යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීම සඳහා ක්‍රමවත් සැලැස්මකට අනුව ක්‍රියාකරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (15) කීය.
ඒ අනුව මේ වසරේ ඔක්තෝබර් මාසය වනවිට ශ්‍රී ලංකාව එම අසාදු ලේඛනයෙන් ඉවත් කර ගැනීමට හැකිවනු ඇතැයි ද ඒ සඳහා මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වූ ආසියා ශාන්තිකර සංවිධානය සමඟ කටයුතු කරන බව ද මහ බැංකු අධිපතිවරයා එහිදි කීය.
මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ අද (15) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඒ බව පැවැසීය.
යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට ශ්‍රී ලංකාව ද ඇතුළත් කළ බව යුරෝපා පාර්ලිමේන්තුව නිල වෙබ් අඩවිය පසුගිය සතියේදී වාර්තා කළේය.
055
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව
ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අසාදු ලේඛණයෙන් ශ්‍රී ලංකාව ඉවත්කරගැනීමට පියවර ගන්නවා - මහ බැංකු අධිපති
Bamunuarachchi Thursday, 15 February 2018 04:22 PM
ඒ ගමන්ම මුදල් විසුද්දීකරණයට අසුවූ අයට දඬුවම් කිරීමත් විය යුතුය. ඒගොල්ලෝ නිදොස්කොට නිදහස් කරනැත
Ajith Nissanka Thursday, 15 February 2018 04:33 PM
අසාදු ලේඛණයෙන් ශ්‍රී ලංකාව ඉවත්කරගැනීමට පියවර ගන්නේ යුරෝපා සංගමය ලග උපවාස කරලද? අසාදු ලේඛණයට ලංකාව ඇතුල් වුනේ හොර දේසපාලුවන් කළු සල්ලි පිට රටවල් වලට යවන නිසා! එහෙම හොරු රජකරවන සහ ආරක්ෂා කරන රටකට පුලුවන්ද ඔය වැඩේ කරන්න!
Rasika Thursday, 15 February 2018 07:58 PM
මෙය බරපතල සිදුවීමක්. මහ බැංකුව මංකොල්ල කනකොට මෙහෙම වෙයි කියල හිතුණා. දැන් ආයෝජකයෝ එයි. ඔන්න UNP ආර්ථික දක්ෂයෝ කල හරිය රටට. රනිල්ගේ මොලේ. මේ රටේ ආර්ථික අගාදයකට තල්ලුකලේ රනිල්ගේ ආණ්ඩුව.
sisira Thursday, 15 February 2018 11:27 PM
කටින් හිටවන බතල කොලද?
Sathyayaa Friday, 16 February 2018 12:45 AM
ඔයත් රෝයල් , එයත් රෝයල් ඔය අවුලට වග කිව යුතු පුද්ගලයාත් රෝයල්. ජනතාව බඩ ගින්නේ ඉන්න කොට ඔය ගොල්ලෝ සේරම එකතුවෙලා කාල තියෙන්නේ රාජකීය මගුලක්. අපේ රටේ ප්‍රතිබිම්බය අපේම මෝඩයින් අතින් කුඩු වී හමාරයි. කෑලි එකතු කරලා අලවල පිළියම් කරපු බව ලෝකයාට සදහටම පෙනේවි. අපේ අමන දෙස්පලුවනේගේ නිරුවතත් ඒ සමගම පෙනේවි.
Bamunuarachchi Friday, 16 February 2018 02:22 AM
දන්නෝ දනිති කවූද ලොකුම හොරා කියලා. නිදොස් කර නැහැ
sachith Friday, 16 February 2018 03:01 AM
ජාතක කතා පොතේ තියෙනවා වගේ, ලේන් අම්ම වලිගෙන් මහා මුහුදේ වතුර අහක් කරන්න හැදුව වගේ වැඩක් මහත්තයෝ ඕක. අපේ ගරුකටයුතු ඇමතිලා ඉන්නකම් ඕක හීනයක්.
ramani Saturday, 17 February 2018 05:10 AM
මහ මොලකාරයෝ ඉන්නකොට රටවල්වලට මෙහෙම වෙනවා. දැන් මේ මහා මොලකරු තවත් හිටියොත් රට හිමි වෙන තැන කොතනද?... කියා හිතන්න වත් බැහැ නේද?