(මනොප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
අසල්වැසියෙකුට පිහියෙන් ඇන මරා දැමීමේ චෝදනාවන්ට වරදකරුවන් වු එකම පවුලේ අයියා මලෝ දෙදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද (27) මරණීය දණ්ඩනය නියම කළේය.
මීට වසර 16කට ඉහතදී මෙම අපරාධය විත්තිකරුවන් විසින්ම සිදුකළ බවට පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් මෙම නියෝගය නිකුත් කෙරිණ.
ජනාධිපතිවරයා නියම කරන දිනයක සහ වේලාවකදී වැලිකඩ බන්ධනාගාරය තුළදී මරණ දඬුවම ලබාදීමට නියම විය.
මෙලෙස මරණ දඬුවම් නියම වුයේ කොළඹ කොටහේන ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වු ඇන්ටන් පීටර් ඩෙලිකන් ප‍්‍රනාන්දු (45) සහ ඇන්ටන් සේවියර් ප‍්‍රනාන්දු (40) යන දෙදෙනාටය.
2001 සැප්තැම්බර් මස 18 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ කොටහේන ප‍්‍රදේශයේදී ඉන්දික ෆොන්සේකා නමැත්තාට පිහියෙන් ඇන මරා දමන ලදැයි විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරනු ලැබ තිබිණි.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අසල්වැසියා මැරූ අයියා-මලෝ දෙන්නාට මරණ දඬුවම
Kandepola Saturday, 28 October 2017 04:18 AM
මිනීමැරුම් නඩුවක් මෙපමණ කාලයක් විභාගවීම ඉතාම කණගාටුදායක තත්වයක්. තීන්දුව දෙන තෙක් වසර 16ක් ඇප පිට නිදහසේ සිටීමත් වසර 16 කට පසුව මෙවැනි දඬුවමක් ලැබීමත් සමාජය තුල අතුරු ප්‍රශ්න රාශියක් ජනිත කරන තත්වයක්. මිනී මරුවෙක්, නඩුව අසන තෙක් රක්ෂිත බන්දනාගාර ගත කොට කෙටි කාලයකින් නඩුව අසා දඬුවම් නියම කල හැකි නම් එය සමාජයට ඉතාම හොඳ තත්වයක්. ඊයේ පුවතක් පල වී තිබුණා. 1982 වසරේ සිදුවූ මිනී මැරුමකට 2017 දඬුවම් කල බවට....