IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


අල්ලස් ගත්තැයි රේගුඅධිකාරීවරු සිව් දෙනාට එරෙහි නඩු විභාගය 22 දා සිට


(මනෝප්‍රිය ගුණසේකර )

මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටින රේගු අධිකාරීවරුන් සිව්දෙනාට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා විසින් ලබන 22 වැනිදා තෙක් කල් තබන ලදී.

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන  රුපියල් කෝටි 12 1/2 ක අල්ලස් මුදල ඉල්ලා ලබාගැනීම කුමන්ත‍්‍රණකාරීව සිදුකළ බව ඇතුළු චෝදනා 16 යටතේ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිසම විසින් පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය සඳහා විනිසුරුවරයා විසින් මෙලෙස කල් තැබීය.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නිහාල් ගුණසිංහ මහතා සහ ජනාධිපති නීතීඥ නෙවිල් අබේරත්න මහතා ඇතුළු නීතීඥවරුන් ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකාර රේගු නිලධාරීන් ඇප මත මුදාහැරීමට තීරණය කළේය.

දැනට මියගොස් සිටින නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක මහතා සමඟ එක්ව ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන මෙම රුපියල් කෝටි 12 1/2 ක අල්ලස් මුදල ඉල්ලා ලබාගත් බවට වු අධිචෝදනා පත‍්‍ර බාර දෙන ලද්දේ ශ්‍රී ලංකා රේගුවේ සහකාර රේගු අධිකාරී උපාලි ගුණරත්න පෙරේරා,  රේගු අධිකාරී වසන්ත විමලවීර, රේගු අධිකාරී උපාලි සෙනරත් වික‍්‍රමසිංහ සහ රේගු අධිකාරී සුජීව පරාක‍්‍රම ජිනදාස මහත්වරුන්ටය.
 
2015 ජුනි මස 22 වැනිදාත් 2015 ඔක්තෝම්බර් මස 15 වැනිදාත් අතර කාලයේ කොළඹ පන්චිකාවත්තේදී රුපියල් මිලියන 150ක මුදලක් දැනට මියගොස් සිටින නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක මහතා සමඟ එක්ව ඉල්ලා ලබා ගැනීමට කුමන්ත‍්‍රණය කළ බවට අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා  විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇත.

එම කුමන්ත‍්‍රණයට අනුව අවස්ථා කිහිපයකදී පැමිණිලිකරුගෙන් අල්ලස් ඉල්ලීම ඒ අනුව 2015 ඔක්තෝම්බර් මස 15 වැනිදා රුපියල් මිලියන 125ක මුදලක් ලබාගත් බවට මෙන්ම සෙසු විත්තිකරුවන් ඊට ආධාර සහ අනුබල දුන් බවට විත්තිකරුවන්ට අල්ලස් කොමිසම එරෙහිව වැඩිදුරටත් චෝදනා ඉදිරිපත් කර තිබේ. 

රුපියල් කෝටි 12 1/2 ක අල්ලස් මුදල ඉල්ලීම සම්බන්ධයෙන් මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයෙකු වන බන්ධුලසේන මහතා විසින් අල්ලස් කොමිසමට පැමිණිලි කොට තිබිණි.

පැමිණිලිකරු මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වීමේදී රජයට අඩුවෙන් බදු මුදල් ගෙවා ඇති බව සඳහන් කරමින් පැමිණිලිකරුගේ ගබඩාව පරීක්‍ෂාවට භාජනය කොට ඇති බවත් එහිදී නිසි අන්දමට මෙම භාන්ඩ ගණනය කළහොත් රුපියල් මිලියන 300ක පමණ බදු මුදලක් රජයට ගෙවීමට සිදුවන ඇති බව පවසා එය අඩුවෙන් ගණනය කොට රජයට අඩුවෙන් බදු මුදල් ගෙවීමට සළසාදීම සඳහා රුපියල් මිලියන 150ක මුදලක් විත්තිකරුවන් විසින් මුල් අවසථාවේදී ඉල්ලා ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.



අදහස් (0)

අල්ලස් ගත්තැයි රේගුඅධිකාරීවරු සිව් දෙනාට එරෙහි නඩු විභාගය 22 දා සිට

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

වී ගන්න කෝටි 500ක් වෙන්කරයි
2025 පෙබරවාරි මස 05 3 0

වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ


’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’
2025 පෙබරවාරි මස 05 240 0

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ


’’වීවලට මිලක් දුන්නාට ආණ්ඩුවට ස්තූතියි’’
2025 පෙබරවාරි මස 05 242 0

ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි


’’නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා’’
2025 පෙබරවාරි මස 05 132 0

ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල


ග්‍රාමීය රෝහල් සංවර්ධනයට අත ගහයි
2025 පෙබරවාරි මස 05 167 0

රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.


ගමට හයියක් දෙන්න ’’ග්‍රාම ශක්ති’’ එයි
2025 පෙබරවාරි මස 05 193 0

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 741 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site