(මනෝප‍්‍රිය ගුණසේකර)
වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි රැදවියන් 27 දෙනකු ඝාතන සිද්ධිය හා වනජීවී දෙපාර්තමෙන්තුවේ තිබු අලි ලියාපදංචි කරන පොත කූඨ ලෙස වෙනස් කර බලපත‍්‍ර නොමැති අලි පස්දෙනෙකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අලි ජාවාරම්කරුවකු බව කියන අලි රෝෂාන්, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු අට දෙනෙකුට එරෙහි නඩු විභාග කිරීම සදහා අගනිවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලූදෙකක් අද (03) පත් කරන ලදී.
නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතාගෙන් ඉල්ලීමකට අනුව මෙම විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලූ දෙක පත් කොට ඇති බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
වසර හතක කාලයකට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සිදුවු ගැටුමකින් පසු එහි රදවා සිටි රැදවියන් 27 දෙනාට වෙඩි තබා ඝාතනය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් යුක්තිය ඉෂ්ඨ කිරීම සදහා ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කිරීම යෝග්‍ය බව සඳහන් කරමින් වැලිකඩ රැදවියන් සමුහ ඝාතන සිද්ධියද, රටේ වන අලි සම්පත විනාශයට ලක් කළ මෙම ජාවාරම හේතූවෙන් සාමාජීය වශ්‍යයෙන් කැළබීමක් සිදු වු හෙයින් මෙම නඩුව ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම යෝග්‍ය බව සදහන් කරමින් අලි නඩුවද විභාග කිරීම සදහා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලූ පත් කරන ලෙස නීතීපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීම් කර තිබිණි.
වැලිකඩ රැදවියන් සමුහ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස සේවය කළ දැනට පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ රාජකාරි කරන නියෝමාල් රංගජීව සහ එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයා ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා සහ බන්ධනාගාර බුද්ධි ඒකකයේ සේවය කළ ඉන්දික සම්පත් යන මහත්වරුන්ට එරෙහිව මෙම අපරාධයට අදාළව අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනත යටතේ අධි චෝදනා 33ක් යටතේ නඩු පැවරීමට නීතීපතිවරයා තීරණය කොට ඇත.
අලි ජාවාරම්කරුවකු බව කියන සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රෝෂාන් නමැත්තාට අමතරව වනජීවී දෙපාර්තමෙන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ (නීතී) පැස්කුවල් ෆොන්සේකාලාගේ උපාලි පද්මසිරි, වන ජීවී දෙපාර්තමෙන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි අංශය බාරව සිටි ලිපිකාරිනි එච්. පි‍්‍රයංකා සංජීවනී, සමරප්පුලි හේවගේ උචිත නිශාන් ධම්මික, කඩුපිටියගේ චන්දන කුමාර, සෂික චානුක ගම්ලත්, පලිහපිටිය ගමගේ ජයලත්, රණසිංහලාගේ දමිත් චතුරංග යන වනජීවී දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් ඇතුථ පුද්ගලයින් අට දෙනෙකුට එරෙහිව අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනත යටතේ සහ පොදු දේපළ පනත යටතේ අධි චෝදනා 33ක් යටතේ නඩු පැවරීමට නීතීපතිවරයා තීරණය කොට ඇත.
ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයා දී ඇති තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය
ඒකාබද්ධ ග්‍රාම - නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රටපුරා පැතිරි යමින් ඇති සූකර ඌණට ලක්ව ඌරන් 1600 ක් මේ වන විට මිය ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ
බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අලි රොෂාන්ගේ නඩුවට විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල 2 ක්
Mahee Wednesday, 03 July 2019 08:10 PM
දප්පුල ද ලිවේරා මැතිතුමන් නැවත නැවතත් තහවුරු කරන්නේ මෙතෙක් පත් වූ කාර්ය ශුරම නීතිපතිවරයා එතුමා බවයි. මෙතෙක් යටගහල තිබුණු නඩු එකින් එක දැන් උඩට එනවා. ඔබතුමාට ජය!