IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


‘ඇලෝසියස් හිරේදී ඇමැතුම් ලබා දුන්නේ කාටදැයි හෙළි කරන්න‘

 ( නාලක සංජීව දහනායක)

 
බන්ධනාගාරගතව සිටින පර්පචුවල් ටෙ‍්‍රෂරිස් සමාගම් සමූහයේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස්ගේ මෙට්ටය යට තිබියදී සොයාගත් ජංගම දුරකථනවලින් ඇමතුම් ලබාදුන් අය පිළිබඳව  සහ ඔහුට ජංගම දුරකථන තුනක් හා සිම්කාඩ්පත් පහක් ලැබුණු ආකාරය පිළිබඳව වහාම හෙළි කරන ලෙස ඒකාබද්ධ විපක්‍ෂය රජයෙන් ඉල්ලීමක් කරයි.


බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (06) පැවැති  මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තේනුක විදානගමගේ මහතා මෙම ඉල්ලීම කළේය.


       මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය


බන්ධනාගාර ගතව සිටින අර්ජුන් ඇලෝසියස්ගේ මෙට්ටය යට තිබිලා සිම්කාඩ් පහක් හා දුරකථන තුනක් හමුවී තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ සත්‍ය තත්ත්වය අධිකරණයට වාර්තා කිරීම සම්බ්නධයෙන් අපි නීතිපති දෙපාර්තමේන්තුවට ස්තූතිය පළ කරනවා. 
 
බන්ධනාගාර ගතව සිටින අයට සිම්කාඩ් සහ දුරකථන ලැබුණේ කොහොමද කියලා රජය ඉතාම ඉක්මනින් හෙළි කළ යුතුයි.
 එමෙන්ම ඒ දුරකථනවලින් ඇමතුම් ගත්තේ කාටද කියන එකත් හෙළි කළ යුතුයි. බන්ධනාගාර ගතවන පුද්ගලයන්ට දුරකථන පහසුකම්,  නිදාගන්න මෙට්ට ආදි පහසුකම් ලැබෙන්නේ නැහැ. දේශපාලන පළිගැනීම් මත මමත් සිරගතව සිටියා. අර්ජුන් ඇලෝසියස්ට ලැබෙන පහසුකම් නොලැබුණ බවද කීය.

අල්ලස්  හෝ දුෂණ කොමිෂන් සභාවට  ඉදිරිපක් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා  අද (06) එහි පැමිණියේය.

පර්පෙචුවෙල් ටෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන ඇලෝසියස්  සහ  මන්ත්‍රී සුජීව සේනසිංහ මහත්වරුන්  අතර  පැවැති දුරකතන සංවාදයක් පිළිබඳව සහ   සුජිව සේනසිංහ මහතාගේ හා ඔහුගේ ඥාතීන්ගේ වත්කම්  සම්බන්ධයෙන්  මීට පෙර අවස්ථාවකදී  අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාවට ෂෙහාන් සේමසිංහ මහතා කළ පැමිණිල්ලකට අදාලව මෙම ප්‍රකාශය ලබා දීමට නියමිතව තිබිණි.

(ඡායාරූපය - ඉෂාන් සංජීව)



අදහස් (2)

‘ඇලෝසියස් හිරේදී ඇමැතුම් ලබා දුන්නේ කාටදැයි හෙළි කරන්න‘

nuwan Friday, 06 July 2018 12:38 PM

පුළුවන් නම් ඇමතුම් ලැබුණු අයගේ නම් හෙළි කරන්න. අනිවාර්යයෙන් මාමාටත් කතා කරන්න ඇති.

:       0       6

Raveendra Saturday, 07 July 2018 03:04 AM

පතිරණ මයා අපට " 0.00000000001% පමණ යම්කිසි " විශ්වාසයක් තිබෙනවා... ඔබ ගැන එය වර්ධනය කර ගැනීමට උත්සාහ කරන්න. අප, ඔබ අදාළ මූසල පාටට මෙන් අනෙකුත් රටේ තිබෙන මූසල පාටවලටත් අපගේ කිසිදු පැහැදීමක් නැති බවත් සඳහන් කිරීමට කැමැත්තෙමු. ඔබත් අපගේ බදුමුදල් වලින් යහමින් තුන්වේල පිනට ගිලදමන බොබිලෙක් බවත් සඳහන් කරන්නෙමු. මඩවලක ලැග්ගොත් අම්බරුවන් සමග ගොඩඑන්නේ මඩත් සමග බව වෙද්‍යවරයෙක් වන ඔබ නොදැනීම පිළිබඳව අප කනගාටු වන්නෙමු.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 70 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 189 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 757 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 780 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1043 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 240 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 196 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site