IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


අලුයම් යාමයේ සිටම සීගිරිය නැරඹීමට අවසර

(කාංචන කුමාර ආරියදාස)
 
 සීගිරිය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන්ට  ඇතුළුවීමේ ප්‍රවේශපත්‍ර නිකුත් කරන වේලාව ලබන 15 වන දා සිට උදෑසන 6.30 ට ආරම්භ කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කළමනාකාර මේජර් අනුර නිශාන්ත මහතා පැවසීය.
 
මීට පෙර සීගිරියට නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කරනු ලැබුවේ උදෑසන 7.00 සිට පස්වරු 5.00 දක්වා වූ කාල රාමුව තුළ දීය.
 
බොහෝ විදේශික සංචාරකයන් ගේ ඉල්ලීම පරිදි එම කාලය වෙනස් කර  පෙරවරු 6.30 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ ඇතුළත්වීමට අවශ්‍ය ඉඩකඩ සපයා දීමට තීරණය කර තිබෙන බවත් ඒ අනුව ඉදිරියේ දී අත්හදා බැලීමෙන්  පසුව අලුයම 5ට සීගිරිය නැරඹීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට ද මධ්‍යම සංස්කෘතික අරමුදලේ අවධානය යොමු වී ඇතැයි මේජර් අනුර නිශාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 
බොහෝ විදේශීය සංචාරකයන් අලුයම් කාලයේ සීගිරි පව්වට නැග ඉර පායන දර්ශනය නැරඹීම සඳහා දැඩි කැමැත්තක් දක්වන බවත් ඒ සඳහාම සීගිරියට පැමිණෙන බව ඔහු සඳහන් කළේය .

දැනට අති විශාල සංචාරකයන් පිරිසක් සිගිරි නැරබීම සදහා පැමිණෙන බවද පෙරවරුවේ 09 ත් 11ත් දැඩි තදබදයක් පවතින නිසා එම තත්වය අවම කොට සංචාරකයන්ට කරදරයකින් තොරව සිගිරි නැරබීමට අවස්තාව උදා කර දීම සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද එකගත්වය පරිදි විෂය භාර ඇමති සජිත් පේමදාස මහතා අනුමැතිය ලබාදුන් බව හෙතෙම සදහන් කළේය .
 



අදහස් (6)

අලුයම් යාමයේ සිටම සීගිරිය නැරඹීමට අවසර

sirimal Wednesday, 13 February 2019 11:50 AM

එතකොට ඔතන ක්‍රියාත්මක විවිධාකාර මාෆියා කල්ලි වලටත් අලුයම ඉඳලම සංචාරකයින් බිලි ගන්න ඉඩ දෙනවද? එක දවසක් උදේ 10 ට විතර මඟ පෙන්වන්නෙක් කියලා කෙනෙක් අපේ කණ්ඩායම එක්ක ආවා. උදෙන්ම හොඳටම බීලා. ලඟට කිට්ටුවෙන්න බැහැ අරක්කු ගඳ. කීව දේවල් වලින් වැඩි හරියක් මුසාවාද.

:       0       54

hesa Wednesday, 13 February 2019 01:03 PM

සිගිරිය නැරඹීමට කාලය වැඩි කරලා මුදල් වැඩියෙන් උපයන්නත් සිතුවාට මදි. අවට සහ වැසිකිලිත් පිරිසිදු විය යුතුයි නේද.

:       0       113

කසුන් Wednesday, 13 February 2019 01:22 PM

අපි පසුගිය වසරේ ඉතා සමීපව ආශ්‍රය කරන විදේශීය පවුලක් සමග සිගිරිය නැරඹීමට පැමිණියෙමු. එහෙදි ඔවුන් අපගේ හැදුනුම්පත් පරික්ෂා කර අතර මගේ දියණියට හැදුනම්පත අමතක වීමත් විදේශීය යුවලගේ දරුවන් හා සමීපව හිටි නිසාත් ඇය වෙනුවෙන් මට රුපියල් 4700/- ගෙවා විදේශිකයෙක් මුදල් ගෙවා ලබාගන්න ප්‍රවේශ පතක් ගෙන සිගිරිය බලන්නට සිදු වුනි. ඒ නිසා නැවත කිසිදා සිගිරි නොයමි. විදේශයන්හි ප්‍රවර්දනය නොකරමි !!

:       34       61

vernonWednesday, 13 February 2019 04:26 PM

ඉතිං වැ‍රැද්ද ඔබගේ. අමතක වීම එකක්. තමුන්ගේ දෝනියැන්දෑ රටේ හුරුවටද හදලා තියෙන්නේ කියලත් දැන ගන්න ඇතිනේ.

:       124       138

Nihal Wednesday, 13 February 2019 02:06 PM

බුද්ධිමත් තීරණයක්. කේබල් කාර් කතාවක් පසුගිය කාලේ කතාවක් තිබුනා, එහෙම දෙයක් ගැන හිතන්නවත් එපා පෞරාණික රාජධානිය නව නගරයක් වෙනවා. ඊජිප්තුවේ පිරමිඩ් වලින් කිලෝමිටර් 20 පමණ එහා වැසිකිලියක් උනත් තියෙන්නේ

:       14       0

chandima Wednesday, 13 February 2019 06:19 PM

ප්‍රවේශපත්‍රය ඕන වෙලාවක පැය විසිහතරේම ලෝකේ ඕනෑතැනක ඉඳලා අන්තර්ජාලයෙන් මිලදී ගන්න පහසුකම් සලස්සලා උදේට ගේට්ටුව අරින්න විතරක් කෙනෙක් දැම්මා නම් ඉවරයිනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 640 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 177 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 530 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 134 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1787 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site