IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


අලින්ට වඳ සැත්කම් කළ නොහැකිදැයි පුත්තලමේ කතක් අසයි

හිරාන් ප්‍රියංකර ජයසිංහ
 
අලි කරදයට විසඳුමක් ලෙස අලින් බෝවීම වැළැක්වීමට අලින්ට වඳ සැත්කම් කිරීමට ක්‍රමයක් නැතිදැයි පුත්තලම කිවුල අංක හතර ප්‍රදේශයේ කාන්තාවක් පුත්තලම සහකාර වනජීවී අධ්‍යක්ෂවරයාගෙන් අද විමසීමක් කළාය.
 

පුත්තලම කිවුල ඇතුළු ගම්මාන ගණනාවක ජනතාව තම ගම්මාන වලට කඩා වදින වල් අලි පලවා හරින ලෙස ඉල්ලා පුත්තලම සහකාර වනජීවි අධ්‍යක්ෂක කාර්යාලයට පැමිණි අවස්ථාවේ ඇය මෙම විමසීම කළාය.
 
කිවුල , දංගහවල , කන්දේයාය , හල්මිල්ලෑව , ගල්කුලම , බෝගහයාය ඇතුළු ගම්මාන නියෝජනය කරමින් 100 කට ආසන්න පිරිසක් ලොරි රථ සහ යතුරු පැදි වලින් වන ජීවි සහකාර අධ්‍යක්ෂ කාර්යාලයට පැමිණ තිබූ අතර එහිදි පුත්තලම සහකාර වනජීවි අධ්‍යක්ෂ  ඩබ්ලිව්.එම් .කේ.එස් චන්ද්‍රරත්න මහතාට ලිපියක් භාර දෙමින් තමන් මේ වන විට පත්ව ඇති තත්ත්වය පිළිබඳව පැහැදිලි කළහ.
 
‘‘අනේ සර්   පසුගිය කාලයේ තිබුනේ පුංචි පවුල රත්තරන් කියලා අපේ ජාතිය අඩු කරන්න වඳ සැත්කම්  කරපු ක්‍රමයට මේ අලි ටිකත් අල්ලලා වඳ කරන්න ක්‍රමයක් නැද්ද ?‘‘  යයි කාන්තාවක් ප්‍රශ්න කළාය. ඒ සමඟ පැමිණ සිටි පිරිස කොහඬ නඟමින් සිනාසුනහ.
 
මෙහිදී ජනතාව නැගූ චෝදනා වලට පිළිතුරු ලබා දෙමින් පුත්තලම සහකාර වන ජීවි අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.කේ.එස් චන්ද්‍රරත්න මහතා මෙසේ පැවසීය.
 
  “මේ ප්‍රශ්නය අපි නොදන්නාවා නොවෙයි . නමුත් අපිට තිබෙන සම්පත් එක්ක වැඩ කරන්න අමාරුයි . ඒ වුනාට අපි මේ කටයුත්ත නවතා දමන්නේ නැහැ. අපි 22 ඉදලා වල් අලි පලවා හරින්න කටයුතු කර තිබෙනවා. 22  දංගහවල පන්සලේ අපි කැම්ප් ගහලා නතර වෙලා මේ කටයුත්ත පටන් ගන්නවා.වාහන තුනක් දැනට යොදවන්න කටයුතු කර තිබෙනවා. 
 
ඒ එක්කම සිවිල් ආරක්ෂක ඒකකයේ සහය ලබා ගෙන මෙහෙයුම් සාර්ථක කරන්න අපි සුදානම්. මම ඉල්ලා සිටිනවා මේ සියලු දෙනාගෙන්  කරුණාකරලා අපිට සහාය දෙන්න කියලා. මොකද මේ සහයෝගය අලි පලවා හැරිමේදි වැදගත් නිසා‘‘ යැයි ඔහු පැවසීය.

 



අදහස් (22)

අලින්ට වඳ සැත්කම් කළ නොහැකිදැයි පුත්තලමේ කතක් අසයි

de silva Wednesday, 18 July 2018 05:50 PM

මිනිස්සු අලින් ඉන්න කැලේ කපමින් නිවාස, ගුවන්තොටුපළවල් පාරවල් හදන නිසා අලින්ට ඉන්න තැනක් නැතිවෙලා

:       41       321

game ekaWednesday, 18 July 2018 10:47 PM

ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් කල් පිළිතුර දාර්ශනිකයි

:       0       0

PerakumThursday, 19 July 2018 01:29 AM

මම අහන්නේ මිනිහට වඩා අලියට ප්‍රමුඛත්වය දිය යුතුද? අලියා වඳ උනොත් මේ රට පරිසරය විනාස වෙනවද? අලි බලන්න ඕන කෙනෙකුට පින්නවල අලි අනාථාගාරය තියෙන්නේ. වන ජීවියේ කට්ටිය හොඳටම දන්නවා අලි වැටට වඩා අලි කානුව සාර්ථක බව. අපිත් ඒ බව ප්‍රායෝගිකව අත්දැකීමෙන් දන්නවා. නමුත් අලිකානුවෙන් කොමිස් ගහන්න බැරි නිසා ඒක යට ගහනවා.

:       41       35

RoshanThursday, 19 July 2018 04:50 AM

මේ මිනිස්සුන්ට මුහුදට පනින්නද කියන්නෙ.?

:       117       29

Bamunuarachchi Wednesday, 18 July 2018 11:25 PM

අලින්ට කතා කොරන්න පුළුවන් කමක් තිබෙනවානම් අලි ඔය ප්‍රශ්නය වනජීවී මහත්වරුන්ගෙන් අසාවි. ඒත් අලි අලි කතාවෙනවා ඇති මිනිස්සු ටික වඳකලොත් අපට කැලේ ඉතුරු වෙවී කියලා.

:       0       1

ලුම්බිණි Thursday, 19 July 2018 12:11 AM

අලින්ට නොව වඳ සැත්කම් කළ යුත්තේ අලින්ගේ ප්‍රදේශවල පදිංචි වෙන අයටයි.

:       30       15

ranjith Thursday, 19 July 2018 12:39 AM

වඳ සැත්කම් කරත් ඔක්කොම මැරුවත් එකයි. වඳවී යන සත්තු මොන විදියට හරි රැක ගන්න වෙනවා නේද.? කැලේ ඉවරයක් නැතුව කපනවා අලි ඉන්නේ කොහෙද.?

:       0       6

amila Thursday, 19 July 2018 01:42 AM

මිනිස්සු කැලෙට ගිහින් සතුන්ට ගම්වලට එන්න කියන්න. ලංකාවේ මිනිස්සු හිතන් ඉන්නේ සත්තුන්ට විතරයි ජිවත් වෙන්න තියෙන්නේ කියලා. මසට මරණ කුකුලන්ට කවූරුවත් අනුකම්පා නැත්තෙ ඇයි.

:       22       2

ඩී. ජයදේව Thursday, 19 July 2018 02:08 AM

පුත්තලම් ඡන්දදායිකාවක්නේ

:       3       6

මද්යස්තයා Thursday, 19 July 2018 03:23 AM

මිනිසුන් අලින් ඉන්න කැලේ ජිවත් වෙන්නේ මිනිස් ජනගහනය වැඩිවන නිසා. ම්නිසුන්ටද මුල්තැන සතුන්ටද?

:       1       22

kalani Thursday, 19 July 2018 03:32 AM

වර්ෂයකට අලි ඇතුන් 290 ක් පමණ නොයෙකුත් හේතු නිසා මියයනවා. උපත් සිදුවන්නේ 180 ක් විතර. එමනිසා වඳ පෙති දෙන්න දෙයක් නැහැ. ජාතික සම්පතක් රැකගැනීමට නිසි ක්‍රමවේදයක් සකස් කර ගැනීමේ නො හැකිද?

:       0       4

himal Thursday, 19 July 2018 03:32 AM

ඔය පිරිසෙන් කී දෙනෙක් රක්ෂිතයේ අනවසර ගෙවල් හදාගෙන ඉන්නවද? විල්ලු වලට ගිනි තියනවද? කැළේ ඇතුලට හරක් දිගේලි කරනවද? අන්න ඒවා කරද්දි වන අලි නෙවෙයි අනෙක් සතුනුත් ගම් වැදීම ස්වභාවිකයි.

:       0       21

ROSHAN Thursday, 19 July 2018 03:43 AM

මම හිතන්නේ මෙම කාන්තාවට ඡන්දය ඉල්ලන්න සුදුසුකම් තියෙනවා වගේ.

:       0       23

Ranga Thursday, 19 July 2018 03:46 AM

කට්ටිය එක්කම හිනා වුනාට අලි ගහල පවුලෙ මිනිහෙක් මැරුනම, හිනා වෙන ඈයො එන්නෙ නෑනෙ ඒ පවුලට සලකන්න... ඒ එක්කම අලින්ට ජීවත් වෙන්න ඕන කැලේ, ඒක බලේ රැක ගන්න පාවිච්චි කරන්න ඉඩ දීල දැන් ඒව විනාස කරල තියෙන්නෙ. රටේ වන ගහනය වැඩි කරන්න. භූතානය ආදර්ශයට ගන්න.

:       3       89

රවින් Thursday, 19 July 2018 04:27 AM

වඳ යෝජනාව සුදුසු වන්නේ අලින්ට නොව. 225 දෙනාටයි උන්ගේ සහචරයින්ටයි. වැඩේ හරියට කෙරුවොත් අලි උවදුරත් ඉවරයි ලංකාව දින දින දියුණුවෙයි.

:       46       299

vidya Thursday, 19 July 2018 04:53 AM

දරුවෝ ඔයා අහපු ප්‍රශ්නය ඉතාම කාලෝචිත දෙයක්. ඔය ප්‍රශ්නය කව්රුවත් මීට ඉස්සර අහල නැහැ. අලියා, දෙවියන් වහන්සේ මවන කොට පිරිමි අලියට පොඩි අඩුපාඩුවක් කරලා තියනවා. එම නිසා එය කරන්න විදිහක් නැහැ.

:       0       81

Perakum Thursday, 19 July 2018 07:45 AM

හොඳයි අලි පරපුර මේ රටින් සහමුලින්ම වඳ උනයි කියල හිතමු. ඒකෙන් මොකද්ද අපේ රටට ජනතාවට පරිසරයට සිද්දවෙන හානිය? නොදන්නා නිසයි අහන්නේ. දන්නකෙනෙක් ඉන්නවානම් කියන්නකො.

:       0       0

kalani Thursday, 19 July 2018 08:24 AM

මිනිසාට විසදා ගත නොහැකි ගැටලුවකට දෙවියන් වහන්සේට ගතුකිමෙන් පලක් නැහැ. මහපොළොව මිනිසාට පමණක් අයිති තැනක්ද නොවේ. මිනිසා වනාන්තරය ආක්‍රමණය කිරීම නවතා දැමිය යුතුය. කතා කිරීමට නොහැකි අහිංසකයින්ට උන්ගේ භුමිය පවරා දිය යුතුය.

:       0       0

අචලා Thursday, 19 July 2018 08:35 AM

සත්තුන්ට වද සැත්කම් කරන එකට මම තරයේ විරුද්ධයි. අපිට අයිතියක් නෑ සත්තු තමන්ගේ වර්ගයා බෝකරන එකට බාධා කරන්න. ඔය මිනිස්සුන්ට බැරිද සත්තු ඉන්න හරියේ නැතුව වෙන පැත්තකට ගිහින් පදිංචි වෙන්න?

:       0       0

MohanSaturday, 21 July 2018 03:17 PM

අචලා මහත්මිය වෙත, මිනිස්සු අලි ඇතුන් ඉන්න පැතිවල පදිංචියට යන්නේ නෑ. බොහෝවිට ඒ මිනිස්සු පාරම්පරිකව ඒ පැතිවලම ජිවත්වෙන මිනිස්සු. මිනිස්සු ගොවිතැන් කළාම ඒ අස්වැන්න නෙළාගැනීමට හෝ කෑමට අලින් වැනි සතුන් එනවා. ඔබතුමිය කැමතිද දැනට ජීවත්වෙන නිවස අතෑරලා පුත්තලමට පදිංචියට යන්න? නෑ නේද? අපි ප්‍රකාශ කරන අදහස අපිට සාපේක්ෂයි. අපිට අලි ගැටළු නැති නිසා අපි දරන්නේ සරළ පිළිතුරක්. හරියටම විස්වාස නැති දේ ගැන විචෑරීමට වඩා රකින මුණිවත ගරුගාම්භීරයි.

:       0       17

අචලා Sunday, 22 July 2018 10:51 AM

මහත්තයෝ, අලිත් ඒ ප්‍රදේශවල පාරම්පරිකව පදිංචි අයයි. ඒ අය කොළඹින් ඇවිල්ලා නැහැ. ඒ නිසා අලින්ට තමන්ගේ ප්‍රදේශවල ඉන්න ඇරලා මිනිස්සු කොහෙට හරි යන්න ඕන. එහෙම නැතිනම් මේ ප්‍රදේශයෙන් විශාල කොටසක් අලින්ට වෙන්කළ යුතුයි. එක අලියෙකුට දිනකට කෑම සඳහා කිලෝග්‍රෑම් 150 පමණ අවශ්‍යයි. ජලය විශාල ලෙස අවශ්‍යයි. එය ඔවුන්ටම විය යුතුයි. ඡන්ද පොරොන්දු, හේන් ගොවිතැනට, රජයේ ව්‍යාපෘති අරවා මේවා කියාගෙන ඒ ප්‍රදේශයට අත නොතැබීමට නීති සකස්කළ යුතුයි. රටේ මිනිස්සු මිලියන 20 ඉන්නවා. නමුත් අලි ඉන්නේ 5000 ක් පමණයි. ඒ නිසා අපි අලි අරක්ෂා කරගතයුතුයි.

:       0       0

sampath Monday, 23 July 2018 08:24 AM

අලියා කියන සතා ගම වැදුණාම සියලු දේ විනාශ කරනවා. මිනිස්සු මරනවා පොල්ගස් පිටින් කඩාදානවා. කෑමටම පමණක් නොවෙයි, මේ අලි එන එක නවත්තන්න මී මැසි ජනපදවලට පුළුවන්... මෙය සාර්ථක ක්‍රමයක්... මී මැසි පෙට්ටි ටිකක් ගෙනත් තියන්න අලින් එන එක නතර කරන්න පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 834 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 207 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1506 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 1960 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


අදානිගෙන් කොළ එළියක්
2025 මාර්තු මස 11 1878 0

මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක පුනර්ජනනීය බලශක්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 259 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 201 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site