IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


අලියා මැරූ වරදට විත්තිකරුට ලක්ෂ 2 ක දඩයක්

ක.ග කරුණාරත්න
 
පොලොන්නරුව වැලිකන්ද සිංහපුර දිඹුලාන ප්‍රදේශයේ පිහිටි මහවැලි ඉඩමක් තුලදී විදුලිය සැර වද්දවා වන අලියකු මරණයට පත් කිරීමේ චෝදනාවකට අධිකරණයේදී වරද පිළිගත් විත්තිකරුවෙකුට රුපියල් ලක්ෂ 2 ක දඩයක් ගෙවන ලෙසට පොලොන්නරුව මහේස්ත්‍රාත් ලුසාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය අද (02) නියෝග කළාය.
 
මෙසේ දඩ නියම වූයේ වැලිකන්ද සිංහපුර දිඹුලාන අංක 300 ලිපිනයේ පදිංචි ලංකාධිපති වික්‍රමසිංහ මනමේන්ද්‍රලාගේ සුගතතදාස (52) යන අයටයි.
 
අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර සිටි විත්තිකරු පොලොන්නරුව වනජීවී කාර්යාලයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.



අදහස් (6)

අලියා මැරූ වරදට විත්තිකරුට ලක්ෂ 2 ක දඩයක්

Nandalal DE SILVA - France Tuesday, 02 January 2018 05:16 PM

ශ්‍රී ලංකාවේ වඳවීගෙන යන හස්ති සම්පත රැකගැනීම අපේ විශාල යුතුකමක් මෙන්ම වගකීමක්ද වෙනවා. එසේ නැතුව මැස්සන් මදුරුවන් මෙන් අලි ඝාතනය කරන අයට දැඩි දඬුවම් දිය යුතුය. හස්තියෙකුගේ වටිනාකම ලක්ෂ 2 කට තක්සේරු කරපු නිසාද මේ අපරාධකරු මෙවැනි සොච්චම් දඩයකින් ශේප්වෙලා ගියේ ?

:       1       58

yasith Wednesday, 03 January 2018 03:05 AM

ඔබ ඒ ගොවියා නම් ඔබ කරන්නේද ඔහු කළ දේමයි . දඩ ගැසිය යුත්තේ ගොවියාට නොව තම කාර්යභාරය ඉටු නොකරන නිලධාරින්ටයි. ගොවියා විදුලි වැට ඇද්දෙ අලියා මැරීමට නොව තම වගාව රැක ගැනීමටයි. ගොවියගෙ අසරණකමට නීතිඥයන්ට ගෙවන්ඩ බැරිකමට මුලින්ම වරද පිළිගෙන නඩුව අවසන් කර ගත්තා.

:       0       102

Sathyayaa Tuesday, 02 January 2018 05:40 PM

නමේ හැටියට එයා හිතාගෙන ඉඳල තියෙන්නේ ලංකාවට අධිපති කියල. කොහොම නමුත් පනවල තියෙන දඩේ ප්‍රමාණය මිය ගිය ඇතාටත් කරන නින්දාවක්. මොහු ගෙවිය යුත්තේ ජීවත් වෙන ඇතෙකුගේ වටිනාකමයි. ශ්‍රී ලංකාවේ ඇත් සංහාරය පිටුපස කුමන්ත්‍රණයක් තිබෙන බව නීතිය සම්බන්ධයෙන් කටයුතු කරන අයට තවම වැටහිලා නැහැ. මේ පිටුපස ඉන්න බලවේග දුප්පත් අය නොවෙයි. මරණ මරණ හැම ඇතෙකු වෙනුවෙන් ගෙවන්න තියෙන දඩ මුදල ඒ ගොල්ලෝ ගෙවල දාවි. දැන් බලමුකෝ දෙලක්ෂයේ දඩයෙන් ඇත් සංහාරය නවතීද කියල.

:       0       86

Perera Wednesday, 03 January 2018 02:17 AM

සති දෙක තුනකට උඩදී මාද්යවල කියල තිබුනනේ අලියෙක් මරල වරදිකරුවුනොත් ජීවිතාන්තය දක්වා හිරේ යනවදිහිට නීති සංශෝදනය කරලා කියල. බලාගෙන ගියාම එහෙම වෙලා නැහැනේ.

:       0       0

chamal Wednesday, 03 January 2018 05:25 AM

කොළඹ ඉඳන් සත්ව කරුණාව පෙන්වන අය ඒ පැති වලට ගිහින් බලන්න ඕනේ ඒ මිනිස්සු කොච්චර බයෙන් කරදරෙන්ද හේනක් කුඹුරක් කරන ඉන්නේ කියල. මේ දුප්පත් ගොවියා ලක්ෂ දෙකක් ගෙවන්නේ කොහොමද.

:       0       37

nalinWednesday, 03 January 2018 08:27 AM

ඔබ 100% ක් හරි. ගොවියෝ හැම පැත්තෙන්ම අසරණයි. වගා කරන්න පටන් ගත්තදා ඉඳල විකුණනකල් හැම කෙනාගෙන්ම අසාධාරණය තමයි අත් විඳින්නේ. ගොවියෝ අලි මරන්නේ මස් කන්න නෙවෙයි වෙන කරන්න දෙයක්, කියන්න කෙනෙක් නැති නිසා. දැන් මේ ගොවියට වෙන්නේ හිරබත් කන්න තමයි. දරුවන්ට කාගේ පිහිටද? ඇයි පිණ්ඩපාතේ ගිහින් සල්ලි එකතු කරන්නවත් කවුරුත් නෑනේ දඩ ගෙවන්න. ලංකාවට අලි, දැන් අලි කරදරයක් වේගෙන එන්නේ. වනාන්තර අඩු වෙනවා. මිනිස්සු වැඩි වෙනවා. ඒ මදිවට අලි ගහනයත් වැඩිවෙලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 190 0

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 642 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 180 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 189 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 747 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 248 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site