IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


ඇමති පුතා ගමන්ගත් රිය හැපී යතුරු පැදියේ ගිය පවුලම රෝහල්

හිරාන් ප්‍රියංකර ජයසිංහ
 
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතාගේ පුතා ඇතුළු පිරිසක් ගමන් ගත් කැබ් රථයක ගැටුන යතුරු පැදියක ගමන් ගත් එකම පවුලේ මව පියා සහ දරුවන් දෙදෙනා බරපතල ලෙස තුවාල සිදුව අද  සවස ආණමඩුව දිසා රෝහලට ඇතුලත් කිරිමේන් පසුව කුරුණැගල ශික්ෂණ රෝහලට මාරු කර තිබුනි.
 
ආණමඩුව මහඋස්වැව වැව ආසන්නයේ කිලෝ මිටරයකට ආසන්න දුරකින් වු ඉගිනිමිටිය පලුගොල්ල මාර්ගයේ දි මෙම අනතුර සිදුව තිබු අතර අනතුරින් එකම පවුලේ මව ඩබ්ලියු .එම් . නන්දා මාලනි, පියා වන එච් .එම් .අනුර සෙනරත් සහ හත් හැවිරිදි දියණීය වන හිරුණී සත්සරණිකා , සහ සිව් හැවිරිදි ගයන්ත ඉදුනිල් , යන අය බරපතල ලෙස තුවාල ලබා කුරුණැගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබු බව ආණමඩුව පොලිසිය පවසයි.
 
 අනතුරින් තුවාල ලැබු පිරිසේ කාන්තාව සිව් මස් ගැබිනියක් බවද  කියයි. ආණමඩුව රෝහලේ ප්‍රකාශකයකු පවසා සිටියේ අනතුරින් සිවි දෙනාගේම පාද වල අස්ථි බිදි ගොස් දරුණු ලෙස තුවාල ලබා සිටි බවයි .
 
 මෙම අනතුර සිදුවන අවස්ථාවේ තුවාල ලැබු සිව් දෙනා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි බව කියයි. අධික වේගයෙන් පැමිනි කැබ් රථය එකවර යතුරු පැදියේ හැපි ඇති අතර ඉන් පසුව යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට  පැන ඇති බව කියයි.
 
 සිද්දිය පිළිබදව අදහස් දැක්වු අනතුරින් බරපතල ලෙස ලබා  ඇති අනුර සෙනරත් මහතාගේ සොහොයුරා වන එච් .එම් . හේරත් මහතා පවසා සිටියේ
 
 “ අනතුර එක්කම මම එතැන්ට ආවා එතකොට රංගේ බංඩාර මහත්තයගේ පුතා ( යසෝධ රංගේ බංඩාර) ලගට ගිහින් මම ඇහුවා ඔයා කවුද මහත්තයා ට ඇයි මේ විදිහට අනතුරක් කලේ  කියලා .එතකොට එයා හොදටම බිලා හිටියේ වාහනේ හිටිය අනිත් අයත් හොදටම බිලා තව අරක්කු  බෝතල් වගයක් ප්ලාස්ටික් කප් තිබුනා .රංගේ බංඩාර මහත්තයාගේ පුතා මගේ ඇගට කඩා පැනලා කියුවා ඇයි තමුසේ අහන්නේ වාහනය මගේ පුලුවන් දෙයක් කරන්න කියලා .මම කිවුවා මහත්තයා කථා කරන්න ඉගෙන ගන්න කියලා එවිට ආයේ  කියුවා පුලුවන් දෙයක් කරලා පෙන්වනවා ආණමඩුවට එනවාකෝ බලා ගමු කියලත් කියුවා . මම කියුවා මහත්තයා මට කොහෙත් එකයි කියලා මේ මිනිස්සු අනතුරත් කරලා අර අහිංසකයින්ව යටකරලත් අපිට ගනන් පාට් දාන්න එනවා යැයි ඔහු පැවසිය.
 
 අනතුර සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රි වරයකු වන අනුෂ්ක ප්‍රියදර්ශන නැමති අයෙකු පොලිසියට භාර වි තිබුනී . එසේම අනතුරට සම්බන්ධ කැබ් රථය රාජ්‍ය ඇමති රංගේ බංඩාර මහතාගේ අමාත්‍යංශකට අයත් කැබ් රථයක් බව පොලිසිය පවසයි. 



අදහස් (19)

ඇමති පුතා ගමන්ගත් රිය හැපී යතුරු පැදියේ ගිය පවුලම රෝහල්

අප්පුහාමි Monday, 24 April 2017 05:01 PM

ඔන්න බලාගන්න අපි මරාගෙන චන්දෙ දීල යවන අයගේ සෙල්ලම්!

:       0       39

aravinda Monday, 24 April 2017 05:45 PM

පවුල් පසුබිම්, තරාතිරම් නොබලා මෙවැන්නන්ට උපරිම දඩුවම් දිය යුතුයි.

:       0       42

anura ilankoon Monday, 24 April 2017 06:59 PM

අපි මොහොතකට හිතමු. මේ අනතුර කලේ ඇමතිගෙ පුත්තු කියල. උන් මත්පැන් පානය කරල මේ අනතුර කලා කියල. එයට නීතිය ක්‍රියාත්මක කල යුතුයි. එය අනිවාරයෙන් විය යුත්තක්. නමුත් මෙම යතුරුපැඳිකරු ඔහුගේ ගැබිනි බිරිඳ සහ පොඩි ඳරුවන් තිඳෙනෙක්. අනාරක්ෂිතවව යතුරුපැඳියකින් පාරේ ගමන් කිරීම ඔහුගේ බරපතල වැරැඳ්ඳක් ලෙසයි මම ඳකින්නෙ. මොකඳ යතුපැඳියක පස්ඳෙනෙක් ගමන් කිරීම බොහෝ අනතුරු ඳායකයි. විෂේෂයෙන් පොඩි ඳරුවන් සමග!

:       56       10

siri Monday, 24 April 2017 09:32 PM

කොහොමත් චන්ඩියාගේ පුතා නොන්ඩියෙක් වෙන්න බැහැනේ.මුන්ට බීගෙන ආණ්ඩුවේ වාහන බාවිතා කරනකොට, ඒවා වාහන අවබාවිතව නෙමේද?"වැටත් නියරත් ගොයම් කානම් කට කියන්නද මේ අව නඩුව"

:       0       41

sam Monday, 24 April 2017 10:19 PM

මේක ඒ අමාත්‍යංශ වාහනේ රාජකාරියකට ගිහිල්ලා එනකොට නීති විරෝධී ලෙස සෙනග පටවා ගත් මෝටර් සයිකලයක් ඇවිල්ලා ඒකේ හැපිලා . ඔය මෝටර් සයිකල් කාරයා දැනටමත් පාරේ වැරදි පැත්තෙන් ආවා කියලා පිලි අරගෙන ඇති (එහෙම නැත්නම් හෙට අනිද්දාට පිලි ගන්න වේවි ). අනතුරට ලක්වූ අයගේ සොහොයුරා ඔහොම කිව්වෙත් හිතේ අමාරුවට කියලා හෙට අනිද්දාට කියාවි. රියදුරාගේ මධ්‍යසාර පරීක්ෂාවට රෝහලේ දොස්තර කෙනෙක් හිටියේ නැහැනේ (දොස්තර තුවාල කරුවන්ට ප්‍රතිකාර කරන්න ගියානේ )වාහනේ තිබුනේ හිස් අරක්කු බෝතලයකට පිරවූ වතුර බෝතලයක් බවත් ප්ලාස්ටික් කෝප්ප තිබුනේ වතුර බොන්න බවත් අපි හැමෝටම තේරෙනවානේ . ඔන්න ඕකයි ඇත්ත සිද්ධිය ,

:       0       57

lalith Monday, 24 April 2017 11:25 PM

ඔව්ව ගනන්ගන්න එපා. ලබන සැරේ පෝලිමේ ගිහින් ඡන්දෙ දීල එන්න. මලත් පක්ශේ වෙනස් කරන්න එපා.

:       0       15

Hafeel Tuesday, 25 April 2017 01:27 AM

රට යන්නේ කොහෙද? ඇමති පුතා කොහොමද රජයේ වාහන භාවිතා කරන්නේ? පහුගිය රජයට දොස් කියමින්, මෙගොල්ලොත් එකමනේ කරන්නේ. මොකද්ද වෙනස?

:       0       220

ලුම්බිණි Tuesday, 25 April 2017 02:04 AM

අමාත්‍යංශකට අයත් කැබ් රථයක් ඇමති පුතාට නීත්‍යානුකුලව පාවිච්චි කරන්න පුලුවන්ද? එහෙම පුළුවන් නම් එවැනි දේවල් කල හැකි එකම රට ලංකාව වෙන්න ඕන.

:       0       175

Pradeep Liyanage Tuesday, 25 April 2017 02:06 AM

එතකොට මේක වාහන අවභාවිතයක් නෙමෙයිද, දන්නේ නැති හින්දයි ඇහුවේ.

:       47       97

upali Tuesday, 25 April 2017 02:44 AM

මොහුගේ රියදුරු බලපත‍්‍රය සදහටම තහනම් කර මොහු හිර ගත කළ යුතුයි. එපමණක් නොවේ අර අසරණ දරු පවුලට විශාල වන්දියක් ලබා දිය යුතුයි.

:       0       243

වීර Tuesday, 25 April 2017 03:50 AM

යතුරුපැදිය හදල තියෙන්නේ දෙදෙනෙක්ට ගමන් කරන්න. ඒ ගැනත් අවධානය යොමු කලොත් හොදයිනේ. රෝද දෙකේ වාහනයනේ. සියලු දෙනාටම ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.

:       295       162

Dubai Ravi Tuesday, 25 April 2017 04:26 AM

ඇමතිවරු කියලා පාරේ යන අහිංසක මිනිස්සු හප්පලා මරන්නද ඡන්දෙ දුන්නේ?

:       0       20

Chanak Los angeles Tuesday, 25 April 2017 04:35 AM

මහා කකුළුවෝ යන විදියට තමයි පැටව් යන්නෙත් ...

:       0       18

mahesh Tuesday, 25 April 2017 06:14 AM

මට මතක විදියට මේ මනුස්සය මිට කලිනුත් මේ වගේම සිද්දියකට සම්බන්ද වුනා. ඒ වෙලාවේ නිසි දඩුවම් දුන්න නම් අද මෙහෙම වෙන්නේ නැත. ජරා දේශපාලනය ඉදිරියේ නිතිය පබයෙක්!

:       0       299

praba Tuesday, 25 April 2017 06:43 AM

ඔය වීර කියන කෙනාට කියන්නේ ...ආනමඩුව කියන්නේ දුප්පත් මිනිසුන් බොහොම අමාරුවෙන් ජීවත් වෙන ප්‍රදේශයක් ...හැමදේම කරන්නේ අමාරුවෙන්. බයික් එකෙන් තමා ගමන් බිමන් යන්නේ මොකද වාහන ගන්න සල්ලි නැ. සල්ලි තියන අය බලේ තියන අය කෑවට බිව්වට අපිට කමක් නැ එත් හිමින් ධාවනය කලානම් අනික් අයට කරදරයක් නේ නේද ...පොඩ්ඩක් කල්පනා කරන්න .

:       0       51

Ruwan Tuesday, 25 April 2017 07:14 AM

මෙවැනි සිද්ධියක් සිදු වූ දෙවැනි වතාව මේ. තට්ටු මාරු දේශපාලනය අවසන් කොට වෙනසක් දකින තුරු මහජනතාවට මේ දේවල් වලින් ගැලවෙන්න බැරි වේවි.

:       0       16

Chanaka los anjalis Tuesday, 25 April 2017 07:59 AM

දැන් ඉතින් මේකටත් යහපාලනේටම බනින්න

:       51       0

de silva Tuesday, 25 April 2017 08:27 AM

ඔන්න මේගොල්ලත් පටන්ගත්ත

:       1       0

Shanaka Tuesday, 25 April 2017 08:32 AM

මෙයාල කතා කරන්නේ දෙවිවරු වගේ කොහොමද වැඩ? යහපාලනය කියන විහිලුවට ඡන්දෙ දීපු මේ රටේ උගත් ජනතාවක් වෙසෙන රටක් මේක

:       1       14

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 68 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 182 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 746 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 774 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1032 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 239 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 196 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site