IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ආණ්ඩුවේ සයිටම් යෝජනාවලියට විරුද්ධ බව ගුරු වෘත්තීය සමිති කියයි

තරිඳු ජයවර්ධන සහ සුරේෂ් කේ පෙරේරා

උද්ඝෝෂණය කළ ශිෂ්‍යයන් අත්අඩංගුවට ගැනීම දිගින් දිගටම සිදු කරන්නේ නම් මර්දනයට එරෙහිව සියලු ගුරු සංගම් එක්ව දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ගුරු වෘත්තීය සමිති නියෝජිතයෝ පිරිසක් අද කොළඹ විශ්ව විද්‍යාලයයේ දී පැවසූහ.

උද්ඝෝෂණය කළ විශ්ව විද්‍යාල සිසු සිසුවියන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගුරු වෘත්තීය සමිති පහක් එක්ව  කොළඹ විශ්ව විද්‍යාලයේදී අද මාධ්‍ය හමුවක් පැවැත්වීය.

සයිටම් සම්බන්ධයෙන් රජය නිකුත් කළ නිවේදනය නොපිළි ගන්නා බවත්, එහි දැක්වෙන්නේ ආණ්ඩුව කළින් ප්‍රකාශ කළ විසඳුම් බවත්, සයිටම් වලට එරෙහිව ශිෂ්‍ය ව්‍යාපාරය ගෙන යන අරගලයට උපරිම සහයෝගය දෙන බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

‘ගෙවල් වලට ඇවිත් පොලිසිය ශිෂ්‍යයන් අරගෙන යනවා. රාගම වෛද්‍ය පීඨයේ පළමු වසර ශිෂ්‍යයෙක් සොයා පොලිසිය කටානේ නිවසට ගොස් තිබෙනවා. නිවස වට කර නිවසට ඇතුළු වී එම ශිෂ්‍යයාව පොලිසිය අරගෙන ගොස් තිබුණත් ඔහුගේ පවුලේ අය මරදාන පොලිසියට ගිය විය අත්අඩංගුවට ගැනීඹ ප්‍රතික්ෂේප කළා. පසුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පිළිගෙන තිබෙනවා. වරෙන්ති නිකුත් වී සිටි ඥාණසාර හිමියන් අත්අඩංගුවට නොගත් පොලිසිය ගුටිකාලා රෝහලේ ප්‍රතිකාර ලබමින් හිටපු සුගතානන්ද හිමියන් අත්අඩංගුවට ගත්තා. නීතිය ක්‍රියාත්මක කරන ආකාරය වෙනස් බව එයින්ම පෙන්නුම් කරනවා. ‘

සයිටම් සම්බන්ධයෙන් ගුරු විදුහල්පති ප්‍රජාව දැනුම්වත් කිරීමට බලා පොරොත්තු වන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය. ගුරු වෘත්තීය සමිති පමණක් නොව අනෙකුත් වෘත්තීය සමිති සමගද සාකච්ඡා කර මර්දනයට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද ජයසිංහ මහතා කීවේය.

ලංකා ප්‍රගති ගුරු සංගමය නියෝජනය කරමින් මයුර සමරසිංහ මහතා ද, ශ්‍රී ලංකා පොදු ජන ගුරු සංගමය නියෝජනය කරමින් වසන්තා හඳපාන්ගොඩ මහත්මිය ද, උපාලි සෙනවිරත්න මහතා ද මෙහිදී අදහස් දැක්වූහ.



අදහස් (6)

ආණ්ඩුවේ සයිටම් යෝජනාවලියට විරුද්ධ බව ගුරු වෘත්තීය සමිති කියයි

nimal Monday, 26 June 2017 11:11 AM

ආණ්ඩුවේ යෝජනා පිළිගත්තම ඉතින් ඔයගොල්ලන්ගේ නමවත් කියවගන්න විදියක් නෑනේ.

:       227       315

nilmini Monday, 26 June 2017 11:40 AM

දොස්තරකම කරන්න හැමෝටම බැරි නිසා එයාලා ස්ට්‍රයික් කරන්නේ බය නැතුව.... ගුරුවරු ස්ට්‍රයික් කලොත් දවස් දෙකෙන් ගෙදර. ඉස්කෝලේ උගන්නන වැඩේ කරන්න ඕනේ තරම් මිනිස්සු දැන් ඉන්නවා. මෙයාලා මෙහෙම කිව්වට ගුරු පත්වීම ගන්න වෙච්ච් මහන්සිය මතක කිසි කෙනෙක් ස්ට්‍රයික් කරන්නේ නෑ.

:       301       319

අනුර Monday, 26 June 2017 12:18 PM

අපේ ගුරු මණ්ඩලයේ ගුරුවරු 106 න් එක ගුරුවරයෙක් විතරයි කළින් ස්ට්‍රයික් එකට එකතු වුණේ... ඒ නිසා මේක අමූලික බොරුවක්. සමස්ත ගුරුවරු මේකට එකතු වෙන්නේ නෑ.

:       100       314

CWW K. Monday, 26 June 2017 12:51 PM

ගුරුවරු ප්‍රයිවට් ඩොකාලට විරුද්දව ස්ටයික් කරනවානම් ඊට ඉස්සෙල්ල ප්‍රයිවට් ඉස්කෝල රජයට පවර ගන්න කියල ස්ට්‍රික් කරන්න කෝ... LYSIUM , LEEDS , Belvoir , Colombo South , Lakeland .... ඔය තියෙන්නේ හැටහුටහැමාරක්ම... තව සෙට් එකක් තියෙනවා රජයෙන් සල්ලිත් අරගෙන ප්‍රයිවට් ඉස්කෝල කරගෙන යන , එ්ත් කතෝලික ආගමේ අයව විතරක් ගන්න බෞද්ධ ළමයින්ගෙන් ලක්ෂ 7, 8 ගන්න ඉස්ස්කොල... කෝ මේ ගුරු සංගම් ඒවාට විරුද්ධව කට අරින්නේ නැත්තේ... කටේ පිට්ටුද නැත්නම් කොමිස්ද..

:       98       361

Sarath Monday, 26 June 2017 02:34 PM

ඇයි ගුරුවරුන්ට විවෘත අයිතිවාසිකම් නැද්ද? සයිටම් හරි රජයේ වෛද්‍ය විද්‍යාලයකට යන්නේ රටේ ගුරුවරුන්ගේ කැපවීම නිසා නෙවෙයිද? අනික පුද්ගලික වෛද්‍ය විද්‍යාල සහ පුද්ගලික පාසල් අතර ලොකු වෙනසක් තියෙනවා. ඇයි ගුරුවරයා ඔය තරම් අවතක්සේරු කරන්නේ? ස්වයං අධ්‍යයනයක් වෙන්න ඇති කරන්න ඇත්තේ...

:       358       225

CWW KMonday, 26 June 2017 04:37 PM

පුද්ගලික වෛද්‍ය විද්‍යාල සහ පුද්ගලික පාසල් අතර ලොකු වෙනසක් තියෙනවා.... ලොක්ක..... දෙකම කරන්නේ සල්ලි අරගෙන අද්‍යාපනය විකුණන එක... එත් SAITM full private , ඊට වඩා Semi Govt schools වල වෙන දීවල් ගැන හොයන්න... පොදු මහජනතාව ගෙවන බදු වලින් කොටසකුත් අරගෙන... තමන්ගේ ආගමේ ළමයින්ව විතරක් ඇතුල් කරගන්නවා.. බෞද්දයෝන්ගෙන් ලක්ෂ 7, 8, 9 ගන්නවා එත් ආගමේ ළමයෙක් ගෙන් ගන්නේ ලක්ෂයි... එහෙනම් මේවා ආණ්ඩුවෙන් සල්ලි ගන්න එක නවත්තල.. ෆුල්ල් ප්ව්ට් වෙන්න.. නැත්නම් ඔක්කොම ළමයින්ගෙන් සමාන මුදලක් ගන්න ඕන... කෝ මේ ගුරු සංගම්.. නිදිද??

:       5       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 608 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 495 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 122 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1728 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site