IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


ඇමරිකාව පීඩනය වැඩිකරයි

රොයිටර් ඇසුරිනි - 055

උතුරු කොරියාව තම හමුදාවේ 85 වැනි සංවත්සර උළෙල හමුදා අභ්‍යාස ද කරමින් අඟහරුවාදා   දිනයේදී සමරනු ලැබීය. කොරියානු අර්ධද්වීපයේ අර්බුදකාරී තත්ත්වය දිනෙන් දින උග්‍ර අතට හැරෙන අවස්ථාවකදී තම හමුදා බලය පෙන්වමින් උතුරු කොරියාව හමුදාව 85ක් ගෙවීමේ සතුට සමරද්දි ඇමෙරිකාව දකුණු කොරියාව වෙත සබ්මැරීනයක් එවීය.

ඇමෙරිකාවට අයත් ප්‍රහාරක ගුවන් යානා 100කට වැඩි සංඛ්‍යාවක් රැගෙන යා හැකි ඇමෙරිකා නාවික හමුදාවට අයත් යුඑස්එස් කාල් වින්සන් නෞකාව මේ වනවිට කොරියානු අර්ධද්වීපය වෙත ළඟා වෙමින් තිබේග දකුණු කොරියාව වෙත ළඟා වූ සබ්මැරීනය යු එස්එස් මිචිගන් බව පැවසෙන අතර ඊට න්‍යෂ්ටික මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ද තිබේ. ඒ අතරවාරයේදී උතුරු කොරියාව සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන දකුණු කොරියාවේල ජපානයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිලධාරීහු ටෝකියෝවලදී හමු වී සාකච්ඡා පැවැත්වූහ.

එක්සත් ජාතීන්ගේ සම්බාධක නොසලකා හරිමින් උතුරු කොරියාව තවත් න්‍යෂ්ටික හෝ දිගු දුර මිසයිලයක් අත්හදා බලනු ඇතැයි පසුගිය සති කිහිපයේදී ජාත්‍යන්තරය තුළ බියක් ඇති කර තිබිණිග විශේෂයෙන්ම අඟහරුවාදා දිනයේදී ඔවුන් එවැනි අත්හදා බැලීමක් කරනු ඇතැයි ඇමෙරිකාව සහ දකුණු කොරියාව පසුගිය දින කිහිපයේදී නිරන්තරයෙන් පැවැසීයග

එහෙත් න්‍යෂ්ටික හෝ මිසයිල අත්හදා බැලීම් වෙනුවට උතුරු කොරියාව නැගෙනහිර වෙරළ තීරයේ වොන්සැන් පළාතේ දිගු දුර කාලතුවක්කු ඒකක ස්ථාපිත කරමින් සජිවී යුද අභ්‍යාසකය නිරත වූ බව දකුණු කොරියා ආරක්ෂක අංශ නිවේදනය කළේය. වොන්සන් හි උතුරු කොරියාවට අයත් ගුවන් කඳවුරක් තිබෙන අතර එහි මිසයිල ද අත්හදා බලයි.



අදහස් (4)

ඇමරිකාව පීඩනය වැඩිකරයි

ලුම්බිණි Thursday, 27 April 2017 03:39 AM

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියල කියමනක් තියනවා.

:       12       11

Mahee Thursday, 27 April 2017 06:11 AM

හිට්ලර් වගේ හිතන ඒකාධිපතියන් කිහිපදෙනෙක් ලෝකය වැනසුව. හැබැයි ඉවරවුනේ තමන්ටම විනාශය ලබාගෙන. කිම් ජොං කොහාටද?

:       28       4

kumar (galf) Thursday, 27 April 2017 11:13 AM

උතුරු කොරියාව නිකන් ඉල්ලාගෙන බඩ පිරෙන්නම කන්න හදනවා.

:       48       72

de silva Friday, 28 April 2017 06:50 PM

විරයා වගේ හිටියට වැඩේ වැරදුණොත් මැරෙන්නේ අහිංසක රට වැසියෝ...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

අඳුරු කාමරයක සිරගත කෙරුණු බටලන්ද අද හිරු එළිය දුටුවා
2025 මාර්තු මස 14 567 0

ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස


‘‘ලෙඩ සතුන් මසට විකුණනවාලු‘‘
2025 මාර්තු මස 14 219 0

හැටන් වටවල ප්‍රදේශයේ සත්ව ගොවිපලක විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන් මස් කඩ වලට අලෙවි කිරීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවෝ එම සත්ව ගොවිප


බටලන්ද අද පාර්ලිමේන්තුවට
2025 මාර්තු මස 14 464 5

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


මූතූර් ද්විත්ව ඝාතනයක්
2025 මාර්තු මස 14 184 0

මූතූර් තාහා නගර් නිවසක අද (14) අලුයම කාන්තාවන් දෙදෙනකු කපා කොටා මරා දමා දැරියකට තුවාල කර ඇතැයි මූතූර් පොලිසිය කියයි .


තැනින් තැනට අදත් වැස්ස
2025 මාර්තු මස 14 95 0

බස්නාහිර, සබරගමුව, සහ දකුණු පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


ප්‍රසිද්ද රැප් ගායකයෙක් ගිනි අවියක් සමග මාට්ටු
2025 මාර්තු මස 14 1692 4

ප්‍රසිද්ධ රැප් ගායකයකු වන බව කියන පුද්ගලයකු ගිනි අවියක් සමගින් මීගොඩ අරලිය උයන ප්‍රදේශයේ අද (14) දින අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 214 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 506 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 246 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site