IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ආරච්චිකටිටු ප්‍රා සභාවේ ගැටුමකින් අයෙක් රෝහලට

(ඔගස්ටින් ප‍්‍රනාන්දු )

ආරච්චිකටිටුව ප්‍රාදේශීය සභාව තුළ දී දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින්  එක් අයෙකු තුවාල ලබා හලාවත දිස්ත‍්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව ආරචිචිකටිටුව පොලිසිය කියයි.

2018 වසර සඳහා ආරචිචිකටිටුව ප්‍රාදේශීය සභාව සතු දේපල සහ මස් වෙළෙඳසල් ටෙන්ඩර් පත් ඉදිරිපත් කිරිමට අද (04) පැමිණ සිටි දෙපාර්ශවයක් අතර මෙම ගැටුම ඇති වී ඇතැයි පොලිසිය පවසයි.

ලේකම්වරයාගේ නිල කාමරයේ දි ටෙන්ඩර් පත් ඉදිරිපත් කිරිමට පැමිණි එක් පාර්ශවයකට තවත් පිරිසක් පහරදී ඇති අතර ඔවුන් අත තිබු ටෙන්ඩර් පත් උදුරා ඉරා විසි කර ඔවුන්ට පහර දි නිල කාමරයෙන් එළියට දමා ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි.

තුවාල ලැබූ පුද්ගලයාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් ආරචිචිකටිටුව ප‍්‍රාදේශීය සභා ලේකම් පෝල් ප‍්‍රනාන්දු මහතා පැවසුවේ එවන් සිද්ධියක් ඇතිවූ බවත් මේ වන විට පොලිසිය පැමිණ කටඋත්තර ගන්නා බවත් ය.

ඒ නිසා එම කටයුතු අවසන් කිරිමෙන් පසුව විමසුව හොත් විස්තර පැවැසිය හැකි බව ද ඒ මහතා පැවසීය.



අදහස් (1)

ආරච්චිකටිටු ප්‍රා සභාවේ ගැටුමකින් අයෙක් රෝහලට

mahee Wednesday, 04 October 2017 10:22 AM

ඉතාම සතුටුදායක පුවතකි. දියවන්නාවේ දේශපාලනය කරන අය පළමුව සමූපකාරයෙන්ද, දෙවනුව ප්‍රාදේශීය සභාවෙන්ද, තෙවනුව පලා බබා වෙතින්ද දේශපාලන අධ්‍යාපනය ලබා පැමිණි පළපුරුදු උත්තමයන්ය. ජාතික ලැයිස්තුවෙන් ඉඳහිට කෙලින්ම එන කට්ටිය කලාතුරකින් දකින්ට ලැබුනත්, ඔවුන්ට මුලික පුහුණුව නැති නිසා පක්ෂ නායකයෝ නිතරම පුහුණුව ලත් පරාජිතයන් ලැයිස්තුව හරහාද පත්කරගැනීමට කැමති වෙති. මේ කුලල් කා ගත් උතුමන්ද ඒ මහා පාරමිතාවේ මුල් අදියරේ සිටිනු දැක්ම මොන තරම් සතුටක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 171 0

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 636 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 179 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 189 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 740 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 247 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site