උතුරු කොරියාව ඉකුත් දා අත්හදා බලන ලද්දේ මොනයම් වර්ගයේ මිසයිලයක් ද යන්න සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී ඇමෙරිකාව හා රුසියාව අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ.
මේ මස මුලදී උතුරු කොරියාව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලූ අතර එම අත්හදා බැලීම සම්බන්ධයෙන් එරටට එරෙහිව සම්බාධක පැනවිය යුතු බවට ජාත්‍යන්තරයෙන් පීඩනයක් එල්ල විය. ඇමෙරිකා එක්සත් ජනපදය එහි ප්‍රමුඛත්වය ගත්තේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට පත් කර සිටින ඇමෙරිකා නියෝජිත නිකී හේලී මහතා ආරක්ෂක කවුන්සිලයේ ඇමෙරිකා හිතවත් පාර්ශව සමඟ වෙනමම සාකච්ඡාවක් පවත්වා තිබේ. උතුරු කොරියාව ඉකුත් දා අත්හදා බලන ලද්දේ අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් යැයි විශේෂඥයෝ මෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකයෝ ද පැවැසූහ.
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ බව වාර්තා වන අතර ඊට රුසියානු හා චීන පාර්ශව ද මැදිහත්ව තිබේ.
උතුරු කොරියාව දියත් කළ මිසයිලය සම්බන්ධයෙන් රුසියානු සහ ඇමෙරිකා එක්සත් ජනපද විශේෂඥයන් තොරතුරු හුවමාරු කරගත් බව ආරක්ෂක කවුන්සිලයේදී රුසියාව ප්‍රකාශ කළ බව ද එක්සත් ජාතීන්ගේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහූ ප්‍රකාශ කළහ.
ජූලි 4 වැනිදා උතුරු කොරියාව දියත් කරන ලද මිසයිලය මධ්‍ය දුර මිසයිලයක් බව සඳහන් කරමින් රුසියාව ජූලි 8 වැනිදා කෙටි විස්තරයක් සහ ඡායාරූප සටහනක් 15 දෙනකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට යොමු කරන ලදි. රුසියාවේ එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් උතුරු කොරියාව අත්හදා බලන ලද්දේ අන්තර්මහද්වීපික මිසයිලයක් බව ඇමෙරිකාව ආරක්ෂක කවුන්සිලයේදී ප්‍රකාශ කිරීමත් සමඟ එලෙස උණුසුම් තත්ත්වයක් ඇති විය.
උතුරු කොරියාව අත්හදා බලන මධ්‍ය දුර බැලැස්ටික් මිසයිල ද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ දැඩි විවේචනයට ලක්ව තිබේ. කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට සම්බාධක පැනවිය යුත්තේ දිගු දුර මිසයිල අත්හදා බැලීමකදී හෝ න්‍යෂ්ටික ආයුද අත්හදා බැලීමකදී හෝ යැයි එහිදි චීන හා රුසියානු නියෝජිතයන් ප්‍රකාශ කළ බව එක්සත් ජාතීන්ගේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහූ තවදුරටත් ප්‍රකාශ කළහ.
(රොයිටර් 055)
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඇමෙරිකාව-රුසියාව අතර උණුසුම් වාග් සටනක්