IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ඇමෙරිකානු තානාපති මහින්ද හමුවෙයි

(රන්ජන් කස්තුරි)

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතුල් කෙශාප් මහතා පෙරේදා (10) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවූයේය.

ඇමරිකානු තානාපතිවරයා කොළඹ විජේරාම හි පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසට ගොස් මහින්ද රාජපක්‍ෂ මහතා හමු වී පැය එකහමාරක පමණ කාලයක් සුහද කතාබහක නිරතව ඇතැයි ද වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරයා සහ ඇමෙරිකානු තානාපතිවරයාගේ සාකච්ඡාවට වෙනත් කිසිවෙක් සහභාගි වී නැති අතර එහිදී සාකච්ඡාවට බඳුන් වූ කරුණු සම්බන්ධයෙන් කිසිවක් අනාවරණය නොවීම ද විශේෂත්වයකි.

තානාපතින්ගේ නිල කාලය අවසන් වෙද්දී රටේ නායකයන්ට සමුදීම සම්ප්‍රදායක් වන   හෙයින් ඇමෙරිකානු තානාපතිවරයා ද එම සම්ප්‍රදායට අනුගත වන්නට ඇතැයි කියැවෙයි.

 

 



අදහස් (6)

ඇමෙරිකානු තානාපති මහින්ද හමුවෙයි

සතයපාල Tuesday, 12 June 2018 04:34 AM

මට නම් ආරංචි උන විදියට ට්රම්ප්ගේ මැතිවරණ උපදේශයකයෙක් විදියට වැඩ කරන්න කැමතිද කියලා අහාලා තියෙනවා. ඊළග ඡන්දයදී ඇමෙරිකානු ජනතාව යකඩ බට සිල්රෙදි කැලැන්ඩර් බිත්තී ඔරලෝසු බෙදන හැටි වගේම ධවල මන්දිරයේ දන් සැලක් දාන හැටිත් දැන ගන්න ට්රම්ප් ලොක්කට ඕන වෙලාලු.

:       1523       580

ShanTuesday, 12 June 2018 06:01 AM

නියම අදහස.

:       106       6

pawanTuesday, 12 June 2018 06:17 AM

සත්‍යපාලට දැන් පේනවා නේද එතුමාට තියෙන පිළිගැනීම. ඔබ වගේ තවත් කුහක පිරිසකට ඕන වුණේ 2015 ජනාධිපතිවරණයෙන් පසු එතුමා විශ්‍රාම ගන්වන්න. නමුත් එකට මේ රටේ ජනතාව ඉඩ දුන්නේ නැහැ. ඔබ හිතනවානම් දන්සල් පවත්වල ,කැලැන්ඩර්, සිල්රෙදි, බිත්ති ඔරලෝසු බෙදල එතුමා ඡන්දෙ ගත්තේ කියල පසුගිය ඡන්දෙදි එජාපය ශ්‍රීලනිපය බෙදපු බෙදිල්ලට පොහොට්ටුවට ඇපත් නැති වෙන්න ඕන.

:       147       1019

සතයපාලTuesday, 12 June 2018 07:31 AM

හිතන්න දෙයක් නැහැ 2015 ජනාධිපතිවරණය හා ඊට පෙර මැතිවරණ පවත්තපු හැටි ඇස් දෙක ඇරගෙන ජීවත්වු මේ රටේ මිනිස්සු දන්නවා.ඔබ ගැන මට කණගාටුයී.

:       291       9

Ajith NissankaWednesday, 13 June 2018 02:39 AM

ට්‍රම්ප් ලොක්කා දැන් හැසිරෙන විදියට මෙතුමා දැනටමත් උපදෙස් දෙනවාද දන්නේ නැහැ!

:       0       2

singapuli Wednesday, 13 June 2018 10:44 AM

සත්‍යපාල කියන්නේ බටලන්දේ රාජකාරි කරපු කෙනෙක් නිසා එයාගේ බොස්ට කීකරුයි වගෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 460 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 147 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 159 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 632 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 213 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 667 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site