IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ඇල්ල සංචාරක හෝටලයකදී විදේශිකයකුට පිහි පහර

(හාලිඇල- විජේරත්න රත්නායක )
 

ඇල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී ඇතිවූ ආරවුලකින් තුවාල ලැබූ විදේශීය සංචාරකයෙක් ප්‍ර‍තිකාර සඳහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.


පිහි ඇනුමකින් තුවාල ලබා මෙසේ රෝහල් ගතකොට ඇත්තේ චෙක් ජනරජයේ  පුරවැසියෙකු වන මාටින් සෝවා නම් අයෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම රටේම අයෙකු වන පීටර් මලීන් නම් පුද්ගලයෙකු ඇල්ල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.


 චෙක් ජනරජයේ  පුරවැසියන් වන සංචාරක යුවළ දෙකක් ඇල්ල හල්පෙ ප්‍රදේශයේ හෝටලයක නතරවී ඇති අතර එම යුවළ දෙකේ පිරිමින් දෙදෙනා අතර ඇතිවූ ආරවුලකදී මෙසේ සැකකරු විසින් තුවාලකරුට පිහියකින් ඇනීමට උත්සාහ කිරීමේදී ඔහු තුවාල ලබා ඇතැයි වාර්තාවේ.


ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍ර‍ධාන පොලිස් පරීක්ෂක අලගියවන්න මහතාගේ උපදෙස් මත සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන අතර සැකකරු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ. 



අදහස් (12)

ඇල්ල සංචාරක හෝටලයකදී විදේශිකයකුට පිහි පහර

පීරිස් Saturday, 06 January 2018 05:07 AM

මේ දෙදෙනාම විදේශිකයන් හෙයින් රෝහල් ගත කිරීමට හෝ නඩු පැවරීමට හෝ නොහැක.

:       83       389

Pothe guraaSaturday, 06 January 2018 05:50 AM

ඔබගේ නීති උපදෙස් ගන්න ගොඩ පෙරකදෝරුවා කව්ද?

:       18       76

asad Saturday, 06 January 2018 07:13 AM

මම හිතන්නේ බමුණුආරච්චි මහත්තයා වෙන්න ඇති.

:       10       17

kidSaturday, 06 January 2018 08:08 AM

ජි ඇල් මහත්තයා ඉන්නේ පිටරටක නම් තමයි.

:       1       111

සම්පත්Saturday, 06 January 2018 06:35 AM

මෙවැනි රට්ටුන් මෙලොවට බිහිකළ මව්පියන්හට මගේ හද පිරි මෙව්වා එක... තමයි කියන්න වෙන්නේ...

:       1       18

SanjaySaturday, 06 January 2018 07:12 AM

නියම උපහාසාත්මක වැකියක්...

:       1       16

BuddySaturday, 06 January 2018 11:25 AM

ඔව්, නියමයි. මේ කියන්නේ අර්ජුන්ලා ගැනනේ. කාටවත් තේරිලා නෑ වගේ...

:       0       42

pakeer Saturday, 06 January 2018 07:45 AM

පීරිස් මහත්තයා, අනේ දන්නේ නැත්නම් මෝඩ කතා නොකියා ඉන්නකෝ.. අපේ දේශපාලකයෝ වගේ. ඒවාට නීති තියෙනවා. දන්නේ නැත්නම් අදාළ කන්ස්ටිටියුෂන් එක අරන් කියවන්න.

:       11       41

BuddySaturday, 06 January 2018 11:28 AM

හයියෝ ඔබතුමා, ඇයි අර්ජුන් මහේන්ද්‍රන් මැතිතුමාට විතරද එහෙම කියන්න හොඳ?

:       13       19

Bawa Saturday, 06 January 2018 08:22 AM

ලංකාවේ පුරවැසිභාවය ගන්න සුදුසුකම් ඔක්කොම තියෙනවා. කැමැතිනම් පොහොට්ටුවෙන් ඉල්ලලා බලන්නත් පුළුවන්...

:       93       136

Daya Saturday, 06 January 2018 09:20 AM

මෙතන කමෙන්ට් දාන අයගේ පණ්ඩිත සහ බහුශ්‍රැත දැනුමේ තරම තමයි පේන්නේ. විදේශිකයෙක් රෝහල්ගත කළ හැක. ඔහුට නිදහස් රෝහල් සේවයක් හිමි නොවෙයි. මුදල් ගෙවිය යුතුයි. ශ්‍රී ලංකා භූමිය තුළදී සියලු දෙනා එහි නීතියට යටත් වේ.. (නීතිය පොතට පමණක් සීමා වී ඇති බව කරුණාවෙන් සලකන්න)

:       19       16

minipe Sunday, 07 January 2018 12:46 AM

මේක සාමාන්‍ය වලියක්, මොකටද මෙතන වළි දාගන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 106 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 177 0

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


අරාබි රටේ ලාංකික කෑම විකුණන්න අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 05 134 0

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව


ලුණු මිල වැඩි වෙයි
2025 පෙබරවාරි මස 05 248 0

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.


වී ගන්න කෝටි 500ක් වෙන්කරයි
2025 පෙබරවාරි මස 05 120 0

වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ


’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’
2025 පෙබරවාරි මස 05 951 0

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site