(නිමල කොඩිතුවක්ක )
රට සංවර්ධනය කිරීම සඳහා ප්‍රාදේශීය සභාවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් එක්ව සම්බන්ධීකරණයක් ඇතිව වැඩ කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (04) පැවසීය.
එම ආයතන කඹ ඇදීමට යාමෙන් රට තුළ සිදුකරන සංවර්ධන ව්‍යාපෘති අසාර්ථක වන බැවින් එකට වැඩකරන යාන්ත්‍රණයක් තිබිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ශ්‍රවනාගාරය සහිත දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
“මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් රුපියල් කෝටි 05කට ආසන්න මුදලක් වියදම් කරලා තියෙනවා.
මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තිබුණු යටිතල පහසුකම් අඩුයි. එම යටිතල පහසුකම් ලබලා දීලා මෙම පාලනය ශක්තිමත් කරන්න ස්වදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගත්තා.
වජිර අබේවර්ධන ඇමතිතුමා රටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගණනාවකට අවශ්‍ය අලුත් ගොඩනැගිලි ලබලා දීලා තියෙනවා. විශාල කාලයකින් පස්සේ තමයි මෙම ආයතන වලට අලුත් ගොඩනැගිලි ලබලා දීලා තියෙන්නේ. විශේෂයෙන්ම ශ්‍රවනාගාරත් මෙම අලුත් ගොඩනැගිලිත් එක්ක ලබලා දීලා තියෙනවා.
ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තමයි රටේ පරිපාලනයේ වැදගත්ම වන්නේ. මෙම කොට්ඨාසය මගින් තමයි බිම් මට්ටමට සේවය ලබා දෙන්නේ. මෙම කාර්යාල ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් එම යාන්ත්‍රනය සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙනවා. කලුතර දිස්ත්‍රික්කයේත් රටේ සැම තැනකමත් කාර්යාල ඇති කරලා මෙම වැඩපිලිවල ශක්තිමත් කිරීම ගැන අපි එතුමන්ට ස්තූතිවන්ත විය යුතුයි.
අජිත් පී. පෙරේරා ඇමතිතුමා මැදිහත් වෙලා මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ප්‍රාදේශීය සභාවක් බවට පත් කළා. ප්‍රාදේශීය සභාවයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයයි එක මායිමේ තියෙනවා. අනාගතයේ සිද්ධ වෙන්න යන වැඩ කටයුතු නිසා ඒක වැදගත් වනවා.
අපේ සීඝ්‍ර කර්මාන්ත කරණයෙන් එක කේන්ද්‍රස්තානයක් මිල්ලනියේ තියෙනවා. මේ වගේ වැඩකටයුතු කර්මාන්ත කළාපයට සිමා වෙන්නේ නැහැ. වටේම යන්න පාරවල් වුවමනාය. එක එක තැන්වලින් ජනතාව එනවා. ජලනල වුවමනායි. අලුතින් විදුලිය බළය වුවමනායි.
ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සම්බන්ධීකරණය කළ යුතු විශාල වැඩපිලිවලක් තියෙනවා.
දුප්පත් ජනතාව සඳහා නිවාස ඉදිකිරීමට තියෙනවා. මේ සියලු කටයුතු සැළසුම් කළ යුතුයි. ප්‍රාදේශීය සභාවත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් එක්ක සම්බන්ධීකරණයක් ඇති කළ යුතුයි.
කඹ අදින්න ගියොත් ඕක ඉවරයි. ඒ නිසා එකට වැඩකරන වැඩසටහනක් තියෙන්න ඕන. බියගමින් තමයි මම මේ උදාහරණය අර ගත්තේ.‘‘
යැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදි පැවසීය.
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ආයතන කඹ ඇදීමෙන් ව්‍යාපෘති අසාර්ථක වෙනවා - අගමැති
Raveendra Friday, 04 May 2018 02:42 PM
ආයතන කඹ ඇදීම්වලටත් වඩා භයානකයි දේශපාලකයන්ගේ බලය වෙනුවෙන් පොරකන බලුපොරයක්... දැන් ලක්බිමේ සිදුවන්නේ එය මිස වෙන කිසිවක් නොමැති බව කීම වඩාත් අර්ථවත් වේ. නිකන් බොරු බේගල් නොදොඩා...
MaheeFriday, 04 May 2018 03:55 PM
රවීන්ද්‍ර මහතා, ඔබ සමග 100% එකඟයි. මේ ගොල්ලන්ගේ පක්ෂෙයි අනික් පක්ෂයි අතර, පක්ෂේ ඇතුළෙම කල්ලි අතර, ඒ පක්ෂවල විරුද්ධ කාරයෝයි අනික් කල්ලියි අතර, ඒ පක්ෂවලම කල්ලි අතර හොරුයි, හොරුන් රකින කල්ලියි අතර ඔය විදිහට මේ ගොල්ලන්ගේ බලු පොරේ මිසක් රට ගැන කවුරුවත් හිතනවද?
Hafeel Friday, 04 May 2018 03:39 PM
සේරම අසාර්ථක වෙන්නේ... ඔබ නායකත්වයේ ඉන්න නිසා සහ විටින්විට සිදුකරන කැබිනට් සංශෝධන නිසායි.
Ranjith Silva Saturday, 05 May 2018 02:13 AM
බොලාගේ ජයවර්ධන නේද ඔය පළාත් සභා ගෙනැල්ලා රට කෑවේ...? දැන් ඉතින් කෑවෝ කෑවෝ කියනවා. නොහැකියාව තමයි මලේ...
Neethiya Dannaa Kenek. Saturday, 05 May 2018 03:22 AM
බලු පොර කතාවක් කියා එස්.බී. මහත්තයා හිරේ ගියා මතකද? ඒ නිසා කියන දෙයක් නීතිගරුකව කියන්න. බලු පොරය සහ දේශපාලකයින් ගැන සඳහන් වීමෙන් මෙහිදී අපහාසය සිදුවෙනවා. අගමැති හා සම්බන්ධ පුවතකට නිකන් බොරු බේගල් යන්න කෙලින්ම නොයෙදිය යුතුව තිබුණා. නීතිමය ක්‍රියා මාර්ගයන්ට අවශ්‍ය සාක්ෂි ලිඛිතව ඉදිරිපත් කිරීම භයානකයි. ලේඛනයේදී විශේෂයෙන් පරෙස්සම් වන්න.
Siyadoris Goyiyaa.Saturday, 05 May 2018 05:31 AM
අපූරු කතාවක් නොවැ ආයුබොවන්.. මේ කියලා තියෙන්නේ. ඇත්තටම බලන්නකෝ මේ කාලේ උදවිය කතා කරන සහ අදහස් ප්‍රකාශ කරන විදිහ. මම නං ආයිබෝං ඔන්න මෝඩ ගමේ මිනිහා වෙච්චි. ඒත් මේ උදවියට මෙහෙම නොසරුප් වචන පාවිච්චි කරන්න ඉගැන්නුවේ කව්ද? අන්න ඒ යෝධයටයි ආයුබෝවන් හොඳ හරුපයක් කියන්න ඕනෑ. මට මේ වෙලාවේ හොඳ පද හතරක් මතක් වෙනවා අයුබෝවන්. " මහනෙල් සුවඳමය. කුඩමසු පිලී ගඳමය. දෙකට එක දියමය. හොඳට නරකට දෙකට කටමය " .
RaveendraSaturday, 05 May 2018 03:01 PM
සියදෝරිස් මයා වෙත, ඔබගේ අදහස්වලට ගරු කරන්නෙමු. පළමුව නියම ගැමියෝ මෝඩයෝ නොවෙති. ඔවුන් කිසිවකුට අතනොපා ඉතාමත්ම නිදහස් ජීවිත ගතකරන වාසනවන්තයෝය. මෝඩ ගැමියෙක් යැයි කියූ ඔබ හොඳින් අන්තර්ජාලය භාවිතාකරන බව හොඳින් වැටහේ. (අප ඔබගැන අවංකවම සතුටු වන්නෙමු). අප "කිසිවිට මනසින් උසස් මනුස්සයන් හට පරිබව" නොකරන්නේය. ඔවුන්ට "මහත්මයා " යන්න පැවසීමට අප කිසිවිට පසුබට නොවන්නෝය. එමෙන්ම මනුෂ්‍ය ආත්ම ලබපු තිරිසනුන්ට "බොරුව කීමටත්, තක්කඩියාට තක්කඩියා කීමටත් දේශද්‍රෝහියාට, දේශද්‍රෝහියා කීමටත් කිසිවිට බියනොවන්නේය. එය අපට කියාදුන්නේ පාසලෙන් සහ අපගේ දෙමාපියන්ය. ඔබ විසින් මෙම කරුණු දෙස බලන්නේ ඔබට අදාළ වර්ණයෙන් යුත් "දියතරිප්පු"පැළදගෙන වියහැක, එබැවින් ඔබට දැකිය හැක්කේ ඔබට අදාළ වර්ණය පමණි සත්‍ය නොපෙනේ. එය ස්ථිරය. නමුත් අපට නම් කිසිදු වර්ණයක් නොමැත. අපට ඇත්තේ අපගේ මාතෘභූමිය යන වර්ණය පමණි. අවසන් වශයෙන් මෙය මතක්කිරීමට කැමැත්තෙමු. ඔබට, අපට රාජද්‍රෝහියකු වීමේ සම්පුර්ණ අයිතියක් ඇත. නමුත් අපට ඔබට මෙන් කිසිවකුට දේශද්‍රෝහියකු වීමේ කිසිදු අයිතියක් නොමැත.
S.G.Sunday, 06 May 2018 03:17 AM
රවීන්ද්‍ර මහතාණෙනි, ඔබතුමාගේ අදහස්වලට බෙහෙවින් ප්‍රිය කරන්නෙමි. ගරු කරන්නෙමි. අපගේ අදහස් ඇතැම් විටෙක නොගැලපුණද, අප වෙහෙසෙනුයේ සමාජ යහපත වෙනුවෙනි. මා ගැන ඔබගේ සියුම් බුද්ධියට හසුවීම ගැන මම බෙහෙවින් සතුටු වෙමි. ඔබ වැනි බුද්ධිමතුන් මේ රටට වාසනාවකි. මා උඩරට සම්භවයක් සහිතව බස්නාහිර ඉපිද, දැනට දකුණේ පදිංචි අයෙක්මි. කතාවට මෝඩ යයි කීවාට... ගැමියා අපට වඩා ප්‍රායෝගිකව බොහෝ සේ බුද්ධිමත් බව ඔබසේම මාද දැන ඒ බව අගය කරන්නෙමි. මා විශිෂ්ඨ දෙස්විදෙස් ජයග්‍රහණ ලබා ඇත්තෙමි. ඔබතුමා එය ඉවෙන් දත්තෙහිය. දෙස් විදෙස් කීර්තිය ලබා ඉහළ තලයේ සිටියත්, ගමේ කුඹුරක් කර, කෙසෙල් කොළයක බත් ටිකක් කා මැටි ගෙයක පන් පදුරක නිදා ගැනීමට තිබුණේ නම් එය මේ සියල්ලට වඩා හොඳය.ඒ තරම්ම මම අහිංසක ගැමියාට, ගැමි සුවඳට ආදරය කරමි. ඔබද එවන් අදහස් ගරු කරන්නෙකු වීම ගැන හදවතින්ම සතුටු වෙමි. ස්තුතියි...
RaveendraSunday, 06 May 2018 03:54 PM
එස්.ජී. මයා වෙත, ඔබගේ අදහස්වලට ගරු කරන්නෙමු. පළමුව අපව ආමන්ත්‍රණය කිරීමේදී විශේෂයෙන් " ඔබතුමා "යන වැදගත් වචනය භාවිතා කිරීමෙන් වළකින ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. මක්නිසාදයත් අප එම වැදගත් වචනය සදහා නුසුදුස්සෝ වන්නෝය. දැනට අප රටේ එම වචනයට අදාලව සිටින්නේ ඉතාමත්ම අල්ප පිරිසක් පමණි. (දියවන්නා ඔයේ අම්බරුවන් 225ට නම් මෙම වැදගත් වචනය භාවිතා කිරීම කිසිසේත්ම නොකළ යුතුබව අප සියල්ලෝම තරයේ සිහියට ගතයුතුය). අපද ඔබ ඉපදුණු ප්‍රදේශයේ ඉපදී හැදී වැඩුණත් "ලාංකික සම්භවයක් ඇත්තන් " කීමට වැඩි රුචියක් දක්වන්නෝය. තවද අපද ලක්මවගේ නිදහස් අධ්‍යපනයෙන් නිසි ඵල නෙලාගෙන වෘත්තිය සුදුසුකම් ඉහළින්ම ලබාගෙන ලක්මවට සිතට එකඟව සේවයකර දැනට දශක කීපයක සිට අඹුදරුවන් සමගින් විදේශ රටවල අදාළ වෘත්තිය නිදහසේ කරමින් ජීවත් වන්නෝය. එනමුත් අපගේ හදවත තිබෙන්නේ අපගේ මාතෘභූමියේය. දැනට අප රටේ සිදුවන අශිලාචාර ක්‍රියා, හොර මැරකම්, රට දවසින් දවස අගාධයට යනදෙස අප ඉතාමත්ම සංවේගයෙන් මෙන් කණගාටුවෙන්ද බලා සිටින්නෙමු. පැහැදිලිවම කාලකන්නි, මූසල දේශපාලකයන් විසින් අපගේ මවුබිම විනාශ කරන බව කිවයුතුයි.
RaveendraSunday, 06 May 2018 03:54 PM
S.G මයා වෙත, ඔබගේ අදහස්වලට ගරු කරන්නෙමු. පළමුව අපව ආමන්ත්‍රණය කිරීමේදී විශේෂයෙන් " ඔබතුමා " යන වැදගත් වචනය බාවිතා කිරීමෙන් වලකින ලෙස කාරුණිකව ඉල්ලාසිටින්නෙමු, මක්නිසාදයත් අප එම වැදගත් වචනය සදහා නුසුදුස්සෝ වන්නෝය. දැනට අපරටේ එම වචනයට අදාලව සිටින්නේ ඉතාමත්ම අල්ප පිරිසක් පමණි. ( දියවන්නඔයේ 225 ට නම් මෙම වැදගත් වචනය බාවිතා කිරීම කිසිසේත්ම නොකළයුතු බව අප සියල්ලෝම තරයේ සිහියට ගතයුතුය). අපද ඔබ ඉපදුනු ප්‍රදේශයේ ඉපදී හැදී වැඩුනත් "ලාංකික සම්බවයක් ඇත්තන් " කීමට වැඩි රුචියක් දක්වන්නොය. තවද අපද ලක්මවගේ නිදහස් අධ්‍යපනයෙන් නිසි ඵල නෙලාගෙන වෘතිය සුදුසුකම් ඉහලින්ම ලබාගෙන ලක්මවට සිතට එකගව සේවයකර දැනට දශක කීපයක් සිට අඹුදරුවන් සමගින් විදේශ රටවල අදාළ වෘතිය නිදහසේ කරමින් ජිවත්වන්නොය. එනමුත් අපගේ හදවත තිබෙන්නේ අපගේ මාතෘභූමියේය. දැනට අපරටේ සිදුවන අශිලාචාර ක්‍රියා, හොර මැරකම් ,රට දවසින් දවස අගාදයට යනදෙස අප ඉතාමත්ම සංවේගයෙන් මෙන් කනගාටුවෙන්ද බලා සිටින්නෙමු.
Lal Saturday, 05 May 2018 04:21 AM
ආයතන කඹ ඇදීම්වලටත් වඩා භයානකයි, මහබැංකුවෙන් සල්ලි ඇදීම...
kalani Saturday, 05 May 2018 11:23 AM
අපේ රටේ දේශපාලනය සැබෑ ලෙසම අවංක නැහැ. ප්‍රාදේශීය සභාව සහ ප්‍රාදේශීය ලේඛම් කාර්යාලය අතර සමීපබවක් ගොඩනැගීමට සුදුසු කාලයයි මේ...
සේනක Saturday, 05 May 2018 01:21 PM
ලැජ්ජයි අගමැතිතුමා... ලැජ්ජයි තමුන්නාන්සේලාට රටේ බලය දුන්නේ ජනතාව.. රටේ සංවර්ධනය කරන්න මිසක් ඔය කතා අහන්න නෙවෙයි. බලයක් තියෙන, රටේ දෙවැනි පුරවැසියා. ඇයි ඒකට පියවරක් ගන්න බැරි? ඊට වඩා හොඳ නැද්ද කරන්න පුලුවන් කෙනෙකුට දිලා ගියානම්... ඔතන විතරක් නෙවෙයි අනික් තැන්වලත් ඔහොම තමයි. ඔබතුමා නායකත්වයේ ඉන්නකම් ඔය දේවල් ජනතාවට අහන්න වෙනවා.
Sunil Saturday, 05 May 2018 04:21 PM
නිලධාරීන්ගේ කඹ ඇදිලි නතර කරන්න බැරි කෙනෙක් අගමැති වුණ එකයි පුදුමේ...
Ranjan Saturday, 05 May 2018 11:47 PM
පගාව නැතිව නිකුත් කරන්න බැහැ. ජනාධිපති මන්දිරයත් වග කියන්න ඕනේ. අගමැති ඊට වඩා කොල්ලයකයි ඉන්නේ...