(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කැබිනට් අමාත්‍යවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි කියන පුද්ගලයකුට අයත්ව මහනුවර පුෂ්පදාන මාවතේ පිහිටි දෙමහල් නිවසක් ඊයේ (21) අලුයම සෝදිසි කළ මහනුවර දූෂණ මර්දන ඒකකයේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් කණ්ඩායමක් විසින් ගිනි අවි 3ක් සහ උණ්ඩද, කඩු, ව්‍යාජ වාහන අංක තහඩු සහ මාංචු කුට්ටමක්ද සොයාගෙන නිවසේ සිටි හත් දෙනෙක්ද අත්අඩංගුවට ගනු ලැබූහ.
නිවසේ තිබී සොයාගත් ගිනි අවි තුනට රිපීටර් ගිනි අවියක්, මයික්‍රෝ පිස්තෝලයක් සහ රිවෝල්වරයක්ද ඇතුළත් වන බවත් පිස්තෝලයේ තමිල් විඩුගලෙයි පුලිගල් (විමුක්ති කොටි) යනුවෙන් දෙමළෙන් සටහන් කර තිබු බවත් ප්‍රදේශයේ
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට කීය.
වැටලීම සිදුකරන අවස්ථාවේ සම්බන්ධීකරණ ලේකම්වරයකුයැයි කියන පුද්ගලයා සහ ඔහුගේ පුත්‍රයා නිවෙසින් පලාගොස් තිබූ අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි. ගිනි අවි තුනට අමතරව රිවෝල්වර් උණ්ඩ 25ක්, රිපීටර් ගිනි අවි උණ්ඩ 13ක්, කඩු 6ක්, මාංචු කුට්ටමක්, ව්‍යාජ වාහන අංක තහඩු 6ක් සහ ගංජා ද නිවෙසින් සොයාගත් බව පොලිසිය කියයි.
මෙම නිවෙස ඉදිරිපිට නතර කර තිබූ නවීන පන්නයේ අධිධාරිතාවයකින් යුත් නවීන පන්නයේ යතුරුපැදි දෙකක්ද පොලිස් බාරයට ගෙන ඇත. නිවසේ සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් දෙනාගෙන් හය දෙනකුම සිංහල ජාතිකයන් වන අතර එක් අයකු දෙමළ ජාතිකයකු යැයි පොලිසිය කීය.
මෙම සැකකරුවන් පන්විල, පේරාදෙණිය සහ කුරුණෑගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හෙළි වී ඇත. අත්අඩංගුවට ගැනීමට සොයන අමාත්‍යවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි කියන පුද්ගලයා රුපියල්
ලක්ෂ ගණනින් මුදල් පොලියට දීමේ යෙදී සිටි අයකු බවත් ඔහු මීට වසර කීපයකට ඉහතදී පොලිස් නිලධාරියකුට පහරදී රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ අයකු බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.
මොහු ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලනඥයන් ගණනාවක් සමග කිට්ටු සම්බන්ධකම් පවත්වන බවටද තොරතුරු හෙළි වී ඇතැයි එම නිලධාරියා කීය.
මහනුවර විශේෂ බුද්ධි අංශයකට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි. විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් සහ මහනුවර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර්.එල්. රණවීර යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ මෙම වැටලීම සිදුකර
ඇත.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් කණ්ඩායම මෙම නිවසේ ලැගුම්ගෙන සිට කිසියම් අපරාධ සිදුකර ඇත්දැයි සොයාගැනීමට පොලිසිය ඔවුන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරගෙන යන බවත් ගිනි අවි උණ්ඩ, කඩු සහ ව්‍යාජ වාහන
අංක තහඩු සොයා ගැනීම නිසා එවැනි තදබල සැකයක් මතුවී තිබෙන බවත් පොලිසිය පවසයි. එල්ටීටීඊයට අයත් රිවෝල්වරයක් මෙම සැකකරුවන්ට ලැබුණු ආකාරය සම්බන්ධයෙන්ද පොලිසිය ප්‍රශ්න කර ඇති අතර ඒ ගැන දන්නේ අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් යැයි ඔවුන් පවසා ඇතැයිද පොලිසිය කියයි.
මධ්‍යම පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ මහනුවර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර්.එල්. රණවීර මහතාගේ උපදෙස් මත මහනුවර කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධ්‍යක්ෂ සිසිර කුමාර මහතාගේ මෙහෙයවීම යටතේ මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විමලතිස්ස මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසින් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලැබේ.
ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඇමැති සම්බන්ධීකරණ ලේකම්ගේ මහනුවර නිවසේ ගිනි අවි 3 ක් උණ්ඩ 38 ක්-කඩු 6 ක්
KANDEPOLA Wednesday, 22 August 2018 05:33 AM
යහපාලනය ආරක්ෂා කරන්න අවි ආයුධ තියාගෙන හිටියද දන්නේ නෑ.
Hafeel Wednesday, 22 August 2018 08:38 AM
මෙම ගිනි අවියක විමුක්ති කොටි යනුවෙන් සඳහන් වෙලා තියනවනං, ළඟදී කොටි ත්‍රස්තවාදියක් විසින් කල ප්‍රකාශ අතර සම්බන්ධතාවක් ඇති.