IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


අරණායක සුරපුරයක් කරනවා යයි කියපු නිවාස ඇමති කෝ? - නාමල් රාජපක්ෂ

(සමන් විජය බංඩාර)

එදා අරණායක සුරපුරයක් කරන බව කී නිවාස ඇමති නැවත අරණායක අවතැන් වූවන් බැලීමට පැමිණ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“එදා නිවාස ඇමැතිවරයා අරණායකට ඇවිත් කිව්වේ සාමසර සුරපුරයක් කරනවා කියලා.නමුත් සුරපුරය බලන්න පුළුවන් මෙහාට ආවාට පස්සේ.එහෙම කියලා ගියපු මගේ ගමේ නිවාස ඇමතිවරයා ආයේ අරණායකට ඇවිත් නැහැ. මෙ වෙනුවෙන් ආණ්ඩුවේ මැදිහත් විමක් නැහැ. සුරපුරයක් කරන්න ආපු අය ජනතාව කුඩාරම්වලට දමලා හිර කරලා තිබෙනවා. “යැයි ඒ මහතා පවසයි.

රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ අරණායක සාමසර විපතින් අවතැන් වුවන් රැඳි සිටින අවතැන් කඳවුරු වෙත ගොස් ඒවාහි ශ‍්‍රමදාන කටයුතුවලට අද (02) සහභාගී වූ අවස්ථාවේදී ය.

“දැන් අරණායක සාමසර කන්ද නාය ගිහින් මාස 13 ක්.පසුගිය මාසයේ අපි ඇවිත් මේ ජනතාව සමග කතා කළා.ඔවුන් අමාරුවෙන් කුඩාරම්වලට වෙලා ඉන්න හැටි අපි දැක්කා.අපි රට හා ලෝකය දැනුම්වත් කළා. නමුත් ආණ්ඩුව කළේ ඒවාට උදව් කළා කියලා නිලධාරින්ගෙන් පළි ගන්න ලැස්ති වීමයි. “

“රටේ තරුණයන් සහ වගකිව යුතු පුරවැසියන් ලෙස වගකිමක් තිබෙනවා අපිට පුළුවන් දේ කිරිමට.එමෙන්ම අපි ආණ්ඩුවට බල කරනවා. කරුණාකරලා ඔය සංදර්ශන , නාට්‍ය, තර්ජන සහ ජනතාව පාගන එක නවත්වලා මේ ජනතාවට සහන දෙන්න කියලා.“යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම වෛද්‍යවරුන් කණ්ඩායමක් මගින් අවතැන් වූවන්ට අවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර සේවයක්ද ක‍්‍රීයාත්මක කෙරිණ.



අදහස් (25)

අරණායක සුරපුරයක් කරනවා යයි කියපු නිවාස ඇමති කෝ? - නාමල් රාජපක්ෂ

සතයපාල Sunday, 02 July 2017 08:54 AM

ඉස්සෙල්ලාම එෆ්.සී.අයි.ඩී. එකත් එක්ක තියෙන ගනුදෙනු ඉවර කරගෙන එනවද?

:       1841       2176

victor Sunday, 02 July 2017 10:00 AM

ලොකු බේබි,... අප්පච්චිගේ කාලේ අරගත්තු සල්ලිවලින් ටිකක් වියදම් කරලා ගෙවල් හදල දුන්නා නම් හොඳයි නේද?

:       739       1054

mangala welarathna Sunday, 02 July 2017 10:23 AM

නාමල් මහත්තයෝ ඇත්ත කිව්වනම් නේද හොඳ? ඔබතුමා ගැන මුළු රටම දන්නවනේ...

:       551       809

kumar (galf) Sunday, 02 July 2017 11:20 AM

ඔබතුමා හදපු එක සුරපුරයක් පෙන්නන්නකෝ මේ අවුරුදු ගානටම....

:       576       771

SHAN SAUDI Sunday, 02 July 2017 11:25 AM

අනේ !!! රටේ මහජන මුදල් අරගෙන දැන් අනුන්ගේ වැරදි කියනවා... ඉස්සෙල්ලාම මුදල් සහ රාජ්‍ය දේපළ ආපහු දුන්නොත් හොඳයි...

:       762       937

siva Sunday, 02 July 2017 11:48 AM

අරනායක පළාතේ ගෙවල් නැතිවුණ අයට ගත්තු මුදල් ආපසු දෙන්නකෝ...බොරුවට තණකොළ කපල වැඩක් නැහැ . මුළු රටම ජනතාව දන්නවා කවුද කියලා..

:       629       912

kap Sunday, 02 July 2017 12:27 PM

සාමාන්‍යයෙන් තණකොල කපන්නේ එතනම ඉන්න අයට දෙන්නලුනේ... මුලු රටම අන්දවන විදිහ නම් හොඳට දන්නවා.

:       311       473

ජයන්ත Sunday, 02 July 2017 12:33 PM

මේවාට කියන කට හොඳයි බිම උලා ගන්නවා...

:       118       292

menna Sunday, 02 July 2017 12:54 PM

මොකක් හරි හොඳ දෙයක් කරන්න... එ්ත් අපිට සංදර්ශන එපා. ඔබතුමා ඇත්තටම මොකක්ද කරන්න හදන්නේ? රග්බිද? නීතිඥකමද? දේශපාලනයද?

:       318       543

SHAN SAUDI Sunday, 02 July 2017 01:36 PM

ඕවා නිකන් විහිළුවට කියන කතා...

:       5       106

mahinda Sunday, 02 July 2017 03:07 PM

මේ රටේ බිහිවු පුහු උජාරුවෙන් තම හිස උදුම්මාගෙන කියන කතා තමයි. ඇයි තම පියවරුන් බලයේ සිටියදී තමන්ට වඩා ඉහලින් කිසිවකුත් නැතැයි සිතුවේ?

:       98       374

kalpa Sunday, 02 July 2017 03:07 PM

මෙතුමා කියන දේත් ඇත්තක් තියෙනවා කියල හිතෙනවා. නිවාස ඇමතිතුමා හැමදාම මුල්ගල් තියන්නේ හම්බන්තොට ප්‍රදේශයේ පමණයි. පසුගිය කාලේ ගංවතුරෙන් අනාථ වුණු අයට ගෙවල් හදන බවක් නම් පේන්න නැහැ. ඇමතිවරයෙක් වුණාම රටටම වැඩකරන්න ඕන තමන්ගේ දිස්ත්‍රික්කයට පමණක් වැඩ කරලා මදි..

:       456       274

දයාරත්නායක Sunday, 02 July 2017 05:23 PM

සුනාමි අාධාරවලට මොකද කලේ කියල අප්පච්චිගෙන් අහල බලලා හිටිය නම් වඩා හොඳයි.

:       1       1

Nandalal DE SILVA - France Sunday, 02 July 2017 06:09 PM

බලාගෙන යනකොට මෙතුමාට, එයාගේ අතීතය අමතක වුණත් උණුවෙන පපු හදවතක් තියෙන බව පෙන්වන්න හදනවා. කොහොමද හරියටම එදා එතැනට වාර්තාකරුවන්, කැමරා ශිල්පින් එහෙම ආවේ... ? නාමල් මහත්තයා තනකොළ කපන එක වාර්තා කරන්න...

:       1       0

hewawitharana Sunday, 02 July 2017 07:30 PM

තණකොළ වල ඇති ගුණය අපි කවුරුත් හොඳින් දන්නවනේ...

:       1       0

hewawitharana Sunday, 02 July 2017 07:34 PM

කෙලින් කතා කරන අවංක පුද්ගලයෙක් බව මට හැඟෙනවා.

:       0       1

නුමා Sunday, 02 July 2017 10:15 PM

අර එකපාරක් කොළඹ නිවාස අහිමි වන්න ගිය මිනිසුන්ට කිව්වා නේද "මගෙ ඡන්දේ තියෙන්නෙ හම්බන්තොට, එහෙ මිනිසුන්ට තමයි මම කරන්නේ...." කියලා. අරණායක තියෙන්නෙත් හම්බන්තොටද?

:       1       0

සනත් ඉන්දික ඉතාලිය Sunday, 02 July 2017 10:44 PM

කා අතිනුත් අඩුපාඩු සිදුවේ. ඒ අඩුපාඩු හදාගන ඉදිරියට යනවා නම් ඔහුට අකුල් හෙලන්න එපා. ඔය නිවාස ඇමතිතුමා, තමන්ගේ නායකතුමා ජනාධිපති කාලේ පොඩ්ඩක් සොයා බැලුවොත් නරකද?

:       0       0

latha Monday, 03 July 2017 02:42 AM

මේකත් ඡන්ද ව්‍යාපාරෙකම වැඩක් තමයි.

:       1       0

Susil Monday, 03 July 2017 02:55 AM

ඇත්තටම මොනවද කලේ? රේස් පැද්දා, මල්ලි කෙනෙක් නේවි එකට ගියා. අනිත් මල්ලි අජටාකාශගාමියකු වෙන්න ගියා... එහෙම ගියේ මහජන මුදලින් නේද?

:       1       0

dias Monday, 03 July 2017 03:16 AM

හොඳයි.. එහෙනම් ඊළඟ ජනාධිපතිවරණයට ඉල්ලන්නකෝ...

:       1       0

dias Monday, 03 July 2017 03:16 AM

ඔබතුමා ඊළඟ ජනාධිපතිකමට ඉල්ලන්න ඕනා. ඔබතුමාගේ හදවත උණුවෙන හැටි දැනුයි අපට තේරෙන්නේ....

:       1       0

De silva Monday, 03 July 2017 08:49 AM

තණකොළ කපමින්, නිවාස හොයමින් කාලය ගතකරන්න අවශ්‍ය නැහැ. ඔබතුමා භාවිතා කරන එක බෙන්ස් රථයක් විකුණුවා නම් නිවාස 5-6 ක්ම හදලා දෙන්න පුළුවන්....

:       0       0

De silva Monday, 03 July 2017 09:05 AM

හතරවැනි ඡායාරූපේ ඉන්න මනුෂ්‍යයාගේ මුහුණ දුටුවහම හිතා ගන්න පුළුවන් මේ දේශපාලන සංදර්ශනය ගැන... එයාගේ අදහස් කොහොමද කියලා..

:       1       0

de silva Monday, 03 July 2017 03:27 PM

අන්න බණ්ඩාරවෙල පැත්තෙත් මිනිස්සුන්ගේ ගෙවල් ඉරිතලල ළිං වල වතුර හිඳිලා... මොනවද ප්‍රශ්න වගයක් තිබෙනවාලු... ගිහින් බලන්න ජනතාවගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබේවි !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 66 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 182 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 745 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 773 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1030 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 238 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 196 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site