(රංජන් කස්තුරි)
එස් ඇඹිලිපිටිය පෞද්ගලික විදුලි බලාගාරයෙන් ලබාගත් විදුලිය වෙනුවෙන් එම ආයතනයට ගෙවිය යුතුව තිබූ රුපියල් කෝටි 84 ක මුදල ගෙවීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා ලංවිම පාලනාධිකාරිය විශේෂ අවසරයක් ලබා දී තිබේ.
ඒ අනුව එම රුපියල් කෝටි 84 ක මුදල එස් - ඇඹ්ලිපිටිය ආයතනයට පෙරේදා (17) ගෙවූ බව ලංවිම පාලනාධිකාරිය සඳහන් කරයි.
ඒස් පවර් ඇඹිලිපිටිය බලාගාරයෙන් දින 22ක කාලයකදී විදුලිය මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි 84 ක මුදලක් එම ආයතනයට ගෙවීමට තිබූ අතර ඊට ගෙවීම ලංවිම නියෝජ්‍ය සමාන්‍යධිකාරී සුජීව අබේවික්‍රම මහතා ප්‍රතික්ෂේප කළ අතර පසුව ලංවිම පාලනාධිකාරිය ඔහුගේ සේවය අත්හිටුවා තිබුණි.
මේ අතර එස් පවර් ආයතනයට මුදල් ගෙවීම සඳහා විශේෂ අවසරයක් ලබා දෙන්නැයි ලංවිම සාමාන්‍යාධිකාරී ඒ.කේ. සමරසිංහ මහතා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබිණි.
එම ලිඛීත ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතා ඒ සඳහා විශේෂ අවසරය ලබා දී ඇත.
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා
දැනට ප්‍රතිව්‍යුහගත කර ඇති සමුපකාර තොග වෙළඳ සංස්ථාව සතුව තිබූ පැයකට සහල් ක්ලෝ ග්‍රෑම් 2000 බැගින් සැකසීමේ ධාරිතාවයකින් යුත් හිඟුරක්ගොඩ සහ පන්නෙගමුව සහ
ග්‍රෑන්ඩ්පාස් සහ කොටහේන ප්‍රදේශවලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (4) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්
ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඇඹිලිපිටිය බලාගාරයට කෝටි 84 ක් ගෙවයි
Mahee Friday, 20 July 2018 01:07 AM
දවස් 22 කට කෝටි 84 ක්! යකෝ හෙන ගහන අපරාදයක් නේ. කාට කාටත් වාසි ඇති එහෙනම්.
wedage Friday, 20 July 2018 08:12 AM
බටගොඩට ලොකු වාසියක් ඇති... මම දන්නා බටගොඩයෙක් හිටියා. එයා නම් හද්ද හොරෙක් තමයි.
සෙල්ලයියාSunday, 22 July 2018 01:40 PM
එයා තමයි මේ... ඉස්සරත් සුද්දය තමයි කළේ...