IMG-LOGO

2025 මාර්තු මස 15 වන සෙනසුරාදා


ආණ්ඩුව ගෙදර යවන විරෝධතාවයක් අගෝස්තු 17 වැනිදා

(විනීතා එම් ගමගේ)

ආණ්ඩුවට අවුරුදු තුනක් පිරෙන අගෝස්තු 17 වැනිදා කොළඹට ඇතුළුවන සියලු මාර්ග අවහිර කර දැවැන්ත විරෝධතාවක යෙදෙන්නට අසාධාරණයට ලක්වූ ජනතාව සමඟ සැබෑ විපක්ෂය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ආණඩුව ගෙදර යන තුරු එකී විරෝධතා රැල්ල අවසන් නොකරන බව ද මන්ත්‍රීවරයා කීය.

නාමල් රාජපක්ෂ මහතා මේ අදහස් පළකළේ බත්තරමුල්ල නෙළුම් පෙදෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයේ දී අද (13) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහි දී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය. 

   ‘‘අගෝස්තු මාසෙ 17  වැනිදා කියන්නේ මේ ආණ්ඩුව පිහිටුවලා අවුරුදු තුනක් වෙන දවස. එදාට මේ රටේ  ප්‍රගතිශීලී ජනතාව සියලු දෙනා එකතුවෙලා කොළඹට ඇවිත් මේ ආණ්ඩුවට විරෝධය පළ කරන්න සුදානම්.

මේ රටේ ජනතාවගේ සහනාධාර සියල්ල කපා හැරලා. එක පැත්තකින් පොහොර සහනාධාරය කැපුවා. අනෙක් පැත්තෙන් ධීවර සහනාධාර කැපුවා. ජීවන වියදම එන්න එන්නම වැඩිවෙමින් පවතිනවා. ආර්ථිකය කඩා වැටිලා. මේ වෙනකොට රට පුරා පාතාලය හිස ඔසවලා. තැන තැන මිනිමැරුම් මංකොල්ල කෑම් මිනිමැරුම්. රටේ ඒකීයත්වයට බරපතල  තර්ජන එල්ල වෙලා තියෙනවා.

රටේ රාජ්‍ය නායකයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයා , අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ගැන කිසි අවධානයක් නැහැ. දන්නෙත් නැහැ. මේ කිසිම පියවරක් ගන්නෙත් නැහැ.

රට දේශපාලනික ආර්ථික වශයෙන් අස්ථාවර තත්ත්වයක් අරන්. රට අරාජික වෙලා.

ආණ්ඩුව පත්වෙලා අවුරුදු තුනයි. ආණ්ඩුව පත්වෙන කොට දුන් පොරොන්දු එකකවත් ඉෂ්ට කරන්නේ නැතිව රටේ ජනතාවගේ  බඩට ගහන්න, ජනතාවගෙන් පලි ගන්න කටයුතු කරනවා. ආර්ථික වශයෙන් කෘෂිකර්මය කඩා වැටෙන්න කටයුතු කරල තියෙනවා. කුරුඳු ගොවියාට , ගම්මිරිස් ගොවියා, වී ගොවියා හේන් ගොවියා , ධීවරයා මේ හැම දෙනාටම යන එන මං නැහැ. රුපියල එන්න එන්න කඩා වැටෙනවා. රට ආර්ථිකය අස්ථාවර වෙලා. දේශපාලනික වශයෙන් අස්ථාවර වෙලා.

මේ සියල්ලට එරෙහිව ආණ්ඩුවේ ක්‍රියා කලාප නිසා  ආණ්ඩුවේ ප්‍රතිපත්ති නිසා අසාධාරණයට ලක්වූ සියලු දෙනාත් එක්කරගෙන  සැබෑ විපක්ෂයේ කණ්ඩායම් සියලු දෙනා එක්කරගෙන ජන බලය කොළඹට ගේන්න අපි සංවිධානය කරල තියෙනවා.

අපි ආරාධනා කරනවා මේ රටේ අසාධාරණයට ලක්වූ සියලු ජනතාවට මේ විරෝධතාවයට එක්වෙන්න කියලා. රාජ්‍ය දේපල විකුණගෙන කනවා. පටන් ගත්තේ හම්බන්තොට වරායෙන්. මත්තලත් විකුණන්න යනවා. රාජ්‍ය ආයතන හතරක් විකුණන්න කැබිනට් අනුමැතියට දාල කියල ආරංචියි. සෞඛ්‍ය ,තැපැල්, අධ්‍යාපන, දුම්රිය යන ආයතන විකුණන්න හදන්නේ.

මේ සියල්  නිසා රටේ ඇතිවෙලා තියෙන අස්ථාවරත්වය නිසා අසාධාරණයට ලක්වූ ජනතාවට ආරාධනා කරන්නේ ආණ්ඩුව පළවා හරින්න එකතුවෙන්න කියලයි.‘‘  යැයි ද මන්ත්‍රීවරයා පැවැසීය. 



අදහස් (23)

ආණ්ඩුව ගෙදර යවන විරෝධතාවයක් අගෝස්තු 17 වැනිදා

Ruwan Friday, 13 July 2018 12:47 PM

අනේ නාමල් මහත්තයෝ, මේ රජයත් එක්ක මහජනතාවට ප්‍රශ්නයක් නැහැ. ඔබලාට තියෙන්නේ පුද්ගලික ප්‍රශ්න.

:       835       1218

Kris daisiSaturday, 14 July 2018 02:42 AM

ගමේ කඩෙන් කහට එකක් බීලා එෆ්.බී. එකට පින්තූරෙ දාලම පටන් ගනිමු.

:       116       225

laksman Friday, 13 July 2018 12:55 PM

මන්ත්‍රීතුමණි රට හදන්න පෙර ගම හදන්න. ගම හදන්න නම් මිනිසා පූර්ණ මනුෂ්‍යයකු වෙන්න

:       1       143

sirimal Friday, 13 July 2018 01:03 PM

එදාට නේද අර වහන්නේ නැති උසාවිය පටන්ගන්නේ? ඉක්මනට මොනවාහරි කලේ නැත්නම් පෙරලෙන්න වෙන්නේ තුන් අවුරුද්දක්ම ආණ්ඩුව පෙරලන්න දඟලමින් වයිවාරන්න සැලසුම් තියෙනවා කියල තැන තැන විරෝධතා පවත්වන අයටමයි.

:       457       832

ගාල්ලේ පාල Friday, 13 July 2018 01:17 PM

කවුද මේ ආණ්ඩුව ආව දවසෙ ඉඳලම වැඩ ආපස්සට ඇද්දෙ. බලයට පත්වූ ආණ්ඩුවට සතියක් නිදහසේ වැඩකරන්න දුන්නෙ නැත්තෙ. ඇයි සමහරුන් එදා ඉඳලම බලය ගන්න විතරයි හැදුවෙ. ඒ අය වගකියන්න ඕනෙ

:       447       843

පිටිගල මිලානෝ Friday, 13 July 2018 01:25 PM

ඔයගොල්ලෝන්ව නම් අවුරුදු දෙකකටත් කලින්ම නිකන්ම නිකන් කතිරෙකින් මහජනතාව ගෙදර එලෙව්වනේ.

:       283       432

Amila Friday, 13 July 2018 02:01 PM

කතාව ආරම්භයේම පේනවා ජනතාව ගැන ආදරය. කොළඹට එන පාරවල් සේරම වැහුවම මහජනතාව කොච්චර පීඩා විදිනවද?

:       27       550

nihal Friday, 13 July 2018 02:04 PM

පීඩාවට පත් ජනතාවනි 17 වෙනිදට එකතුවෙලා ඔබලට වඩා බලය නැතිව පීඩාවට පත්වෙලා ඉන්න දේශපාලකයෝ ටිකකට පොඩි සහනයක් අරන් දෙන්න.

:       178       312

rohana Friday, 13 July 2018 02:49 PM

මෙයාල එන්න හදන්නේ අපිට ආදරේට වෙන්න ඇති.

:       56       337

Sanath KandySaturday, 14 July 2018 10:42 AM

මේ ආණ්ඩුවේ බෙලහීනකමට හිරේ ඉන්න ඕනෑ අය යහතින් එළියේ ඉන්නවා. ඒ මදිවට අපි තව එයාලගේ පුරාජේරු කතා අහන්නත් ඕනෑ. මේ දෙගොල්ලම ගෙදර යවලා රටට, ජනතාවට ආදරේ කරන පිරිසකට රට බාරදෙන්න අපේ රටේ මිනිස්සුන්ට මොලේ පෑදෙන්නේ කවද්ද?

:       2       351

Sunil Friday, 13 July 2018 04:40 PM

දැන් ආණ්ඩුව ගෙදර යවලා පරණ සෙට් එකම ගෙනෙන්නද මේ මන්ත්‍රී තුමා හදන්නේ? මේ අවුරුදු 3 ට අපි මැරිලා උපන්නේ නැහැ මන්ත්‍රීතුමා.

:       310       741

Jehaan Friday, 13 July 2018 07:48 PM

ඇයි ආණ්ඩු පන්න පන්න ඉන්නවා ඇරෙන්න වෙන ජීවත් වෙන්න ක්‍රමයක් නැද්ද ? නරකද පෙරකදෝරුකම වත් හම්බ කරගන්න පාවිච්චි කළා නම්.

:       0       19

Nalaka Friday, 13 July 2018 09:52 PM

අපොයි මෙයාලගේ වැඩ නිසා අපි ණය ගෙවනවා.

:       0       8

ashan Friday, 13 July 2018 10:17 PM

ජනතාවට මේ තරම් හිරිහැර වුණේ ඔයාල ලොකෙන් ණය අරගෙන හොරා කාපුව මේ ආණ්ඩුවට ගෙවන්න වුණු නිසා.ඔයාගෙ තාත්තටයි බාප්පටයි චීනෙන් දුන්නු පගාවටත් පොලී ගෙවන්නෙ අපිනෙ

:       0       0

rocky Saturday, 14 July 2018 12:12 AM

අම්මප, මේ මිනිසුන්ගේ තන්හාවේ සීමාවක් නැද්ද?

:       0       4

C.K.Lankaputhra Saturday, 14 July 2018 12:31 AM

දැන් කී සැරයක් අද පෙරලනවා හෙට පෙරලනවා කිව්වද? පෙරලුවද, පෙරලුවද, පෙරලුවද? නිකන් බයිලා කියන නැතුව ඉන්න.

:       0       4

Sanath Saturday, 14 July 2018 04:00 AM

ඔයාලත්, අපිත් රටත් එපා කියලා ඇමරිකාවට පැනලා ගිය බාප්පා ආපහු ගෙන්නගෙන ලොකු පුටුවක වාඩිකරවල හැමදෙයක්ම දීලා ජනප්‍රිය කරවලා දැන් එයාට ඔටුන්න පලන්දවන්න ඔච්චර මහන්සි වෙන්න එපා. යහපාලන කාරයෝ වගේ නෙමෙයි බලතණ්හාවට එයා ඔයාලා රොත්ත පිටින් කූඩු කරනවා.

:       96       521

saliya Saturday, 14 July 2018 06:13 AM

කෙල්ලනේ එකතුවෙන්න. නිල් බලකායෙන් ජොබ්.. හොඳම අයට නම් ජොබ් දෙකක්ම..

:       1       226

kalani Saturday, 14 July 2018 06:50 AM

නොදන්නා කමට අහන්නේ. ආණ්ඩුව ගෙදර යවලා කවදාද ආණ්ඩුවක් හදන්නේ. හිටපු ආණ්ඩුවේ ඇත්තන්ගේ නඩුත් තවම අහන්න පටන් ගත්තේ නැහැ. පකිස්තානයේ හිටපු අගමැති, මැලේසියාවේ අගමැති නම් හිරේ.

:       1       229

Pinsiri Saturday, 14 July 2018 09:38 AM

ගාල්ලේ පාල,.. ආණ්ඩුව ඇවිල්ලා සතියක් යන්න ඉස්සෙල්ලා මහබැංකුවට ගේම දුන්නනේ. ඉතින් කොහොමද වැඩක් කරන්නේ? තමුන්ගේ මොලේ තැලිලා ඇති ඔය ඉන්න බැංකුවෙන් නැගිටින්න.

:       212       13

Bimal Saturday, 14 July 2018 10:56 AM

මෙයා කියන විදියට වැඩ කරන්න ගිහින්ද කොහෙද යසට හිටපු දේශපාලකයෙකුට ගෙදරම යන්න වුනේ. දේශපාලක සටන් දියත් කරන්න අපුරු මොල පොඩ්ඩ!

:       1       130

Madawala Sunday, 15 July 2018 06:44 AM

ඕනේ උද්ගෝෂණයක් අගෝස්තු මාසේ ඉවර වෙලා තිබ්බොත් හොදයි, මොකොද උසස් පෙළ ලියන අපේ දරුපරපුර ගැන හිතලා.

:       0       1

Bamunuarachchi Monday, 16 July 2018 04:52 PM

ඔබට උදව්වට මම එක වචනයක් කතා කරන්නේ නැත

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

අපුර රෝහලේ ආරක්ෂාව ගැන බලන්න ත්‍රිපුද්ගල කමිටුවක්
2025 මාර්තු මස 15 249 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේක


ජීඑස්පී ප්ලස් කණ්ඩායම අප්‍රේල් දිවයිනට
2025 මාර්තු මස 15 197 0

පොදු වරණීය බදු පහසුකම නොහොත් ජීඑස්පී ප්ලස් සමාලෝචනය කිරීමට එහි කණ්ඩායමක් අප්‍රේල් මාසයේදී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පා


මන්ත්‍රීවරු කෑමට පස්ස ගහලා
2025 මාර්තු මස 15 2272 1

දෛනික ආහාර මිල රුපියල් දෙදහසක් දක්වා වැඩි කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් ආහාර ගැනීම යම් මට්ටමකට අඩු වී ඇතැයි වාර්තාවේ.


සේදවත්තේ දෙදෙනකු කපා කොටා ඝාතනය කරලා
2025 මාර්තු මස 15 899 1

පුද්ගලයන් දෙපිරිසක් ඇතුව ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් පුද්ගලයන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.


බටලන්ද වාර්තාවෙන් චෝදනා ලැබූ කට්ටිය මෙන්න..
2025 මාර්තු මස 15 3212 1

බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් දේශපාලනඥයන් පොලිස් ප්‍රධානීන් ඇතුළු පහළොස් දෙනෙකුට එරෙහිව එම වධකාගාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභ


මෝදි අප්‍රේල් මුල ලංකාවට
2025 මාර්තු මස 15 517 2

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අප්‍රේල් මුල ලංකාවට පැමිණ අලුත් අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 281 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 637 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 273 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site