IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ඇමෙරිකාවෙන් වෙසක් දින පණිවිඩයක්

බෞද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් වන සාමය, ඉවසීම සහ අනුකම්පාව පිළිබඳ විශ්වීය සාරධර්ම අගය කිරීමට සහ ගෞරවාදරයට පත් කිරීම සඳහා අපද එක්වන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ නව රජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ වෙසක් දින පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, මයික් පොම්පෙඕ ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්ධුරයට කළේ අප්‍රේල් 26 වැනිදාය. 

ඔහු ඇමෙරිකා එක්සත් ජනපදයේ 70 වැනි රාජ්‍ය ලේකම්වරයා වන අතර ඔහු නිකුත් කළ පළමු නිල පණිවුඩය වන්නේ ද මෙම වෙසක් දින පණිවුඩයයි. 

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ නිකුත් කළ පණිවුඩයේ මෙසේ ද සඳහන් වේ.

“ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනතාව වෙනුවෙන් ලොව පුරා වෙසක් දිනය සමරන සියලු දෙනාට මාගේ උණුසුම් සුබ පැතුම්. 

ලොව පුරා බෞද්ධ ප්‍රජාව සිද්ධාර්ථ ගෞතමයාණන්ගේ ජීවිතය හා ඉගැන්වීම් උත්කර්ෂවත්ව සමරන මේ මොහොතේ බෞද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් වන සාමය, ඉවසීම සහ අනුකම්පාව පිළිබඳ විශ්වීය සාරධර්ම අගය කිරීමට සහ ගෞරවාදරයට පත් කිරීම සඳහා අපිද එක්වන්නෙමු. 

ලොව පුරා වෙසක් දිනය සමරන බෞද්ධයන් හා එක්වීමට විවිධත්වයෙන් හා උද්දාමයෙන් යුතු බෞද්ධ ප්‍රජාවක් එක්සත් ජනපදය සතුවීමද ආඩම්බරයකි. සහශ්‍ර දෙකකට වැඩි කාලයක් බුදු දහමේ ආධ්‍යාත්මික හා සංස්කෘතික හරයන් පොදු මානව වර්ගයා සාරවත් කර ඇත.

ඔබ සියලු දෙනාට ප්‍රීතිමත් සහ සාමකාමී වෙසක් මංගල්‍යයක් වේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු‘

(055)



අදහස් (3)

ඇමෙරිකාවෙන් වෙසක් දින පණිවිඩයක්

sg Sunday, 29 April 2018 11:43 AM

දැන් ලංකාවත් වැඩියෙන් ඇමෙරිකාව කියන විදිහට වැඩ කරන නිසා සුබ පතන්නම ඕනෑ...

:       19       54

Sapumal. Sunday, 29 April 2018 12:07 PM

සැබවින්ම ඔබතුමන්ගේ අදහස්වලට අපගේ ප්‍රසංසාව සහ ස්තුතිය." උද්දාමයෙන් යුතු බොදුනුවන් ප්‍රජාවක් ඇමෙරිකාව තුල සිටීම ආඩම්බරයක් " යන්න අපටද ආඩම්බරයකි.

:       0       62

A. Samathasena. Sunday, 29 April 2018 02:19 PM

සැබවින්ම ඇමෙරිකාව අපගේ බුදුදහම ගැන මෙවැනි ප්‍රතිචාරයක් දැක්වීම ඉතාමත් ප්‍රශංසා කලයුතු ක්‍රියාවක්. විශ්වය පුරා පවතින බුද්ධ බලයේ මහානුභාවය නිසයි මෙවැනි දේ මෙසේ සිදුවන්නේ. සුනාමියේදී බුද්ධ රූපයක් අලවා තිබුණු බිත්තියක්වත් පෙරලුනේ නැතිවීම ගැන විදෙස් විද්වතුන්ගේ විමතියට හේතු වුණා. මගේ ප්‍රංශ ජාතික ජීව විද්‍යාඥයකු ලෝ පතල බෞද්ධ සිද්ධස්ථානවල ඡායාරූප ගෙන ඒවා ලෝකප්‍රසිද්ධ කරනු ලබනවා. ඔහුගේ එම ඡායාරුප වලට විචාර ලිවීමට කොමිටිය විසින් මා වෙතද යොමු කරනවා. මේවා සිදු වන්නේ උතුම් වූ බුද්ධ බලයේ අනුහසින් බව මා හොඳාකාරවම දන්නවා. මෙවන් දේ ඇසීමත් දැකීමත් පිනක්ම නේදැයි මට එවන් අවස්ථාවල සිතෙනවා.

:       46       1109

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි
2025 පෙබරවාරි මස 05 9 0

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්


ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 526 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 709 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 197 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 202 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 814 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site