IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ආරක්ෂාව ප්‍රශ්නයක් නිසා සාක්කිය රහසේ ගනී

( සිරාජ් හසීම් )
 

යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනයේ ප්‍රධානම සාක්ෂිකරු  වන උදයසූරියන් සුරේෂ්කරන්   තමන්ගේ හා තම පවුලේ ආරක්ෂාවට තර්ජනයක් වීමේ අවධානමක් ඇතැයි කියමින් විවෘත අධිකරණයේ සාක්ෂි ලබා දීම අද  (29)   ප්‍රතික්ෂේප කළේය.
 
සාක්කිකරුගේ ඉල්ලීම සලකා බැලූ ත්‍රිපුද්ධගල විනිසුරු මඬුල්ල අධිකරණයේ සිටි මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනා ඉවත් කර සාක්කි විමසීම පැවැත්වීමට නියෝග කළේය.
 
ඝාතන සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකාරු උදයසූරියන් සුරේෂ්වරන් රජයේ සාක්කිකාරයෙකු වශයෙන් අද දින සාක්ෂි ලබා දීමට දැඩි ආරක්ෂාව යටතේ අධිකරණයට ඉදිරිපත් කළේය.
 
සාක්කි විභාගය අතරතුර විද්‍යා දැරිය පැහැර ගන්නා ලෙස පුද්ගලයකු ලබා දුන් මුදල් කොන්ත්‍රාත්තුවක් ගැන සඳහන් වූ අතර තමන්ගේ සහ පවුලේ උදවියගේ ආරක්ෂාව ගැන සලකමින් ඒ ගැන විවෘත අධිකරණයේ වැඩිදුර සාක්කි ලබා දිය නොහැකි බව සුරේෂ්කරන් කීවේය.
 
විවෘත අධිකරණයේදී තවදුරටත් සාක්ෂි ලබා දෙන්නේ නම් තමාටත් තම මවට සහ නැගනියන්ටත් තර්ජන හා බලපෑම්වලට මුහුණ දීමට සිදුවන බවද සාක්ෂිකරු කීවේය.
 
අනතුරුව මේ සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලත්, නීතිපති දෙපාර්තුමේන්තුවේ නිලධාරීනුත් , සැකකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුනුත්  මිනිත්තු 10ක පමණ සාකච්ඡා කර අධිකරණයේ සිටි පිරිස් හා මාධ්‍යවේදීන් ඉන් ඉවත් කර සාක්ෂි විමසීම රහසිගතව සිදුකරනු ලැබීය.
 
එම සාක්ෂිය විමසන අවස්ථාවේ අධිකරණය තුළ රැඳී සිටියේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හා  පැමිණිල්ලේ සහ විත්තියේ නීතීඥවරුන් පමණි.



අදහස් (1)

ආරක්ෂාව ප්‍රශ්නයක් නිසා සාක්කිය රහසේ ගනී

hewawitharana Thursday, 29 June 2017 05:52 PM

පස්සේ පස්සේ වෙඩි නොවදින වාහනයකුත් ඉල්ලා සිටී

:       18       54

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 607 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 495 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 121 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1725 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site