(විනීතා එම් ගමගේ)
ශ්‍රී ලංකාවේ දේශගුණ විපර්යාසයන් හේතුවෙන් අවතැන් වූවන් ගේ සංඛ්‍යාව වාර්ෂිකව ඉහළ යමින් පවතින බව පරිසර යුක්ති කේන්ද්‍රය කියයි.
මෙසේ දේශගුණ විපර්යාසයන් හේතුවෙන් අවතැන්වන්නන් වෙනුවෙන් නීතිමය රැකවරණයක් අවශ්‍යයැයි ද එම සංවිධානය පෙන්වාදෙයි.
මේ වසරේ ගතවූ කාලය තුළ සිදුවූ නායයාම්වලින් 212 දෙනකු මිය ගොස් ඇති අතර 79 දෙනකු අතුරුදන්ව ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා කොළඹ නිපොන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළේය.
ගංවතුර සහ නායයෑම් පමණක් නොව දේශගුණ විපර්යාස හේතුවෙන් ඇතිවන වෙරළ ඛාදනය වැනි අවස්ථාවන්හිදී ද විශාල ලෙස ජනතාව අවතැන්වන බවත් මෙසේ අවතැන්වූවන් ඉදිරියේ දී රටට පමණක් නොව කලාපයේම ප‍්‍රශ්නයක් බවට පත්වනු ඇති බවත් විතානගේ මහතා පෙන්වා දුන්නේය.
දැනට ගණන් බලා ඇති ආකාරයට 2050 වන විට දේශගුණික විපර්යාස නිසා ලොව පුරා කෝටි 20කට අධික පිරිසක් අවතැන් වූවන් බවට පත්වනු ඇතැයි ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙන බව ද විතානගේ මහතා ප‍්‍රකාශ කළේය.
දේශගුණික විපර්යාස ඇතිවන අන්දමේ ක‍්‍රියාකාරකම් වහ වහා වෙනස් කරගන්නට රාජ්‍ය සුදානම් නැත්නම් මේ ශතවර්ෂය අවසාන වනවිට අදට සාපේක්ෂව ආසියානු කලාපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 6 කින් ඉහළ යනබවට විද්වතුන් අනාවැකි පළ කර ඇතැයි ද හෙතෙම පැවසීය.
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
ස්වීඩනයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ සැකකරු ද සිටින බව පොලිසිය පවසයි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අවතැන්වූවන්ගේ සංඛ්‍යාව ඉහළට