.



අදහස් (0)

අයි. එස් .ත්‍රස්තවාදී ප්‍රකාශය මැනිලා පොලිසිය ප්‍රතික්ෂේප කරයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

නිව්යෝක් රාත්‍රී සමාජ ශාලාවක වෙඩි තැබීමක්
2025 ජනවාරි මස 02 1032 0

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ක්වීන්ස් පළාතේ රාත්‍රී සමාජ ශාලාවක සිදුවුණු වෙඩි තැබීමකින් 10 දෙනෙක් තුවාල ලැබූහ.


මොන්ටෙනීග්‍රෝ රාජ්‍යයේ වෙඩි තැබීමක්
2025 ජනවාරි මස 02 1114 0

මොන්ටෙනීග්‍රෝ රාජ්‍යයේ වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි තැබීමෙන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණු බවත්, වෙඩික්කරු පලා ගිය බවත් වාර්තා වේ. වෙඩික්කරු සොයා පොල


අවුරුදු සැමරුම් අතරතුරේ ඇමෙරිකාවට ත්‍රස්ත ප්‍රහාරයක්
2025 ජනවාරි මස 02 2738 3

නව අවුරුදු උදාව සැමරීමට, ඇමෙරිකාවේ, නිව්ඕලන්ස් ජනපදයේ, බර්බන් වීදියට එක්රොක් වූ වැසියන් පිරිසක් මැදට සුදු පැහැති පිකප් ට්‍රක් රථයක් කඩා වැදුණි.


ජනපති ජින්පින් 2025 පිළිගනී
2025 ජනවාරි මස 01 128 0

2025 නව වසර උදාවීම නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන මාධ්‍ය සමූහය සහ අන්තර්ජාලය ඔස්සේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය නිකුත් කළේය.


2025 පිළිගන්න ලොව පුරා සැමරුම්
2025 ජනවාරි මස 01 641 0

සුපුරුදු පරිදි හිරු උදාවත් සමඟ, නව අවුරුද්ද පළමුවෙන් පිළිගත්තේ ඕෂේනියා සාගර කලාපයේ පිහිටි කිරිබති දූපත් සමූහයයි.


අවුරුදු උදා වෙද්දී පුවර්ටෝ රීකෝ අඳුරේ
2025 ජනවාරි මස 01 1709 0

ඇමෙරිකාවට අයත් පාලන ප්‍රදේශයක් ලෙස සැලකෙන පුවර්ටෝ රීකෝ කැරිබියානු දූපත් රාජ්‍යයේ වැසියන් මිලියන තුනකට වැඩි පිරිසක්, විදුලි බලය නොමැතිව නව අවුරුදු උද


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 371 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 191 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 175 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site