IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 400 ක පරිත්‍යාගයක්

(රන්ජිත් ආනන්ද ජයසිංහ නිව්යෝර්ක් නුවර සිට) 

ඇමෙරිකා එක්සත් ජනපදය ඩොලර් මිලියන 480 ක් පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදීමට තීන්දු කර ඇත. 

ඇමෙරිකානු රජයේ සහශ්‍රක අභියෝගතා අරමුදලින් මෙම පරිත්‍යාගය ලබාදෙන බව එම අරමුදලේ ප්‍රධාන විධායක ජූඞ් බියමන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දන්වා සිටියේය. පසුගිය 24 වැනිදා නිව්යෝර්ක් නුවර ලෝව්ස් රිජන්සි හෝටලයේ පැවැති විශේෂ හමුවකදී ප්‍රධාන විධායකවරයා මේ බව ජනාධිපතිවරයාට දැනුම් දී ඇත. ඊට අදාළ ගිවිසුම මේ වසරේ දෙසැම්බරයේ කොළඹදී අත්සන් කෙරෙන බවද ප්‍රධාන විධායකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

මිලේනියම් සහශ්‍රක අරමුදලින් ලැබෙන මුදල් පරිත්‍යාග ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ නවීකරණ කටයුතු සඳහා යෙදවීම රජයේ අරමුණයි.

මිලේනියම් සහශ්‍රක අරමුදලේ ප්‍රධානියා සමග පැවැති හමුවට විදේශ අමාත්‍ය තිලක් මාරපන හා බස්නාහිර මහ නගර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක යන මහත්වරුද එක්වූහ.



අදහස් (9)

ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 400 ක පරිත්‍යාගයක්

චතුරංග Wednesday, 26 September 2018 04:53 AM

ප්‍රවාහන ක්ෂේත්‍රයේ නවීකරණ කටයුතු වලට ඇමති මණ්ඩලයට අලුතින් වාහන ගන්න එකත් ඇතුලත්ද?

:       12       125

asanga Wednesday, 26 September 2018 05:14 AM

එතකොට ණය නෙමේද? දැන්වත් මේ හම්බවන සල්ලි වලට සංවර්ධනයක් වෙනවාද කියල හොයල බලන්නොන. නැත්තම් පිල්ලි ගහයි.

:       0       79

chamila Wednesday, 26 September 2018 06:37 AM

මහා බැංකු හොරකම හා සමාන මුදලක්

:       4       81

Jayantha Wednesday, 26 September 2018 07:11 AM

ඔයාට පරිත්‍යාගයක් සහ ණයක් අතර වෙනස දන්නේ නැද්ද?

:       1       40

Hafeel Wednesday, 26 September 2018 07:20 AM

දෙනකොට පරිත්‍යාගය. පසුව ආණ්ඩුව වෙනස්වුනාම මේ පරිත්‍යාගය ණය ආධාර බව වෙනස්වෙනවා.

:       31       107

Bamunuarachchi Wednesday, 26 September 2018 07:31 AM

ට්‍රම්ප් මහතා මේගොල්ලෝ සතේකට විශ්වාස නැති ජාතියක්.......... වියදම් කරන හැම සතේටම ගණන් හිලව් පෙන්වන්න කියන්න .........

:       134       122

Gamage Wednesday, 26 September 2018 08:32 AM

අපෙන් ගත්තුවා එ් ගොල්ලන්ගේ වගේ පිටදෙනවා. අපි එ් ගොල්ලන්ගේ පදේට නටනවා.

:       8       19

BamunuarachchiWednesday, 26 September 2018 09:49 AM

උදුරා ගත්තාද? ණයට ගත්තාද මුකුත් නොදී නිකම්ම ගත්තාද? ගත්තානම් පව් නේද ට්‍රම්ප් මහත්මයා?

:       0       1

ET Wednesday, 26 September 2018 12:05 PM

ළඟදි තිබුණු මහබැංකු වංචාව නම් ඩොලර් මිලියන 60ක් විතර ඇති. ඔය කියන්නේ පහුගිය ආණ්ඩුව කාලේ වුණු මහබැංකු වංචාව වෙන්න ඇති...

:       702       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

බදුල්ල නගරවැසියන්න මුඛ ආවරණ පළදින්න උපදෙස්
2025 පෙබරවාරි මස 05 25 0

බදුල්ල නගරය ආශ්‍රිත ප්‍රදේශයේ වායුගෝලයේ මීදුම මෙන් පවතින විස දුම මිනිස් සිරුරට අහිතකර තත්ත්වයක් උදාකර දී.ඇති හෙයින් මුඛ ආවරණ පළදින ලෙසට ආපදා කළමනාකර


රුවන්ඩා මහ කොමසාරිස් අගමැතිනිය හමුවෙයි
2025 පෙබරවාරි මස 05 29 0

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් ජැක්කුලින් මුකන්රියා මහත්මිය අග්‍රාම


ජපානය ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙයි
2025 පෙබරවාරි මස 05 54 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය අකිකෝ ඉකුයිනා මහත්මිය අතර හමුවක් අරලියගහ මන්දිරය


මාතරටත් අලුත් දිසාපති කෙනෙක්
2025 පෙබරවාරි මස 05 223 0

මාතර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


හැටන් නගරයට රතු නිවේදන
2025 පෙබරවාරි මස 05 376 1

හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර සභාව එක්ව අද (05) රතු නිවේදනය ස


බුද්ධිමය දේපල පනත සංශෝධනයට
2025 පෙබරවාරි මස 05 136 0

බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 766 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site