IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ආරක්ෂක ලේකම් තනතුරත් වෙනස් වෙයි

තරිඳු ජයවර්ධන

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා එම තනතුරෙන් ඉවත් වී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා එම තනතුරින් ඉවත් කරන ලෙස සිවිල් සංවිධාන රැසක් පසුගිය කාලයේ රජයෙන් ඉල්ලීම් කළේය.

නව ආරක්ෂක ලේකම්වරයා සෙල නීතිපති දෙපාර්තමේන්තුවේ සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයකු වන වෛද්‍යරත්න මහතා පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතෙත් මේ ගැන කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගෙන් අප කළ විමසීමේදී ඔහු කීවේ තමා ඉල්ලා අස් නොවූ බවයි.  අද දිනයේද කාර්යාලයට පැමිණි බවත් තමා එම තනතුරින් ඉවත් කිරීමක් ගැන මෙතෙක් නොදන්නා බවත් හෙට්ටිආරච්චි මහතා කීවේය.



අදහස් (13)

ආරක්ෂක ලේකම් තනතුරත් වෙනස් වෙයි

ධම්ම Monday, 03 July 2017 02:40 PM

ආරක්ෂක ලේකම් තනතුරටත් ඔස්ටින් ප්‍රනාන්දු මහතා වැනි කෙනෙක් හොයාගන්න පුළුවන් වුණොත් සංහිඳියාව ඉක්මනින් පලදරයි.

:       124       547

srimala Monday, 03 July 2017 03:24 PM

සරත් ෆොන්සේකා මහතාට මෙම තනතුර දී රටේ යම්කිසි විනයක් සෑදිය යුතුයි. සමහර අයට මොහුව හොඳ නැති වුණත් මොහු ආරක්ෂාව සම්බන්ධව ඉතා දක්ෂ පුද්ගලයෙක්....

:       2369       1845

thilina Monday, 03 July 2017 03:50 PM

උගත් යයි කියාගන්නා ඩොලර් වෙනුවෙන් කඩේ යන සිවිල් සංවිධානත් ලක්ෂ 62ක් වූ පිරිසක් එක්ව ලස්සනට තිබු රටක් ඇද දැමු ප්‍රපාතය දැන්වත් පේනවද..? කිසිම අරමුණක් නොමැතිව ඉබා ගාතේ ඇවිදින තම තමන්ගේ බලය රැක ගැනීම පමණක් අරමුණු කරගත් මේ වගේ ආණ්ඩුවක් ලෝකේ කොහෙවත් නැතුව ඇති..

:       4338       6443

athuraTuesday, 04 July 2017 03:58 AM

ලස්සනට තිබුණු රට ඇද දමු ප්‍රපාතය කියන්නේ සුදුවෑන්, කාර් රේස් වගේ ඒවා නැති වුන එක ගැනද?

:       0       0

ranjith Monday, 03 July 2017 03:59 PM

වඩාත් කාර්යක්ෂම නිලධාරීන් සොයා බලන්න. දැන් දක්ෂ තරුණ අය බොහෝ ඉන්නවා. දුෂණයට වැට බඳින්න නේද මේ රජය පත් කලේ?. හොරු තාම මන්දිර ඇතුළේ...

:       46       210

ගගන Monday, 03 July 2017 05:04 PM

අපරාදේ.. සැහෙන සේවයක් කරලා යනවා නේද. දැන් කාවද දාන්නේ? දත් දොස්තර කෙනෙක්? හාමුදුරු කෙනෙක්?

:       0       0

Danushka Monday, 03 July 2017 05:04 PM

මහා බැංකුව හොරකපු එවුන්, හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්

:       0       0

lusena Monday, 03 July 2017 05:19 PM

එදා ආරක්ෂක ලේකම් සහ අද ලේකම් අතර වෙනස බුද්ධියෙන් දකින්න. ලුසේනා

:       0       0

athula Monday, 03 July 2017 05:47 PM

මේ එකෙක්වත් රටේ අනාගතයට හෝ පාලනයට නුසුදුස්සෝ එහෙත් රටේ බහු තරය හිතා ගෙන ඉන්නේ මුන් දෙගොල්ලට හැර වෙන කාටවත් බැහැ කියල එතරම්ම බොරුවෙන් ජනතා මනස සෝදලා සමහරුන්ට නම් පසුගිය ආණ්ඩුව හොදාලු ආණ්ඩුවක් යනු කුමක්ද ? ආණ්ඩුවක් යනු බොහෝ දේ ඉටුකළ යුතුයි නමුත් අපි පත් කර ගන්න ආණ්ඩු එහෙමද ? බලයට අාපසු බල ඉන්දදී කොටිපතියන් වෙනවා මේ දෙගොල්ලම නොයෙක් අපරාද බලයට මුවා වෙලා කරනවා පසුගිය ආණ්ඩුව යුද්ධ කළා කියල කියනවා ඇත්තටම යුද්ධයක් ඇතිකළේ කවුද ඒවාට බොහෝ හේතු තියෙනවා කෙටියෙන් කියනවනම් යුද්දේ නිර්මාණය කලේ එදා හිටපු උන්ගේ බලය රැක ගන්න නමුත් වන්දි ගෙව්වේ කවුද ? රටේ අසරණ දුප්පත් ජනතාව දෙපැත්තේම විනාශ උනේ රටේ දුප්පත් මිනිස්සු , අන්තිමේදී එම යුද්ධයම විකුණගෙන කැවා තවමත් කනවා , යුද්දෙන් පස්සේ හා යුද්දෙ අස්සෙත් කලේ සුද්දය ඒවා සොයන්න ජනතාව පත්කළේ ඊටත් වඩා හොරු. එහෙත් ඍජු තීරණ ගන්න පුළුවන් හොරකම් නොකරන රටට අවංකව ආදරය කරන කණ්ඩායමක් ජනතාව පත් කල යුතුයි , එදාට බලා ගන්න පුළුවන් 48 න් පස්සේ හිටපු පාලකයන් කරපු හොරකම් , එදා හිටපු ජනාදිපති ගේ මුල්ම රස්සාව පුස්තකාල සහයක එහෙම හිටපු කෙනෙක් පසුව 1994 එයාට තිබුනේ එක ගෙයක් විතරයිෙ

:       0       0

පිටිගල මිලානෝ Monday, 03 July 2017 11:39 PM

මෙම තනතුර ෆීල්ඩ්මාර්ෂල් තුමාට දෙන්න.

:       0       0

බණ්ඩාර (කැකිරාව) Tuesday, 04 July 2017 04:15 AM

මේ තීරණය ගන්න තිබුනේ මීට වසරකට කලින්... මේ තනතුරට මෙතුමා නොගැලපෙන නිසා රට ගැන හිතන නිසා දක්ෂ තරුණ කෙනෙක්ට අවස්ථාව දෙන්න.... එමෙන්ම යහපාලනය යනු සිංහල ජනතාව මුලා කරන, රට, ජාතිය, ආගම විනාශ කරන හුදෙක් සෝබන සංකල්පයකි. මෙම යහපාලනයනේ ජනතාවට ලැබුනෙත් අයහපතක් පමණි. මුළු රටම අකර්මණ්‍ය වෙලා, ජනතාව වීදි බැහැල ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ කරනවා. ලස්සනට තිබුණු රට ප්‍රපාතයට ඇද දැම්මා. ඉතින් මෙවැනි ආණ්ඩුවක ආරක්ෂක ලේකම් ලෙස වැඩ කිරීම ජනතා අප්‍රසාදයට හේතුවන බැවින් එම තනතුරෙන් ඉවත්වීම වඩාත් සුදුසු ක්‍රියාමාර්ගයකි.

:       0       0

බණ්ඩාර - (කැකිරාව ) Tuesday, 04 July 2017 04:19 AM

ඩුබායි වල සිටින තිලක් මහතා මෙම තනතුරට වඩාත් සුදුසයි. අපි එයාට මෙම අවස්ථාව ලබාදෙමු . එතුමාලා තමයි යහපාලනයට කඩේ ගියේ... අවාසනාවට දැන් එතුමා පේන්නවත් නැහැ.

:       0       0

samantha Wednesday, 05 July 2017 11:06 AM

ජනරාල් ෆොන්සේකා මහතා විශිෂ්ඨයෙකි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 

මහ පුවරුව

වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 3572 11

මෙරට ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන නාඩු සහල් නිෂ්පාදනය කරන නාඩු වී කිලෝවක් රුපියල් 120 කට අළෙවි කළ හැකි බවත් සම්බා වී කිලෝවක් රුපියල් 125 කට සහ කීරි සම්බා


අපි ඔක්කොම එකම බිමක අරගලකරුවන්
2025 පෙබරවාරි මස 04 1937 14

රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් උළෙල අමතමින් පැවසීය.


නිදහස් උළෙල ඇරැඹෙයි
2025 පෙබරවාරි මස 04 1696 4

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීමත් සමඟ 77 වන ජාතික නිදහස් උළෙල නිදහස් චතුරස්‍රයේදී ඇරැඹිණි.


තවත් සැක වාහන පහක් කලවානෙන් අල්ලයි
2025 පෙබරවාරි මස 03 3121 9

නීති විරෝධීව වාහන එකලස් කරන ලද ස්ථාන තුනක් වටලා රුපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වහන පහක් භාරයට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා


කෝටි ගණනක ලුණු විනාශවෙන්න ඇරලා
2025 පෙබරවාරි මස 03 3697 8

ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුනු ලේවායන්හි නිෂ්පාදිත රුපියල් 93,269,919 ක වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් 2402 ක පමණ ලුණු තොගයක් වසර ගණනාවක් තිස්සේ තත්


කසිප්පු වලියකට තුනක් මරලා
2025 පෙබරවාරි මස 02 2694 7

වීදි වටිනාකම රුපියල් දහසක් වන කසිප්පු බෝතලයක් රු එක්දහස් පන්සියයකට විකිණීම පිළිබඳව ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අම්බලන්තොට ,මාමඩල ,ඇලේගොඩ ප්‍රදේශයේ ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 88 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 767 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site